1 තිමෝති 5:1-25

5  වැඩිහිටි පුරුෂයෙකුට+ සැරපරුෂ අයුරින් කතා නොකරන්න. උපදෙස් දෙන විට එවැනි කෙනෙකුව පියෙකු මෙන්ද තරුණයන්ව තම සහෝදරයන් මෙන්ද,  වැඩිහිටි ස්ත්‍රීන්ව+ තම මව්වරුන් මෙන්ද තරුණියන්ව පවිත්‍ර සිතින් තම සහෝදරියන් මෙන්ද සලකන්න.+  ඇත්තටම අගහිඟකම්වලින් පෙළෙන වැන්දඹුවන්ව රැකබලා ගන්න. ඔවුන්ට ගෞරවයෙන් සලකන්න.+  නමුත් යම් වැන්දඹුවකට දරු මුනුපුරන් ඇත්නම්, ඒ දරු මුනුපුරන් මුලින්ම තම නිවසේ සිටින අයව රැකබලා ගැනීමට ඉගෙනගත යුතුයි.+ එමගින් ඔවුන්ට දෙවි සඳහා භක්තියක් ඇති බව ඔප්පු වෙයි. එමනිසා ඔවුන් තම දෙමාපියන්ගේද තම දෙමාපියන්ගේ මාපියන්ගේද අවශ්‍යතා නිසි ලෙස ඉටු කර දිය යුතුයි.+ එවැනි දෙයක් කිරීම දෙවි සලකන්නේ ප්‍රසන්න දෙයක් ලෙසයි.+  ඇත්තටම අසරණව සිටින වැන්දඹුවක්+ බලාපොරොත්තු තබන්නේ දෙවි කෙරෙහිය.+ එහෙයින් ඇය රෑ දවල් කන්නලව් කරමින් ඔහුට නොකඩවා යාච්ඤා කරයි.+  නමුත් විනෝදකාමී ජීවිතයක් ගත කිරීමට කැමැත්තක් දක්වන+ වැන්දඹුවක් ජීවත්ව සිටියත් ඇය මිය ගොස් සිටිනවා හා සමානය.+  එවැනි අයට නිරතුරුවම එම ආඥා ලබා දෙන්න.+ එවිට නිදොස්ව සිටීමට ඔවුන්ට එය උපකාරයක් වනු ඇත.+  යමෙකු තමාගේම අයට,+ විශේෂයෙන්ම තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්+ ඔහු සත්‍ය ඉගැන්වීම්+ ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකි.+ ඇත්තෙන්ම ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකය.  උපකාර අවශ්‍ය අයගේ නාම ලේඛනයට යම් වැන්දඹුවකව ඇතුළත් කිරීමට නම් ඇය වයස අවුරුදු හැටක් හෝ ඊට වැඩි, තම ස්වාමිපුරුෂයාට විශ්වාසවන්තව* සිටි කෙනෙකු විය යුතුයි.+ 10  ඇය යහපත් ක්‍රියා කළ කෙනෙකු ලෙසද+ ආදර්ශවත් අයුරින් දරුවන් ඇතිදැඩි කළ කෙනෙකු ලෙසද+ ආගන්තුක සත්කාරශීලී කෙනෙකු ලෙසද+ ශුද්ධ තැනැත්තන්ගේ පාද සේදූ තැනැත්තියක් ලෙසද+ පීඩා විඳිමින් සිටි අයට උපකාර කළ කෙනෙකු ලෙසද+ බොහෝ යහපත් දේවල් කරමින් වෙහෙස මහන්සි වූ කෙනෙකු ලෙසද+ හොඳ නමක් දිනාගෙන සිටින ස්ත්‍රියක් විය යුතුයි. 11  නමුත් නැවත විවාහ වීමට කැමැත්තෙන් සිටින යෞවන වැන්දඹුවන්ව එම ලැයිස්තුවට ඇතුළත් නොකරන්න. මන්ද ඔවුන්ගේ ආශාවන් පාලනය කරගත නොහැකි වන විට ක්‍රිස්තුස් වෙනුවෙන් සේවය කිරීමට ඔවුන් තුළ තිබූ කැමැත්ත නැති වී යයි.+ 12  එවිට ඔවුන් කලින් දෙවි කෙරෙහි විශ්වාසයක් ඇතුව සැලසුම් කළ දේවලට අනුව දැන් ක්‍රියා නොකරන නිසා ඔවුන් පොරොන්දු කඩ කරන අය බව ඔප්පු වෙයි.+ 13  ඔවුහු නිකරුණේ කාලය ගත කරමින් ගෙයක් ගෙයක් පාසා ගොස් තම කාලය නාස්ති කිරීමට පුරුදු වී සිටිති. ඔවුන් කාලය නාස්ති කරනවා පමණක් නොව කතා නොකළ යුතු දේ ගැන පවා කතා කරමින්, ඕපාදූප කීමටත් අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි ගැසීමටත් පුරුදු වී සිටිති.