සෙකරියා 1:1-21

1  දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ අටවන මාසයේ යෙහෝවා දෙවි අනාගතවක්තෘ සෙකරියාට පණිවිඩයක් දුන්නේය.+ සෙකරියා බෙරෙකියාගේ පුත්‍රයාය. බෙරෙකියා ඉද්දෝගේ+ පුත්‍රයාය. දෙවි සෙකරියාට දුන් පණිවිඩය මෙයයි.  “යෙහෝවා දෙවි වන මම ඔබේ පියවරුන් සමඟ බොහෝ සේ උදහස් වුණෙමි.+  “ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන යෙහෝවා දෙවි වන මා පවසන මේ දේ ජනතාවට දන්වන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන මා යෙහෝවා දෙවිය.* මා වෙතට හැරී එන්න.+ එවිට මමද ඔබ වෙතට හැරී එන්නෙමි.’+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.”  “‘ඔබ ඔබේ පියවරුන් මෙන් ක්‍රියා නොකරන්න.+ “ඔබ කරන නරක දේවල් අත්හැර ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එන්න”+ කියා අනාගතවක්තෘවරු ඔබේ පියවරුන්ට පැවසුවෝය.’”+ “‘නමුත් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් මා කියූ දේට ඔවුහු ඇහුම්කන් දුන්නේ නැත. යෙහෝවා දෙවි වන මා කී දේ ගණනකටවත් ගත්තේ නැත.+  “‘ඔබේ පියවරු අද ජීවතුන් අතර නැත.+ ඔබේ පියවරුන්ගේ කාලයේ ජීවත් වූ අනාගතවක්තෘවරුද මිය ගොස් ඇත.+  නමුත් මාගේ සේවකයන් වූ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ සෑම දෙයක්ම එලෙසම ඉටු වූයේ නැද්ද?+ මා තීන්දු කළ දේද එලෙසම සිදු වූයේ නැද්ද?+ ඔබේ පියවරු ඒ සියල්ල ඔවුන්ගේ ඇස් දෙකෙන්ම දුටුවෝය.’ ඒ නිසා ඔවුන්ට මෙසේ පිළිගැනීමට සිදු විය. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තමා කියූ ලෙසම අපට ප්‍රතිඵල දුන්නේය.’”+  දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ එකළොස්වන මාසයේ එනම්, ෂෙබට් මාසයේ විසිහතරවන දින, යෙහෝවා දෙවි ඉද්දෝගේ+ පුත්‍රයා වූ බෙරෙකියාගේ පුත් අනාගතවක්තෘ සෙකරියාට+ මෙම දර්ශනය පෙන්වූවේය.  “මම රාත්‍රියේ රතු පැහැති අශ්වයෙකු පිට නැඟ සිටින+ මිනිසෙකුව දුටුවෙමි.+ ඔහු නිම්නයේ තිබුණු මරඳ ගස්+ අතරෙහි නැවතී සිටියේය. ඔහු පිටුපසින් තවත් අශ්වයන් සිටිනවා මම දුටුවෙමි. උන් රතු, දුඹුරු සහ සුදු පැහැති අශ්වයෝය.”+  එය දුටු මම, “මගේ ස්වාමීනි, මේ අසරුවන් කවුද”+ කියා ඇසුවෙමි. “මේ අසරුවන් කවුද කියා මම ඔබට කියන්නම්” කියා මා සමඟ කතා කළ දේවදූතයා මට කීවේය.+ 10  එවිට මරඳ ගස් අතරේ නැවතී සිටි මිනිසා මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මේ අසරුවන්ව එවා තිබෙන්නේ පොළොවේ අස්සක් මුල්ලක් නෑර ගමන් කර එය සෝදිසි කර බැලීමටයි.”