2 රාජාවලිය 19:1-37

19  එය ඇසූ විගස හෙසකියා රජ+ තම වස්ත්‍ර ඉරා+ ගෝණි රෙදි ඇඳගෙන+ යෙහෝවා දෙවිගේ ගෘහයට ගියේය.+  ඔහු රජමාලිගාවේ වැඩකටයුතු භාරව සිටි එලියාකීම්ටද+ ලේකම් වූ ෂෙබ්නාහ්ටද+ පූජකයන්ගේ ප්‍රධානීන්ටද ගෝණි රෙදි ඇඳ, ආමොෂ්ගේ පුත්+ අනාගතවක්තෘ යෙසායා+ වෙතට යන ලෙස පැවසුවේය.  ඔවුහු ගොස් යෙසායාව හමු වී මෙසේ කීවෝය. “හෙසකියා රජ මෙසේ පැවසුවා. ‘අද ඉතා දුක්බර දවසක්.+ අපි දැඩි විවේචනයටත්+ බොහෝ නින්දා අපහාසවලටත් ලක් වුණා.+ අපි, දරුවා බිහි වෙන්න ළංව සිටියත්+ දරුවාව බිහි කරන්න තරම් ශක්තියක් නැති ස්ත්‍රියක් හා සමානයි.+  රබ්ෂාකේගේ ස්වාමියා වන ඇසිරියාවේ රජ ඔහුව එව්වේ ජීවමාන දෙවිට සරදම් කරන්නයි.+ සමහරවිට යෙහෝවා දෙවි රබ්ෂාකේ පැවසූ දේවල් සැලකිල්ලට ගෙන+ ඔහුට නිසි දඬුවම් දෙයි. ඔහු පැවසූ දේවල් ගැන අනිවාර්යයෙන්ම යෙහෝවා දෙවිට ගණන් දෙන්න ඔහුට සිදු වෙයි.+ නමුත් දැන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඉතුරුව සිටින මේ සෙනඟ වෙනුවෙන්+ යාච්ඤා කරන්න කියායි.’”+  හෙසකියා රජුගේ සේවකයන් යෙසායාට මෙම පණිවිඩය දුන් පසු+  යෙසායා ඔවුන්ට මෙසේ පැවසුවේය. “ගිහින් ඔබේ ස්වාමියාට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවිගේ පිළිතුර මෙයයි.+ “ඇසිරියාවේ රජුගේ සේවකයෝ මට අපහාස කරමින් කී දේවලට+ භය නොවන්න.+  මම ඔහුගේ අදහස වෙනස් කරන්නෙමි.+ ඔහුට ආරංචියක් ලැබී+ ඔහු නැවත තමාගේ රටට හැරී යනු ඇත. පසුව ඔහුගේ රටේදීම ඔහු කඩුවෙන් මැරුම් කන්නේය.”’”+  පසුව ඇසිරියාවේ රජු ලාකිෂ් නගරයෙන්+ පිටත්ව ගිය බව රබ්ෂාකේට+ ආරංචි වී ඔහු රජුව හමු වීමට ගියේය. ඒ අවස්ථාවේදී රජ ලිබ්නා නගරයට විරුද්ධව යුද්ධ කරමින් සිටියේය.+  ඉතියෝපියාවේ රජු වන තිර්හාකා තමාට විරුද්ධව යුද්ධයට එන බව ඇසිරියාවේ රජුට ආරංචි විය. ඒ ගැන ඇසූ විගස ඔහු හෙසකියා රජු වෙතට නැවත පණිවිඩකරුවන් යවමින්+ මෙසේ කීවේය. 10  “යූදාහි රජු වන හෙසකියාව හමු වී මෙසේ කියන්න. ‘“යෙරුසලම+ ඇසිරියාවේ රජුගේ අතට පත් වෙන්නේ නැහැ”+ කියා ඔබ විශ්වාස කරන ඔබේ දෙවියන් ඔබට කියයි. නමුත් ඔබ ඊට රැවටෙන්න එපා.