+ 14  ඒ හේතු නිසා යෞවන වැන්දඹුවන් විවාහ වී,+ දරුවන් බිහි කර+ තම නිවසේ වැඩකටයුතු බලා කියා ගන්නවාටත් අපට විරුද්ධව සිටින අයට අප ගැන නින්දා කිරීමට කිසිම හේතුවක් නොදෙන අයුරින් කටයුතු කරනවාටත් මම කැමැත්තෙමි.+ 15  දැනටමත් ඇතැම් වැන්දඹුවන් සාතන් පසුපස ගොස් ඇත. 16  දෙවිට සේවය කරන ස්ත්‍රියකගේ පවුලේ වැන්දඹුවන් සිටී නම් ඔවුන්ගේ බර සභාවට දැරීමට ඉඩහරිනවා වෙනුවට එය තමන්ගේ වගකීමක් ලෙස සලකා ඔවුන්ට උපකාර කළ යුතුයි.+ එවිට කාගෙවත් සරණක් නැති වැන්දඹුවන්ට උපකාර කිරීමට සභාවට හැකි වෙයි.+ 17  සභා වැඩකටයුතුවලදී හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන වැඩිමහල්ලන්,+ විශේෂයෙන්ම දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන+ වැඩිමහල්ලන් වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන් බව සැලකිල්ලට ගන්න.+ 18  මන්ද, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියාද, “කම්කරුවෙකුට තමන් කළ කාර්යය වෙනුවෙන් කුලී ගෙවීම සුදුසුයි”+ කියාද ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබේ. 19  වැඩිමහල්ලෙකුට විරුද්ධව කරන චෝදනාවක් ගැන යම් පියවරක් ගැනීමට නම් ඒ පිළිබඳව දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ සාක්ෂි තිබිය යුතුයි. එසේ නැතහොත් ඒ චෝදනාව පිළි නොගත යුතුයි.+ 20  පුරුද්දක් ලෙස පව් කරන අයට+ අවවාද+ ලබා දිය යුත්තේ සියලුදෙනා ඉදිරියෙහිය. එසේ කළ යුත්තේ අන් අයටත් අනතුරු ඇඟවීමක් ලෙසය.+ 21  දෙවිද ක්‍රිස්තුස් යේසුස්ද+ දෙවි තෝරාගෙන ඇති දේවදූතයන්ද ඉදිරියෙහි මා ඔබට ඉතා බැරෑරුම් ලෙස අණ කරන්නේ යම් තීරණයක් ගැනීමට පෙර සෑම දෙයක් ගැනම හොඳින් සෝදිසි කර බලන්න කියාය. එලෙසම කාගෙවත් පැත්ත ගෙන කිසිවක් නොකරන්න කියාය.+ 22  කෙනෙකුව යම් වගකීමක් සඳහා පත් කිරීමට*+ ඉක්මන් නොවන්න.+ එලෙසම අනුන් කරන පාපවලට හවුල් නොවන්න.+ ඔබේ පවිත්‍රකම රැකගන්න.+ 23  ඔබ තවදුරටත් වතුර බීමෙන් වළකින්න.* ඔබේ උදරාබාධය හේතුවෙන් ඔබ නිතරම අසනීප වන නිසා වයින් ටිකක් බොන්න.+ 24  සමහරුන් කරන පාප පැහැදිලිව දැකගත හැකියි.+ එමනිසා ඔවුන්ට වහාම දඬුවම් ලැබේ. තවත් සමහරුන්ගේ පාප හෙළි වන්නේ යම් කලක් ගත වූ පසුවය.+ 25  කෙනෙකු කරන යහපත් ක්‍රියාද පැහැදිලිව දැකගත හැකි වන්නේ එයාකාරයෙන්මය.+ ඒවා වහාම දැකගත නොහැකි වුවත් ඒවා සදහටම සඟවා තැබීමට නුපුළුවන.+

පාදසටහන්

මූ.අ., “එක ස්වාමිපුරුෂයෙකුගේ භාර්යාවකව.”
හෝ, “අත් තැබීමට.”
ඇතැම්විට ඔහුට එවැන්නක් පැවසුවේ ඔහුගේ අසනීප තත්වයට හේතු වූ අපවිත්‍ර ජලය පානය නොකිරීම සඳහාය.