හිතෝපදේශ 27:1-27
27 හෙට දවස ගැන පුරසාරම් දෙඩීමෙන් වළකින්න.+ මන්ද දවසක් ඇතුළත කුමක් සිදු වෙයිද කියා ඔබ දන්නේ නැත.+
2 ඔබ ඔබටම ප්‍රශංසා කරගන්නවාට වඩා වෙනත් කෙනෙකු ඔබට ප්‍රශංසා කිරීම හොඳය. අන් අය ඔබ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරත්වා! නමුත් ප්‍රශංසා මුඛයෙන් ඔබ ගැනම කතා නොකරන්න.+
3 විශාල ගලක් බරය. වැලි මල්ලක්ද බරය.+ එහෙත් මෝඩයෙකු විසින් ඇති කරන දුක් කරදර උසුලන්න බැරි තරම් බරය.+
4 කෝපය දරුණුය. උදහස ජලගැල්මක් මෙනි.+ එහෙත් ඊර්ෂ්‍යාව දරාගත හැක්කේ කාටද?+
5 සැඟවුණු ප්‍රේමයකට වඩා අවංක සිතකින් දෙන අවවාදයක් හොඳය.+
6 ඔබට ප්‍රේම කරන කෙනෙකු ඔබේ සිත රිදෙව්වත් ඔහු එසේ කරන්නේ විශ්වාසවන්තකමින්ය.+ එහෙත් ඔබට වෛර කරන්නෙකුගෙන් බැගෑපත්ව ඉල්ලුවොත් මිසක ඔහු ඔබව සිඹින්නේ නැත.+
7 තෘප්තියට පැමිණි තැනැත්තා මීවදයක් පවා පාගා දමයි. එහෙත් බඩගිනිව සිටින කෙනෙකුට සියලු තිත්ත දේ පවා මිහිරිය.+
8 තම ගෙදරින් පලා යන මිනිසෙකු+ කැදැල්ල අත්හැර යන කුරුල්ලෙකු මෙනි.+
9 තෙලින්ද සුවඳ දුම්වලින්ද+ සිත සතුටු වෙයි. එලෙසම ආදරයෙන් උපදෙස් දෙන මිතුරෙකුගේ ඇසුරත් ඉතා ප්‍රසන්නය.+
10 ඔබේ මිතුරාවද ඔබේ පියාගේ මිතුරාවද අත් නොහරින්න. විපත්ති දවසකදී ඔබේ සහෝදරයාගේ නිවසට නොයන්න. මන්ද ඈතින් සිටින සහෝදරයෙකුට වඩා ළඟින් සිටින අසල්වැසියෙකු හොඳය.+
11 මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස+ ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.+
12 බුද්ධිමත් තැනැත්තා අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙයි.+ එහෙත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.+
13 නාඳුනන කෙනෙකු වෙනුවෙන් ඇප වී සිටින තැනැත්තාගේ වස්ත්‍රය පැහැරගන්න.+ දුරාචාරයේ යෙදෙන ස්ත්‍රියක සමඟ එක් වී සිටින තැනැත්තාගෙන් ඇපයක් ගත යුතුයි.+
14 යමෙකු උදේ පාන්දරින්ම නැඟිට මහා හඬින් තම අසල්වැසියාට ආශීර්වාද කරන්නේ නම් එය ශාපයක් ලෙස සලකනු ඇත.+
15 කැඩුණු වහලකින් නොනැවතී වැටෙන වැහි බිඳු නිසා නිවස එපා වන්නාක් මෙන් අඬදබර කරන බිරිඳක නිසාද නිවස අත්හැර යෑමට සිතෙයි.+
16 ඇගේ නියම චරිතය සඟවන්න වෑයම් කිරීම නිෂ්ඵලය. එය හරියට සුළඟ නවත්වාගැනීමට හෝ අතේ තෙල් පුරවාගැනීමට වෑයම් කරනවා හා සමානය.
17 යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක.*+
18 අත්තික්කා ගස රැකබලා ගන්නා එහි පල කන්නේය.+ තම ස්වාමියාව රැකබලා ගන්නාට ගෞරවය ලැබේ.+
19 මිනිසෙකුට වතුරෙන් තම මුහුණ බලාගත හැකි වන්නාක් මෙන් වෙනත් කෙනෙකුගේ සිතේ තිබෙන දේ දැනගැනීමෙන් තමන්ගේම සිතත් තේරුම්ගත හැක.
20 මිනී වළ හා සියල්ල දිරාපත් වන ස්ථානය+ සෑහීමට පත් වන්නේ නැත.+ එලෙසම මිනිසෙකුගේ ඇස්ද සෑහීමට පත් නොවන්නේය.+
21 රිදී පවිත්‍ර කිරීම සඳහා භාජනයක්ද+ රන් පවිත්‍ර කිරීම සඳහා උදුනක්ද තිබේ.+ එසේම, අන්‍යයන්ගෙන් ලබන ප්‍රශංසාව මගින් මිනිසෙකු කෙබඳු පුද්ගලයෙකුදැයි හෙළි වනු ඇත.+
22 මෝඩයෙකුව ධාන්‍ය ඇති වංගෙඩියක දමා කෙටුවත් ඔහුගේ මෝඩකම ඉවත් කිරීමට නොහැක.+
23 ඔබේ රැළේ තත්වය කෙබඳුදැයි ඔබ හොඳින් දැනගත යුතුය. ඔබේ රැළ ගැන හොඳ අවධානයකින් සිටින්න.+
24 මන්ද වස්තුව සදහටම පවතින්නේ නැත.+ ඔටුන්නද සියලු පරම්පරා දක්වාම පවතින්නේ නැත.
25 තණකොළ වියළී ගියත් අලුත් තණකොළ හටගනී. කඳුවල වැවෙන තණකොළ රැස් කරගනු ලැබේ.+
26 බැටළු පැටවුන්ගේ ලොම්වලින් ඔබට ඇඳුම් සාදාගත හැක.+ තණබිමක් ලබාගැනීමට එළුවන්ව දිය හැක.
27 ඔබටත් ඔබේ ගෙයි වැසියන්ටත් ඔබේ සේවිකාවන්ටත් එළුකිරිවලින් කිසි අඩුවක්ද නොතිබෙනු ඇත.+
පාදසටහන්
^ මූ.අ., “එක් මිනිසෙක් තවත් මිනිසෙකුව මුවහත් කරයි.”