හිතෝපදේශ 29:1-27

29  නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+  ධර්මිෂ්ඨයන් වැඩි වූ කල ජනයා ප්‍රීති වෙති.+ නමුත් පාලනය දුෂ්ටයෙකුගේ අතට පත් වූ විට ජනයා සුසුම්ලති.+  ප්‍රඥාවට ප්‍රිය කරන්නා තම පියාව සතුටට පත් කරයි.+ එහෙත් ගණිකාවන් සමඟ සම්බන්ධකම් පවත්වන්නා සියලු වටිනා දේ නැති කරගනී.+  රජෙකු යුක්තිය ඉටු කරන විට දේශය දියුණුවක් අද්දකියි.+ එහෙත් අල්ලස් දූෂණය නිසා දේශයක් පරිහානියට ලක් වෙයි.+  චාටු බස් දොඩන මිනිසා+ තම මිතුරා ඉදිරියේ දැලක් එළයි.+  දුෂ්ටයෙකු කරන වැරදි ක්‍රියා ඔහුටම උගුලක් වේ.+ එහෙත් ධර්මිෂ්ඨයා සතුටු සිතින් ප්‍රීති ඝෝෂා නඟයි.+  ධර්මිෂ්ඨයා දුප්පතාගේ අයිතිවාසිකම් සුරැකීමට උනන්දු වෙයි.+ නමුත් දුෂ්ටයා ඒ ගැන කිසි සැලකිල්ලක් නොදක්වයි.+  පුරසාරම් දොඩන අය ගින්නක් අවුළන්නාක් මෙන් නුවරේ වැසියන්ව උසිගන්වන්නෝය.+ එහෙත් ඥානවන්තයෝ කෝපය නිවා දමන්නෝය.+  ඥානවන්තයෙකු මෝඩයෙකු සමඟ නඩුවකට පැටලුණොත් මෝඩයා කෑගසමින් සිනාසෙයි. ඔහු නිසා ඥානවන්තයාට කිසි සැනසිල්ලක් නොලැබෙයි.+ 10  ලේ පිපාසිත මිනිසා නිර්දෝෂ අයට ද්වේෂ කරයි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අය ඔවුන්ගේ ජීවිත සුරැකීමට උත්සාහ කරති.+ 11  මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි.+ 12  බොරු කතාවලට සවන් දෙන පාලකයෙකුගේ සියලු සේවකයෝ දුෂ්ටයෝය.+ 13  දුප්පතා හා පීඩා කරන්නා අතරේ සමානකමක් තිබේ.+ මන්ද ඔවුන් දෙදෙනාටම ජීවිතය දුන්නේ යෙහෝවා දෙවිය.+ 14  දුප්පතුන්ට සාධාරණ විනිශ්චයක් දෙන රජෙකුගේ+ සිංහාසනය සදහටම ස්ථිර වෙයි.+ 15  වේවැල* භාවිත කිරීමෙන්ද අවවාද දීමෙන්ද ප්‍රඥාව ලබා දිය හැක.+ නමුත් දරුවෙකුට හිතුමතේට ක්‍රියා කරන්න ඉඩහැරියොත් ඔහු තම මවව ලැජ්ජාවට පත් කරයි.+ 16  දුෂ්ටයන් වැඩි වූ විට අපරාධ දසත පැතිරෙයි. එහෙත් ධර්මිෂ්ඨයෝ දුෂ්ටයන්ගේ වැටීම ඇස් දෙකෙන්ම දකිති.+ 17  ඔබේ පුත්‍රයාව හික්මවන්න. එවිට ඔහු ඔබේ ජීවිතයට සතුටක් හා සැනසීමක් ගෙන දෙයි.+ 18  දෙවිගෙන් මඟ පෙන්වීම් නොලබන විට ජනයා නොහික්මුණු අයුරින් හැසිරෙති.+ එහෙත් නීතිය රකින අය සන්තෝෂවත්ය.+ 19  සේවකයෙකුට අවවාදයක් දුන් විට ඔහු එය සිතට නොගන්නේ නම්+ ඔබ කියන දේ තේරුම්ගත්තත් ඔහු එයින් පාඩමක් ඉගෙනගන්නේ නැත.+ 20  කතා කිරීමට ඉක්මන් වන මිනිසෙකුව ඔබ දන්නෙහිද?+ ඔහුට වඩා මෝඩයෙකු යහමඟට හැරෙයි කියා බලාපොරොත්තු තැබිය හැක.+ 21  සේවකයෙකුට ඔහුගේ බාල කාලයේ සිටම පමණට වඩා සැලකිල්ල දැක්වුවහොත් පසු කලකදී ඔහු අගය නොපෙන්වන කෙනෙකු බවට පත් වෙයි. 22  කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි.+ හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නාගේ අතින් බොහෝ වැරදි සිදු වෙයි.+ 23  උඩඟු මිනිසාව පහත් කරනු ලැබේ.+ නමුත් යටහත්පහත් මනසක් ඇති මිනිසා ගෞරවය හිමි කරගනියි.+ 24  සොරෙකු සමඟ මිතුරු වන්නා තමාගේම ජීවිතය අනතුරේ හෙළයි.+ වරදක් ගැන සාක්ෂි දෙන ලෙස ඔහුට දැන්වූ* පසුත් ඔහු එසේ නොකරයි.+ 25  මනුෂ්‍යයන්ට භය වීම උගුලකි.+ නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරන්නාව ආරක්ෂා කරනු ලැබේ.+ 26  පාලකයෙකුගෙන් උදව් උපකාර ලබාගැනීමට බොහෝදෙනා වෙහෙසෙති.+ එහෙත් මිනිසාට යුක්තිය ඉටු කර දෙන්නේ යෙහෝවා දෙවිය.+ 27  ධර්මිෂ්ඨයා යුක්තිය ඉටු නොකරන මිනිසාව හෙළාදකියි.+ නමුත් දුෂ්ටයා හෙළාදකින්නේ යුක්තියට ප්‍රිය කරන තැනැත්තාවයි.+

පාදසටහන්

හිතෝ 13:24හි පාදසටහන බලන්න.
ලෙවී 5:1හි පාදසටහන බලන්න.