+ 11  ඇසිරියාවේ රජවරු අනික් දේශයන් විනාශ කළ හැටි ඔබ අසා නැද්ද?+ එසේනම් ඔබට පමණක් බේරෙන්න ලැබෙයි කියා ඔබ හිතන්නේ කොහොමද?+ 12  මගේ මුතුන්මිත්තන් විනාශ කළ දේශවල ජීවත් වූ වැසියන් නමස්කාර කළ එක දෙවියෙකුටවත්+ පුළුවන් වුණාද ඔවුන්ගේ සෙනඟ බේරාගන්න? ගෝසාන්,+ හාරාන්,+ රෙෂෙප් හා ටෙල්-අසර් දේශයේ+ සිටි ඒදන්හි වැසියන්ටවත්+ බේරෙන්න බැරි වුණා. 13  හමාත්,+ අර්පාද්,+ සෙෆාවායිම්, හේනා සහ ඉව්වා+ යන නගරවල රජවරුන් දැන් කොහේද?’” 14  හෙසකියා රජ එම පණිවිඩකරුවන් තමාට දුන් ලිපිය ගෙන කියෙව්වේය.+ ඉන්පසු හෙසකියා රජ යෙහෝවා දෙවිගේ ගෘහයට ගොස් එම ලිපිය යෙහෝවා දෙවි ඉදිරියේ තැබුවේය.+ 15  ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි. 16  යෙහෝවා දෙවියනි, අපේ කන්නලව්වලට ඇහුම්කන් දෙන්න.+ අනේ යෙහෝවා දෙවියනි, අප දෙස බලන්න.+ ජීවමාන දෙවි වන ඔබට අපහාස කිරීම සඳහා සෙනකෙරිබ් ලියා තිබෙන මේ දේවලට ඔබේ අවධානය යොමු කරන්න.+ 17  යෙහෝවා දෙවියනි, ඇසිරියාවේ රජවරුන් විවිධ ජාතීන්වත් ඔවුන්ගේ දේශයනුත් විනාශ කළ බව ඇත්තයි.+ 18  ඒ ජාතීන් නමස්කාර කළ දෙවිවරුන්වත් ඔවුන් පුලුස්සා දැමුවා. නමුත් ඔවුන් සැබෑ දෙවිවරුන් නෙවෙයි,+ ලී සහ ගල්වලින් සාදාගත් රූප පමණයි.+ ඒ නිසයි ඔවුන්ට ඒ දෙවිවරුන්ව විනාශ කරන්න පුළුවන් වුණේ. 19  අනේ යෙහෝවා දෙවියනි,+ ඇසිරියාවේ රජුගේ අතින් අපව බේරාගන්න.+ එවිට යෙහෝවා නම් වූ ඔබ පමණක් සැබෑ දෙවි බව පොළොවේ සියලු රජවරුන් දැනගනීවි.”+ 20  පසුව ආමොෂ්ගේ පුත් යෙසායා, හෙසකියා රජුට මෙසේ කියා යැව්වේය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා.+ ‘ඇසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ කළ යාච්ඤාවට+ මම සවන් දුනිමි.+ 21  යෙහෝවා දෙවි වන මම සෙනකෙරිබ්ට විරුද්ධව මේ දේ ප්‍රකාශ කරමි.“සියොන් කන්‍යා දියණිය ඔබව හෙළාදකින්නීය.+ ඔබව සමච්චලයට ලක් කරන්නීය.+යෙරුසලම් දියණිය+ ඔබව විහිළුවට ලක් කරමින් සිනාසෙන්නීය.+ 22  ඔබ අපහාස කරමින්+ සමච්චලයට ලක් කළේ කාවද?+ඔබ අහංකාරකමින් කතා කළේ කාට විරුද්ධවද?+උඩඟු ලෙස බැලුවේ කා දෙසද?