1 සාමුවෙල් 7:1-17

7  පසුව කිර්යත්-යෙයාරීම්හි+ වැසියෝ පැමිණ කන්දක් උඩ පිහිටි අබිනාදාබ්ගේ+ නිවසට යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ගියෝය. ඔවුහු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ආරක්ෂා කිරීම සඳහා අබිනාදාබ්ගේ පුත්‍රයා වන එලියාසර්ව පත් කළෝය.  ගිවිසුම් පෙට්ටිය අවුරුදු විස්සක් පුරාම කිර්යත්-යෙයාරීම්හි තිබිණ. ඊශ්‍රායෙල් සෙනඟ හඬා වැලපෙමින්+ යෙහෝවා දෙවිගේ පිහිට පැතුවෝය.  සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කීවේය. “ඔබ මුළු සිතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔබ ළඟ තිබෙන අෂ්ටොරෙත් රූප+ හා වෙනත් බොරු දෙවිවරුන්ගේ රූප ඉවත් කර+ යෙහෝවා දෙවි වෙතට හැරෙන්න.+ ඔහුට පමණක් නමස්කාර කරන්න.+ එවිට ඔහු ඔබව පිලිස්තිවරුන්ගේ අතින් ගලවාගනියි.”+  ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන් ළඟ තිබූ බාල් රූපද+ අෂ්ටොරෙත් රූපද+ ඉවත් කර යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කිරීමට පටන්ගත්තෝය.  පසුව සාමුවෙල් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, සියලුදෙනාම මිෂ්පා නුවරට+ රැස් වෙන්න.+ එහිදී මම යෙහෝවා දෙවිට ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නම්.”+  ඔවුහු සියලුදෙනාම මිෂ්පාහි රැස් වී වතුර ඇද යෙහෝවා දෙවි ඉදිරියේ වතුර බිමට වත් කළෝය. ඔවුහුද, “අපි යෙහෝවා දෙවිට විරුද්ධව කළේ පාපයක්”+ යයි කියමින් එදින නිරාහාරව සිටියෝය.+ සාමුවෙල්, මිෂ්පා නුවරේදී විනිශ්චයකරුවෙකු+ ලෙස ඊශ්‍රායෙල් සෙනඟට සේවය කිරීමට පටන්ගත්තේය.  ඊශ්‍රායෙල් සෙනඟ මිෂ්පාහි රැස්ව සිටින බව පිලිස්තිවරුන්ට ආරංචි විය. පිලිස්තිවරුන්ගේ අධිපතීහු+ ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටනට යෑමට සූදානම් වූහ. ඊශ්‍රායෙල් සෙනඟ මෙය දැනගත් විට මහත් සේ භය වී+  සාමුවෙල්ට මෙසේ කීවෝය. “අනේ, යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලා අපි වෙනුවෙන් කන්නලව් කරන්න.+ පිලිස්තිවරුන්ගේ අතින් අපිව ගලවාගන්න කියා ඔහුගෙන් ඉල්ලන්න.”  පසුව සාමුවෙල් කිරි බොන වයසැති බැටළු පැටවෙකු ගෙන මුළු සතාවම දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළේය.+ ඉන්පසු සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද ඔහුට සවන් දුන්නේය.+ 10  සාමුවෙල් දවන පූජාව ඔප්පු කරමින් සිටියදී පිලිස්තිවරු යුද්ධයට සැරසී ඊශ්‍රායෙල්වරුන් ඉදිරියට ආවෝය. එහෙත් යෙහෝවා දෙවි මහත් ගිගුරුම් හඬක්+ ඇති කරමින් පිලිස්තිවරුන්ව වියවුලට පත් කළේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ව පරාජය කිරීමට හැකි විය.+ 11  ඊශ්‍රායෙල්වරු මිෂ්පා සිට බෙත්-කාර්හි දකුණු මායිම දක්වාම පිලිස්තිවරුන්ව ලුහුබැඳ ගොස් ඔවුන්ව මරා දැමුවෝය. 12  පසුව සාමුවෙල් ගලක් ගෙන+ මිෂ්පා හා යෙෂානා නුවර අතර තබා එයට එබෙන්එසෙර්* යන නම දෙමින් මෙසේ කීවේය. “මේ දක්වාම යෙහෝවා දෙවි අපට උපකාර කළා.”+ 13  මෙසේ ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ව යටත් කරගත්තෝය. ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ දේශ සීමාවට නැවත නොපැමිණියෝය.+ සාමුවෙල් ජීවත් වූ සියලු දවස්වලදී යෙහෝවා දෙවි පිලිස්තිවරුන්ට විරුද්ධව තම මහත් බලය පෙන්වූවේය.+ 14  එක්‍රොන් සිට ගාත් දක්වා පිලිස්තිවරු යටත් කරගෙන තිබූ නුවරවල් ඊශ්‍රායෙල්වරු නැවත ලබාගත්තෝය. ඒ නුවරවල් අවට තිබූ සියලු ප්‍රදේශද ඔවුහු යටත් කරගත්තෝය. ඉන්පසු ඊශ්‍රායෙල්වරු හා අමෝරිවරු+ එකිනෙකා සමඟ සමාදානයෙන් සිටියෝය. 15  සාමුවෙල් ජීවත් වූ සියලු දවස්වලදී විනිශ්චයකරුවෙකු ලෙස ඊශ්‍රායෙල් සෙනඟට සේවය කළේය.+ 16  ඔහු අවුරුදු පතා බෙතෙල් නුවර+ වෙතටත් ගිල්ගාල්+ වෙතටත් මිෂ්පා+ වෙතටත් ගමන් කර ඒ ඒ ස්ථානවල සිටි ඊශ්‍රායෙල් සෙනඟගේ නඩු විභාග කළේය.+ 17  ඔහු එම ස්ථානවල වැඩකටයුතු අවසන් කළ පසු නැවත තම නිවස තිබූ ස්ථානය වන රාමා+ වෙතට හැරී ආවේය. ඔහු එහි ජීවත් වූ ඊශ්‍රායෙල් සෙනඟගේ නඩුද විභාග කළේය. ඔහු යෙහෝවා දෙවිට රාමාහි පූජාසනයක් ගොඩනැඟුවේය.+

පාදසටහන්

තේරුම, “උපකාරය නමැති ගල.”