2 රාජාවලිය 11:1-21

11  අහසියා රජුගේ+ මව වූ අතලියා+ තම පුත්‍රයා මිය ගිය බව දැනගත් වහාම රාජකීය පෙළපතට අයත් සියලුදෙනාවම මරා දැමුවාය.+  නමුත් ඊට කලින් යෙහෝරම් රජුගේ දියණියද අහසියා රජුගේ සහෝදරියද වූ යෙහෝෂෙබා,+ මරණයට නියම වූ රජුගේ පුත්‍රයන් සිටින ස්ථානයට ගොස් අහසියාගේ පුත් යෙහෝයාෂ්ව+ එතැනින් රැගෙන ගියාය. ඇය දරුවාවත් ඔහුගේ කිරි මවවත් අතලියාට සොයාගැනීමට බැරි වන පිණිස යහන් සහිත ඇතුල් කාමරයකට ගෙන ගොස් සඟවා තැබුවාය.+ එබැවින් ඔහුගේ ජීවිතය බේරුණේය.  දරුවා අවුරුදු හයක් පුරා ඇය සමඟ යෙහෝවා දෙවිගේ ගෘහයේ ඇතිදැඩි වූයේය. ඒ කාලයේදී අතලියා දේශය පාලනය කරමින් සිටියාය.+  හත්වන අවුරුද්දේදී යෙහෝයාදා+ පණිවිඩ යවා, කාරීය ආරක්ෂක භටයන්ගේ+ හා පණිවිඩකරුවන්ගේ+ ප්‍රධානීන්ට* යෙහෝවා දෙවිගේ ගෘහයට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ඔවුන් එතැනට පැමිණි පසු යෙහෝයාදා, යෙහෝවා දෙවිගේ ගෘහයේදීම ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගෙන+ ඔවුන්ගෙන් දිවුරුම් ගත්තේය.+ පසුව ඔහු රජුගේ පුත්‍රයාව ඔවුන්ට පෙන්වා  ඔවුන්ට මෙසේ අණ කළේය. “ඔබ කළ යුත්තේ මෙයයි. කණ්ඩායම් තුනකට බෙදෙන්න. සබත් දවසේදී එක කණ්ඩායමක් ඇවිත් රජමාලිගාව+ හොඳින් මුර කළ යුතුයි.  තව කණ්ඩායමක් යෙසොද් දොරටුවත්*+ අනික් කණ්ඩායම පණිවිඩකරුවන් සිටින ස්ථානය පිටුපස තිබෙන දොරටුවත් මුර කළ යුතුයි. මෙලෙස ඔබ එක් එක් කෙනාගේ වාරය පැමිණෙන විට දේවමාලිගාව+ හොඳින් මුර කරන්න.  ඔබ අතරේ සිටින කණ්ඩායම් දෙකකට සබත් දවසේදී නිවාඩු ලැබෙනවා. නමුත් ඔවුන්ද රජතුමා වෙනුවෙන් යෙහෝවා දෙවිගේ ගෘහය මුර කළ යුතුයි.  එකිනෙකා තම තමාගේ ආයුධ අතට ගෙන රජතුමා වටා සිටිය යුතුයි. කවුරු හෝ මුරකාවල් කඩාගෙන ඇතුල් වෙන්න උත්සාහ කළොත් ඔහුව මරා දැමිය යුතුයි. රජතුමා යන එන විට ඔහු සමඟ ගමන් කරන්න.”  එම ප්‍රධානියෝ+ පූජක යෙහෝයාදා අණ කළ සියල්ල එලෙසම කළෝය. ඒ එක් එක් කෙනා තමන් යටතේ සේවය කළ අය අතරින් සබත් දවසේදී සේවය සඳහා පැමිණි අයවත්+ සබත් දවසේදී සේවයෙන් නිවාඩු ලැබූ අයවත් රැගෙන පූජක යෙහෝයාදාව හමු වීමට පැමිණියෝය. 10  එවිට පූජකයා, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු දාවිත් රජුගේ සියලු හෙල්ලද පලිස්ද ගෙන ඒවා එම ප්‍රධානීන්ට දුන්නේය.+ 11  පණිවිඩකරුවෝ+ තම තමාගේ ආයුධ අතට ගෙන දේවමාලිගාවේ දකුණු පැත්තේ සිට වම් පැත්ත දක්වා මුර කළෝය. ඔවුහු පූජාසනයත්+ දේවමාලිගාවත් අසල සිටි රජු වටා සිටියෝය. 12  එවිට පූජක යෙහෝයාදා, රජුගේ පුත්‍රයාව පිටතට ගෙනැවිත්+ ඔහුට ඔටුන්න පළඳවා+ ඔහුගේ හිසට ඉහළින් නීතිය සඳහන් ලියවිල්ල+ ඇල්ලුවේය. මෙසේ ඔවුහු, ඔහුව රජු ලෙස+ අභිෂේක කළෝය.