හිතෝපදේශ 24:1-34
24 නපුරු මිනිසුන්ට ඊර්ෂ්‍යා නොකරන්න.+ ඔවුන්ගේ ඇසුරට ප්‍රිය නොකරන්න.+
2 මන්ද ඔවුන්ගේ නිරන්තර සිතුවිල්ල උගුල් ඇටවීමයි. ඔවුන් කතා කරන්නේ අන් අයට හානි පමුණුවන දේවල් ගැනමය.+
3 ප්‍රඥාවෙන් නිවසක්* ගොඩනැඟෙයි.+ වටහාගැනීමේ හැකියාවෙන් එය ස්ථිරව පිහිටුවනු ලැබේ.+
4 දැනගැන්ම නිසා එහි කාමර ඉතා අනර්ඝ මෙන්ම ප්‍රසන්න වූ සෑම දෙයකින්ම පිරී තිබේ.+
5 ප්‍රඥාවන්තව තම බලය යොදාගන්න මිනිසා සැබවින්ම ශක්තිමත්ය.+ දැනමුතුකම් ලබාගන්න මිනිසා තම බලය වැඩි කරගනියි.+
6 යුද්ධ කරන විට අන් අයගෙන් නැණවත් උපදෙස් පතන්න.+ උපදේශකයන් රාශියක් සිටින තැන ගැලවීම ඇත.+
7 මෝඩයාට සැබෑ ප්‍රඥාව අත් කරගත නොහැකිය.+ ඔහු කිසිවිටක නුවර දොරටුව අසලදී තම මුඛය නාරින්නේය.
8 නපුරුකම් කිරීමට කුමන්ත්‍රණය කරන තැනැත්තා දුෂ්ට උපා යෙදීමට අතිදක්ෂයෙකුයයි පවසනු ලැබේ.+
9 මෝඩකම හේතුවෙන් නින්දිත හැසිරීමට වැටුණොත් එය පාපයකි.+ සමච්චල් කරන්නාව ජනයා හෙළාදකිති.+
10 දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට+ පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.
11 මරණයට ගෙන යනු ලබන අයව ගලවාගන්න. මරණයට නියම කළ අයව බේරාගන්න.+
12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+
13 මාගේ පුත්‍රය, මීපැණි කන්න. එය ඔබට ගුණය. මීවදයෙන් වෑස්සෙන මිහිරි පැණිවලින් ඔබේ දිව පිනවන්න.+
14 ඒ ආකාරයෙන්ම ඔබ ප්‍රඥාව සොයාගන්නෙහි+ නම් ඔබට හොඳ අනාගතයක් තිබෙනු ඇත. ඔබේ බලාපොරොත්තු කඩ නොවන්නේය.+
15 ධර්මිෂ්ඨයාගේ නිවස කොල්ල කන පිණිස දුෂ්ටයෙකු මෙන් රැක නොසිටින්න.+ ඔහුගේ නිවස විනාශ නොකරන්න.+
16 ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය.+ එහෙත් දුෂ්ටයෝ විපතට හසු වී විනාශ වී යන්නෝය.+
17 ඔබට සතුරුකම් පාන කෙනෙකු විපතට වැටුණොත් ප්‍රීති නොවන්න. ඔහුගේ පය පැටලුණොත් සිතින් සතුටු නොවන්න.+
18 ඔබ ඒ ගැන සතුටු වුවහොත් යෙහෝවා දෙවි එය දැක ඔබ ගැන අසතුටු වන්නේය. ඒ තැනැත්තාට විරුද්ධව දෙවිට ඇති වූ කෝපයද පහව යන්නේය.+
19 අපරාධකරුවන් නිසා කේන්ති නොගන්න. දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොකරන්න.+
20 මන්ද නපුරු අයට කිසි අනාගතයක් නැත.+ දුෂ්ටයන්ගේ පහන නිවා දමනු ලැබේ.+
21 මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි කෙරෙහිත් රජු කෙරෙහිත් ගරුබියක් ඇතුව සිටින්න.+ කැරලිකරුවන්ගේ කල්ලියට එකතු නොවන්න.+
22 මන්ද කැරලිකරුවන්ගේ විනාශය කොතරම් ක්ෂණිකව+ පැමිණෙනවාද කිවහොත් එය පැමිණ අවසන් වන තෙක්ම කිසිවෙක් ඒ ගැන දැනගන්නේ නැත.+
23 මෙම කියමන්ද ප්‍රඥාවන්ත අය සඳහාය.+ විනිශ්චය කරද්දී පැති ගැනීම සුදුසු නැත.+
24 යමෙකු, “ඔබ ධර්මිෂ්ඨයි” කියා දුෂ්ටයෙකුට පවසන්නේ නම්+ ජනයා ඔහුව පිළිකුල් කරනු ඇත. ජාතීහු ඔහුව හෙළාදකිනු ඇත.
25 එහෙත් දුෂ්ටයෙකුට අවවාද කරන්නාට+ අත් වන්නේ යහපත් ප්‍රතිඵලය. ඔහුට මහඟු ආශීර්වාද අත් වේ.+
26 කිසිවක් නොසඟවා අවංකවම කාරණා පහදා දෙන තැනැත්තාව ආදරයෙන් සිපගනු ලැබේ.+
27 නිවසින් පිටත ඔබට ඇති වැඩකටයුතු සැලසුම් කර ඔබේ කෙත සකසන්න.+ ඉන්පසුව ඔබේ පවුල ගොඩනැඟීමටත් සැලසුම් යොදන්න.
28 කාරණා හරිහැටි නොදැන මෝඩ ලෙස කතා කර+ ඔබේ අසල්වැසියාට විරුද්ධව සාක්ෂි නොදෙන්න.+
29 “ඔහු මට විරුද්ධව යමක් කළොත් මමත් ඔහුට ඒ දේම කරමි.+ අනුන් මට කරන ලෙසම මමත් ඔවුන්ට කරන්නෙමි”+ යයි නොකියන්න.
30 අලසයාගේ+ කෙත ළඟින්ද අඥානයාගේ*+ මිදිවත්ත ළඟින්ද මම ගියෙමි.
31 ඔවුන්ගේ කෙත්වතු පුරාම වල් පැළෑටි හටගෙන තිබිණ.+ කටු ගස්වලින් ඒවා වැසී තාප්පද බිඳ වැටී තිබිණ.+
32 මම ඒ දෙස බලා පාඩමක් ඉගෙනගත්තෙමි.+ මම මේ දේ සිතට ගත්තෙමි.+
33 තව ටිකක් නිදාගත්තොත් තව ටිකක් හාන්සි වී සිටියොත් අත් දෙක බැඳගෙන හොඳට නිදාගත්තොත්+
34 දුප්පත්කම මංකොල්ල කන්නෙකු මෙන්ද අගහිඟකම් අවි ගත් මිනිසෙකු මෙන්ද හදිස්සියෙන්ම පැමිණෙනු ඇත.+