+ 11  ඉන්පසු මරඳ ගස් අතරේ සිටගෙන සිටි යෙහෝවා දෙවිගේ දූතයාට ඒ අසරුවෝ මෙසේ කීවෝය. “අපි අස්සක් මුල්ලක් නෑර මුළු පොළොව පුරාම ගමන් කළෙමු.+ එහි සෑම තැනක්ම සන්සුන්ව සාමකාමීව තිබේ.”+ 12  එවිට යෙහෝවා දෙවිගේ දූතයා මෙසේ කීවේය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ඔබ අවුරුදු හැත්තෑවක් පුරා යෙරුසලමත් යූදා දේශයේ සියලු නගරත් හෙළාදුටුවෙහිය.+ ඔබ තව කොපමණ කල් එහි වැසියන්ට දයාව නොපෙන්වා සිටින්නෙහිද?”+ 13  යෙහෝවා දෙවි, සැනසිල්ලක් ගෙන දෙන අයුරින් ඒ දේවදූතයාට කාරුණිකව පිළිතුරු දුන්නේය.+ 14  මා සමඟ කතා කරමින් සිටි ඒ දේවදූතයා තවදුරටත් මට මෙසේ කීවේය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පැවසූ මේ පණිවිඩය සියලුදෙනාටම ඇසෙන්න කියන්න. ‘මාගේ සෙනඟට සිදු කළ දේ දැක මගේ උදහස බොහෝ සෙයින් ඇවිළුණේය. මම යෙරුසලම හා සියොන් වෙනුවෙන් නැඟී සිටින්නෙමි.+ 15  මාගේ සෙනඟ සමඟ මා උදහස් වූ බව ඇත්තයි. නමුත් මගේ උදහසට සීමාවක් තිබිණ.+ නමුත් ජාතීහු සීමාව ඉක්මවා ඔවුන්ට පීඩා කර ඔවුන්ව අන්ත අසරණ තත්වයකට පත් කළෝය.+ කිසි කරදරයක් නැතුව සුරක්ෂිතව සිටින ඒ ජාතීන් සමඟ මම බොහෝ සෙයින් උදහස්ව සිටින්නෙමි.’”+ 16  “එබැවින් යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. ‘“මම යෙරුසලමට යළි දයාව පෙන්වන්නෙමි.+ මාගේ ගෘහය නැවතත් යෙරුසලමෙහි ගොඩනඟන්නෙමි.+ යෙරුසලම යළි ගොඩනඟන පිණිස එය ලණුවකින් මනිනු ලබන්නේය.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.’ 17  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පැවසූ මෙම පණිවිඩයත් සියලුදෙනාටම ඇසෙන සේ කියන්න. ‘මාගේ නගරවලට මම නොඅඩුව ආශීර්වාද කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම සියොන්ට අනුකම්පා කර+ නැවතත් යෙරුසලම තෝරාගන්නෙමි.’”+ 18  මම නැවත දර්ශනයක් මාර්ගයෙන් අං සතරක් දුටුවෙමි.+ 19  “මා දකින මේ දේවල තේරුම කුමක්ද” කියා මා සමඟ කතා කරමින් සිටි දේවදූතයාගෙන් මම ඇසුවෙමි. “යූදා දේශයත්+ ඊශ්‍රායෙල් දේශයත්+ යෙරුසලමත්+ පාළු කළ බලවතුන්ව මේ අංවලින් නියෝජනය වන්නේය.” 20  ඉන්පසු යෙහෝවා දෙවි මට කම්මල්කරුවන් සතරදෙනෙකුව පෙන්වූවේය. 21  එවිට මම, “මේ අය මෙතැනට ඇවිත් සිටින්නේ ඇයි” කියා ඇසුවෙමි. ඔහු මෙසේ කීවේය. “ඔබ දුටු අංවලින්+ නියෝජනය වන්නේ යූදා දේශයේ එක් වැසියෙකුටවත් හිස ඔසවන්න බැරි වන තරමට ඔවුන්ට පහර දුන් බලවතුන්වයි. දැන් ඔබ දකින මේ කම්මල්කරුවන් ඇවිත් සිටින්නේ යූදා දේශයට විරුද්ධව නැඟී සිටින ඒ බලවතුන්ව විනාශ කර දමන්නයි.”+

පාදසටහන්

මෙම පොත තුළ 53 වතාවක් යෙහෝවා දෙවිව මෙලෙස හඳුන්වා ඇත.