+ ඔවුහු අත්පොළසන් ගසමින්+ හඬ නඟා, “රජතුමා දිගු කල් ජීවත් වේවා”+ කියා කීවෝය. 13  ඒ මේ අත දිව ගිය සෙනඟගේ ඝෝෂාව අතලියාට ඇසුණු විගස ඈ යෙහෝවා දෙවිගේ ගෘහයේ රැස්ව සිටි සෙනඟ වෙතට පැමිණියාය.+ 14  එවිට සිරිත් පරිදි රජතුමා කුලුන ළඟ සිටගෙන+ සිටින ආකාරයත් ප්‍රධානීන් සහ හොරණෑ පිඹින්නන්+ රජුව වට කරගෙන සිටින ආකාරයත් ඇය දුටුවාය. දේශයේ සිටි සියලු මිනිස්සු හොරණෑ ශබ්දය මැද ප්‍රීති වෙමින් සිටියෝය.+ එය දුටු අතලියා+ තම පිට වස්ත්‍ර ඉරාගනිමින්, “මෙය මහා කුමන්ත්‍රණයක්! මහා කුමන්ත්‍රණයක්”+ කියා කෑගැසුවාය. 15  එවිට පූජක යෙහෝයාදා, යුධ සේනාව භාරව සිටි ප්‍රධානීන්ට*+ මෙසේ අණ කළේය. “මුරකාවල් මැදට ඇවිත් සිටින ඇයව පිටතට රැගෙන යන්න. ඇයව බේරගන්න යමෙක් ආවොත් ඔහුව කඩුවෙන් මරා දමන්න!”+ මන්ද, “යෙහෝවා දෙවිගේ ගෘහයේදී ඇයව මරන්න එපා” කියා ඔහු කලින්ම පවසා තිබිණ. 16  එබැවින් ඔවුහු ඇයව අල්ලාගෙන රජමාලිගාවේ+ අශ්ව දොරටුව අසලට+ ගෙන ගොස් එතැනදී ඇයව මරා දැමුවෝය.+ 17  පසුව රජු+ ඇතුළු සෙනඟ හා යෙහෝවා දෙවි අතර+ ගිවිසුමක් ඇති කිරීමට යෙහෝයාදා පියවර ගත්තේය.+ එම ගිවිසුමට අනුව සැමදා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුහු පොරොන්දු වූහ. රජු සහ සෙනඟ අතරත් ගිවිසුමක් ඇති කිරීමට ඔහු පියවර ගත්තේය.+ 18  ඉන්පසු දේශයේ වැසියෝ සියලුදෙනා බාල්ගේ දේවාලයට ගොස් පූජාසන කඩා දමා+ එහි තිබුණු බාල් රූප සියල්ල සුනුවිසුනු කළෝය.+ බාල්ගේ පූජකයා වූ මත්තාන්වද+ ඒ පූජාසන ඉදිරිපිටම මරා දැමුවෝය.+ පසුව පූජකයා යෙහෝවා දෙවිගේ ගෘහය බලාගැනීමට අධිපතීන්ව පත් කළේය.+ 19  ඔහු රජතුමාව යෙහෝවා දෙවිගේ ගෘහයේ සිට රජමාලිගාවට ගෙන ඒම සඳහා සියයකින් යුත් කණ්ඩායම් කෙරෙහි පත් කර සිටි අධිපතීන්වද කාරීය ආරක්ෂක භට පිරිසවද+ පණිවිඩකරුවන්වද+ දේශයේ සියලු වැසියන්වද රැස් කළේය. ඉන්පසු ඔවුහු රජතුමාව පණිවිඩකරුවන්ගේ දොරටුවෙන් රජමාලිගාවට ගෙන ආවෝය.+ රජතුමා සිංහාසනයේ හිඳගත්තේය.+ 20  දේශයේ සියලුදෙනා මේ ගැන සතුටු වූහ.+ ඒ වන විට රජමාලිගාව අසල අතලියාව මරා දමා තිබිණ.+ නගරය පුරාම සාමකාමී වාතාවරණයක් පැවතිණ. 21  යෙහෝයාෂ් රජකමට පත් වන විට+ ඔහුගේ වයස අවුරුදු හතකි.+

පාදසටහන්

මූ.අ., “සියයකින් යුත් කණ්ඩායම් කෙරෙහි පත් කර සිටි ප්‍රධානීන්.”
යෙසොද් නම් හෙබ්‍රෙව් වචනයෙහි අර්ථය, ‘අත්තිවාරම’ වේ.
2රාජා 11:4හි පාදසටහන බලන්න.