සලමොන්ගේ ගීතිකාව 6:1-13

6  “තරුණියන් අතරේ රුවැත්තිය,+ ඔබේ පෙම්වතා ගියේ කොතැනටද? ඔහු ගිය තැන අපිට කියන්න. ඔහුව සොයා යෑමට අපිත් ඔබ සමඟ එන්නම්.”  “මගේ පෙම්වතා සුවඳ මල්වලින් පිරුණු+ ඔහුගේ උයනට ගොස් ඇත.+ බැටළුවන්ට තණ කවන්නත්+ ලිලී මල් නෙළන්නත් ඔහු එහි ගියේය.  මගේ පෙම්වතාගේ හිමිකාරිය මමයි. මගේ හිමිකාරයා ඔහුයි.+ ඔහු ලිලී මල් පිපුණු තණබිමක තම බැටළුවන්ට තණ කවන්නේය.”+  “මාගේ පෙම්වතිය,+ ඔබ තිර්ෂා නගරය මෙන් ඉතා ප්‍රියකරුය.+ යෙරුසලම මෙන් මනහරය.+ කොඩි අතැති+ යුධ සේනාවක් මෙන් ඔබ තේජාන්විතය.+  ඔබේ දෙනෙත් මා සසල කරවන්නේය. එහෙයින් මා දෙස නොබලන්න.+ ඔබේ වරලස ගිලියද් කඳුකරයෙන් බැස එන එළු රංචුවක් මෙනි.+  ඔබේ ලස්සන දත් දෙපළ නැහැවූ සුදෝ සුදු බැටළුදෙනුන් මෙනි. එයින් එකක්වත් අඩු නොවී+ සියල්ල පිළිවෙළට, ලස්සනට පිහිටා ඇත.  මුහුණු වැස්ම අතරින් දිස් වන ඔබේ නළල් දෙකෙළවර දෙළුම් පළු මෙන් දිලිසෙන්නේය.+  මට බිසෝවරු හැටදෙනෙක් සිටියත් උපභාර්යාවෝ අසූදෙනෙක් සිටියත් කන්‍යාවෝ අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් සිටියත්+  මගේ හද දිනූ පරෙවිදෙනත්+ නිකැළැල්* ළඳත්+ ඔබය. ඔබේ මව්ගේ ප්‍රියතම දැරියත් ඇගේ ආඩම්බරයත් ඔබය. තරුණියෝද බිසෝවරුද උපභාර්යාවෝද ඔබව දැක ඔබේ ගුණ වර්ණනා කළෝය.+ 10  ‘අරුණාලෝකය මෙන්+ තේජවත්ව පැමිණෙන මේ යුවතිය කවුද?+ ඇය පුර සඳ මෙන් ශෝභමානය.+ හිරු කිරණ මෙන් දීප්තිමත්ය.+ කොඩි අතැති යුධ සේනාවක් මෙන් උදාරය.’”+ 11  “මම කජු ගස්* උයනට ගියෙමි.+ නිම්නයේ ඇති ගස්වල මල් පොහොට්ටු පිපී ඇද්දැයි බැලීමටත්+ මිදිවැල දලු ලා, දෙළුම් ගස්වල මල් පීදී ඇද්දැයි බැලීමටත්+ මම ගියෙමි. 12  මම උයනේ සැරිසරමින් සිටියදී නොදැනුවත්වම රජුගේ පිරිවර වෙතට* ආවෙමි.” 13  “ෂූලම්මීය ළඳේ, හැරී එන්න. අපිට ඔබව හොඳින් දැක බලා ගැනීමට+ හැරී එන්න.” “මා ෂූලම්මීය ළඳකි. මා දෙස බැලීමට තරම් මගේ ඇති විශේෂත්වය කුමක්ද?”+ “ඔබ, මහනායිම්හි* පවත්වන රංගනය තරම් අතිසුන්දරය.”

පාදසටහන්

සල 5:2හි පාදසටහන බලන්න.
මෙහි සඳහන් වන්නේ, ඊශ්‍රායෙල් දේශයේ හැදුණු කජුවලට සමාන පල දරන ගස් වර්ගයක් ගැනය.
හෝ, “මාගේ සෙනඟගේ අශ්ව රථ වෙතට.”
හෝ, “කඳවුරු දෙකේ රංගනය.”