හිතෝපදේශ 9:1-18

9  සැබෑ ප්‍රඥාව+ කුලුනු සතකින් යුත් නිවසක් තනා ඇත.+  ඇය කෑම සඳහා සතුන් මැරීමට සැලසුම් කර වයින් මිශ්‍රණයක්ද සාදා ඇත. එපමණක්ද නොව ඇය කෑම මේසයද පිළියෙල කර ඇත.+  ප්‍රඥාව තම සේවිකාවන්ව නුවරෙහි උස් තැන් වෙත යවන්නීය. ඇය ඔවුන් ලවා හඬ නඟා මෙසේ ආරාධනා කරන්නීය.  “අද්දැකීම් අඩු සියල්ලෙනි, මා වෙතට එන්න.”+ අඥාන*+ වූ සියල්ලන්ට ප්‍රඥාව මෙසේ කියන්නීය.  “එන්න, මාගේ රොටිවලින් පෝෂණය වී මාගේ වයින් මිශ්‍රණය පානය කරන්න.+  අද්දැකීම් අඩු අයගේ ආශ්‍රය අත්හැර ජීවනය අත් කරගන්න.+ තේරුම්ගැනීම නමැති මාවතේ ඉදිරියටම ගමන් කරන්න.”+  සමච්චල් කරන්නාට දැනමුතුකම් දීමට උත්සාහ කරන තැනැත්තා තමාවම අගෞරවයට පත් කරගනියි.+ දුෂ්ටයෙකුට අවවාද දෙන තැනැත්තා තමාගේ හොඳ නමට කැළැලක් ඇති කරගනියි.+  සමච්චල් කරන්නෙකුට අවවාද නොකරන්න. මන්ද ඔබ එසේ කළොත් ඔහු ඔබට වෛර කරන්නේය.+ ප්‍රඥාවන්තයෙකුට අවවාද කරන්න. එවිට ඔහු ඔබට ප්‍රේම කරන්නේය.+  ප්‍රඥාවන්තයෙකුට උපදෙස් දෙන්න. එවිට ඔහු තවත් ප්‍රඥාවන්ත වන්නේය.+ ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න. එවිට ඔහු දැනුම තවත් වැඩි කරගන්නේය. 10  ප්‍රඥාව ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ අවබෝධය යනු අතිශුද්ධ තැනැත්තාණන්ව දැන හඳුනා ගැනීමයි.+ 11  මාගේ ආශීර්වාදයෙන් ඔබ බොහෝ කල් ජීවත් වන්නහුය.+ මා නිසා ඔබේ ආයු කාලය වැඩි වනු ඇත.+ 12  ඔබ ප්‍රඥාවන්ත වන්නේ නම් එයින් ප්‍රයෝජන ලබන්නේ ඔබමයි.+ එහෙත් ඔබ සමච්චල් කරන්නෙකු ලෙස කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵල විඳින්නේද ඔබමයි.+ 13  මෝඩ ස්ත්‍රියක් කටකාරය.+ ඇය කිසිවක් නොදන්නා බොළඳ තැනැත්තියකි.+ 14  නුවරේ කන්දක් උඩ පිහිටි ඇගේ නිවසේ දොරකඩ ළඟ ඇය හිඳගෙන සිටින්නීය.+ 15  ඇය එසේ සිටින්නේ එතැනින් යන එන අයට හඬගැසීමටයි. නොනැවතී කෙළින් ගමන් කරන අයට ඇය මෙසේ කියන්නීය.+ 16  “අද්දැකීම් අඩු සියල්ලෙනි, මා ළඟට එන්න.”+ අඥාන+ සියල්ලන්ටද ඇය මෙසේ කියන්නීය. 17  “හොර රහසේ ගත් වතුර මිහිරිය.+ රහසින් කන රොටි රසවත්ය.”+ 18  එහෙත් ඇගේ නිවස මිය ගිය අයගෙන් පිරී ඇති බවත් ඇගේ ආරාධනාව පිළිගත් අය මිනී වළේ ගැඹුරුම ස්ථානවල සිටින බවත් ඔවුහු නොදනිති.+

පාදසටහන්

හිතෝ 6:32හි පාදසටහන බලන්න.