1 සාමුවෙල් 26:1-25

26  කල් යත්ම ෂිප්හි+ වැසියෝ ගිබෙයා+ වෙතට පැමිණ, “දාවිත්, යෙෂිමොන්+ ඉදිරියේ තියෙන හකීලා කන්දේ+ හැංගිලා ඉන්නවා” කියා සාවුල් රජුට කීවෝය.  එය ඇසූ විට සාවුල් රජ+ ඊශ්‍රායෙල්වරුන් අතරින් තෝරාගත් පුරුෂයන් තුන්දහසක් සමඟ+ දාවිත්ව සොයා ෂිප් පාළුකරයට ගියේය.  සාවුල් රජ යෙෂිමොන්ට ඉදිරියෙන් තිබෙන හකීලා කන්දට නැඟ යන මාර්ගයේ කඳවුරු බැඳගත්තේය. ඒ අවස්ථාවේදී දාවිත් සිටියේ පාළුකරයේය. සාවුල් රජු පාළුකරයට පැමිණ තමාව සොයන බව දාවිත්ට ආරංචි වූ විට  එය සත්‍යයක්ද කියා දැනගැනීමට ඔහු ඔත්තුකාරයන්ව+ පිටත් කර යැව්වේය.  පසුව දාවිත්, සාවුල් රජු කඳවුරු බැඳගෙන සිටි ස්ථානයට ගියේය. එවිට සාවුල් රජුද ඔහුගේ හමුදාපති වූ නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්ද+ නිදාගෙන සිටිනවා ඔහු දුටුවේය. සාවුල් රජු කඳවුරේ නිදාගෙන සිටි අතර+ ඔහුගේ ආරක්ෂාව සඳහා සෙනඟ ඔහු වටා කූඩාරම් ගසාගෙන සිටියෝය.  දාවිත් හිත්තීවරයෙකු+ වූ අහිමෙලෙක්ගෙන් හා ෂෙරුයියාගේ පුත්‍රයාද+ යෝවාබ්ගේ සහෝදරයාද වන අබිෂයිගෙන්+ මෙසේ ඇසුවේය. “සාවුල් රජුගේ කඳවුර ඇතුළට යන්න මා සමඟ එන්නේ කවුද?” එවිට අබිෂයි, “මම ඔබ සමඟ එන්නම්”+ කියා කීවේය.  එදින රාත්‍රියෙහි සාවුල් රජු කඳවුරු බැඳගෙන සිටි තැනට දාවිත්, අබිෂයි සමඟ ගියේය. සාවුල් රජ කඳවුරේ නිදාගෙන සිටියේය. රජුගේ හෙල්ලය ඔහුගේ හිස අසල බිම සිටුවා තිබිණ. රජුගේ ආරක්ෂාව සඳහා අබ්නේර්ද සෙනඟද ඔහු වටා නිදාගෙන සිටියෝය.  අබිෂයි දාවිත්ට මෙසේ කීවේය. “දෙවි ඔබේ සතුරාව ඔබේ අත ළඟටම ගෙනැවිත් තිබෙනවා.+ මේ හෙල්ලයෙන් මට එක සැරයක් ඔහුට අනින්න ඉඩ දෙන්න. මම එකපාරින්ම ඔහුව මරලා දාන්නම්.”  නමුත් දාවිත් අබිෂයිට මෙසේ කීවේය. “ඔහුට කිසි හානියක් කරන්න එපා. යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට+ විරුද්ධව අත ඔසවලා කිසිම කෙනෙකුට නිදොස්ව ඉන්න පුළුවන්ද?+ 10  යෙහෝවා දෙවිම ඔහුට පහර දෙයි+ කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියේ+ මට නිසැකවම කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් යුද්ධයකදී+ හෝ ඔහුගේ ආයු කාලය සම්පූර්ණ වූ දවසක+ ඔහු මිය යයි.+ 11  යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට+ විරුද්ධව+ මම අත ඔසවන්නේ කොහොමද?+ යෙහෝවා දෙවි එය කවදාවත් අනුමත කරන්නේ නැහැ කියලා මම දන්නවා.+ අපි දැන් රජුගේ හිස ළඟ තියෙන හෙල්ලයත් වතුර භාජනයත් අරගෙන මෙහෙන් යමු.” 12  දාවිත් සාවුල් රජුගේ හිස ළඟ තිබූ හෙල්ලයද වතුර භාජනයද තම අතට ගත් පසු ඔවුහු එතැනින් ගියෝය. ඔවුන් එතැනට පැමිණි බව කඳවුරේ සිටි කිසිවෙක් දුටුවේ නැත.+ කිසිවෙක් අවදි වුණේද නැත. මන්ද ඔවුන් සියලුදෙනාම සිටියේ තද නින්දේය.+ යෙහෝවා දෙවි එසේ සිදු වීමට සැලැස්වූවේය. 13  පසුව දාවිත්, සාවුල් රජු සිටි ස්ථානයට අනික් පැත්තේ බොහෝ දුරකින් තිබූ කන්දකට ගොස් එහි මුදුනේ සිටගත්තේය. 14  දාවිත්, සාවුල් රජු සමඟ සිටි සෙනඟටද නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්ටද හඬ නඟා කතා කළේය. ඔහුද, “අබ්නේර්, මා කියන දේ ඔබට ඇහෙනවාද” කියා ඇසුවේය. අබ්නේර්ද,+ “ඔබ කවුද? රජතුමාට කතා කරන ඔබ කවුද” කියා ඇසුවේය. 15  දාවිත් නැවතත් අබ්නේර්ට මෙසේ කීවේය. “ඔබ එඩිතර මිනිසෙක් නෙමෙයිද? ඊශ්‍රායෙල් දේශයේ ඔබ වගේ තවත් කෙනෙක් ඉන්නවාද? එහෙමනම් ඔබේ ස්වාමියා වන රජුට ඔබ නිසි ආරක්ෂාවක් දුන්නේ නැත්තේ ඇයි? දැන් සුළු මොහොතකට ඉස්සෙල්ලා යමෙක් ඔබේ ස්වාමියා ළඟට ඇවිත් ඔහුව මරන්න උත්සාහ කළා.+ 16  ඔබේ වගකීම ඔබ හරියට ඉටු කළේ නැහැ. ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින්+ මම කියන මේ දේ සත්‍යයක්. යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා+ වන ඔබේ ස්වාමියාව ඔබ ආරක්ෂා+ කළේ නැති නිසා ඇත්තෙන්ම ඔබ මරණයට සුදුස්සෙක්.+ රජුගේ හිස ළඟ තිබුණු ඔහුගේ හෙල්ලයත් වතුර භාජනයත්+ දැන් කොහෙද තියෙන්නේ කියලා බලන්න.” 17  දාවිත්ගේ කටහඬ හඳුනාගත් සාවුල් රජ ඔහුගෙන් මෙසේ ඇසුවේය. “දාවිත්, මගේ පුතේ! මේ කතා කරන්නේ ඔබද?”+ එවිට දාවිත්, “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, මම දාවිත්” කියා උත්තර දුන්නේය. 18  ඔහු තවදුරටත් මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, ඔබ ඔබේ සේවකයා පසුපස ලුහුබඳින්නේ ඇයි?+ මම ඔබට මොනවද කළේ? මගේ අතේ තියෙන වරද මොකක්ද?+ 19  දැන් මගේ ස්වාමීනි, ඔබේ සේවකයා වන මම කියන දේට ඇහුම්කන් දෙන්න. මට විරුද්ධව නැඟී සිටින්න ඔබව පෙලඹුවේ යෙහෝවා දෙවි නම් ඔහු මගේ අතින් ධාන්‍ය පූජාවක් පිළිගනීවා!+ නමුත් එසේ කරන්න ඔබව පෙලඹුවේ මනුෂ්‍යයන් නම්+ ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ ශාප ලද්දෝ වෙත්වා!+ යෙහෝවා දෙවිට උරුම දේශයේ ඉන්න මට කිසි අයිතියක් නැහැයි කියලා සෙනඟ මට හැඟෙන්න සැලැස්සුවා.+ ‘මෙහෙන් යන්න. ගිහින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න’+ කියන්නාක් මෙන් ඔවුන් මාව එහෙන් පන්නා දැමුවා. 20  යෙහෝවා දෙවි ඉදිරියේ මගේ ලේ වගුරුවන්න එපා.+ ඊශ්‍රායෙල්හි රජතුමනි, කඳු මුදුන්වල ඉන්න වටුවෙක් පස්සේ ලුහුබඳින්නාක් මෙන්+ ඔබ මේ ලුහුබඳින්නේ කා පස්සෙද? නිකම්ම නිකම් මැක්කෙක් පස්සේ නෙමෙයිද?”+ 21  එවිට සාවුල් රජ දාවිත්ට මෙසේ පැවසුවේය. “අනේ දාවිත්, මගේ පුතේ! මම කළේ පාපයක්.+ දැන් ඉතින් මා ළඟට එන්න. මම ආයෙත් නම් ඔබට හිරිහැර කරන්නේ නැහැ. අද ඔබට මාව මරන්න අවස්ථාවක් ලැබුණත් ඔබ එහෙම කළේ නැහැ.+ මම ඔබට විරුද්ධව කළේ පාපයක්. මම හැසිරුණේ මෝඩයෙක් වගෙයි.” 22  එවිට දාවිත් රජුට මෙසේ කීවේය. “මෙන්න රජුගේ හෙල්ලය. සේවකයෙක්ව එවා ඒක රැගෙන යන්න. 23  යෙහෝවා දෙවි අද ඔබව මගේ අතටම අල්ලලා දුන්නත් මම යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව අත ඔසවන්න කැමති වුණේ නැහැ.+ අපි එක් එක් කෙනාගේ ධර්මිෂ්ඨකමත් විශ්වාසවන්තකමත් යෙහෝවා දෙවි දන්නවා. ඔහු ඒ අනුව අපිට ආශීර්වාද කරයි.+ 24  මම අද ඔබේ ජීවිතය ආරක්ෂා කළා වගේම යෙහෝවා දෙවි මගේ සියලු දුක් කරදරවලින් මාව මුදාගෙන,+ මගේ ජීවිතය අනර්ඝ වස්තුවක් ලෙස ආරක්ෂා කරනු ලැබේවා!”+ 25  එවිට සාවුල් රජ දාවිත්ට මෙසේ කීවේය. “මගේ පුත් දාවිත්, ඔබට දෙවිගෙන් ආශීර්වාද ලැබේවා! ඔබ කරන සෑම දෙයක්ම අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි. ඒ විතරක් නෙවෙයි, ඔබ ජය ගන්නවා+ කියලත් මට විශ්වාසයි.” ඉන්පසු දාවිත් එතැනින් පිටත්ව ගියේය. සාවුල් රජද තම නිවස බලා ගියේය.+

පාදසටහන්