+මේ සෑම දෙයක්ම ඔබ කළේ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මට විරුද්ධවයි!+ 23  ඔබේ පණිවිඩකරුවන් ලවා+ ඔබ යෙහෝවා දෙවි වන මට අභියෝග කරමින් මෙසේ කීවේය.+‘මාගේ යුධ රථ සේනාවත් සමඟ+මම කඳුකරයේ ඉහළටම නඟිමි.+ලෙබනොන් දේශයේ+ ඈත කෙළවරටම ගොස්,එහි දැවැන්ත දේවදාර ගස්ද+ හොඳම ජුනිපර් ගස්ද+ කපා දමමි.එහි පලතුරු උයන් කෙළවරටම වුවද මම යමි.+ 24  මම බිම හාරා කිසිදා නොබිව්වා වූ වතුර බොන්නෙමි.ඊජිප්තුවේ නයිල් ගඟේ සියලු අතු ගංගා පිට ඇවිද ඒවා සිඳවන්නෙමි.’+ 25  බොහෝ කාලයක සිට මා කිරීමට තීරණය කළ දේ+ ඔබට ආරංචි වුණේ නැද්ද?+මුල සිටම මම එය සැලසුම් කළෙමි.+දැන් මම එය ඉටු කරන්නෙමි.+සුරක්ෂිත නුවරවල් විනාශ කර පාළු නටබුන් ගොඩක් බවට පත් කිරීමට මම ඔබව යොදාගනිමි.+ 26  එම නුවරවල වැසියෝ කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වනු ඇත.+ඔවුහු භය වී ලැජ්ජාවට පත් වන්නෝය.+ඔවුහු කෙතේ මැලවී යන පැළෑටි මෙන්ද+නැඟෙනහිර දෙසින් හමන සුළඟට වියළී යන+ පියස්සේ තණකොළ මෙන්ද+ වනු ඇත. 27  ඔබ හිඳගෙන සිටින විටත් පිට වී යන විටත්+ නැවත ගෙට එන විටත් ඔබ කරන හැම දෙයක්ම මම දනිමි.+මට විරුද්ධව ඔබ කෝපයෙන් ක්‍රියා කරන හැටිත් මම දනිමි.+ 28  ඔබ මහත් කෝපයෙන් මට විරුද්ධව කළ+ චෝදනා මගේ කනට වැටී ඇත.+මම ඔබේ නාසයට කොක්කක්ද කටට කටකලියාවක්ද දමා+ඔබ ආ පාරෙන්ම නැවත ඔබව ඇදගෙන යන්නෙමි.”+ 29  “‘මෙය ඔබට ලකුණක් වනු ඇත.+ පසුගිය අස්වැන්නේදී කෙතේ වැටුණු බීජවලින් හටගන්නා පලදාවෙන් ඔබට මේ අවුරුද්දේ කන්න පුළුවන.+ දෙවන අවුරුද්දේදී ඉබේම පලදාවක් හටගනී. ඔබට ඒ පලදාවෙන් දෙවන අවුරුද්දේදී කන්න ලැබෙයි. නමුත් තුන්වන අවුරුද්දේදී ඔබම බීජ වපුරා+ අස්වැන්න නෙළාගන්න. මිදිවතු වවා ඒවායේ පලදාව කන්න.+ 30  යූදා පෙළපතේ බේරී ජීවත් වන අය+ ගැඹුරට මුල් බැස ඇති ගසක් මෙන් පල දරනවා ඇත.+ 31  මන්ද කුඩා සෙනඟක් යෙරුසලමෙන් නික්ම එනු ඇත.+ බේරී ජීවත් වන අය සියොන් කන්ද වෙතින් නික්ම එන්නෝය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම මහත් ආශාවකින්+ මේ දේ ඉටු කරන්නෙමි. 32  “‘එබැවින් යෙහෝවා දෙවි වන මම ඇසිරියාවේ රජු ගැන මෙසේ පැවසුවෙමි.+ “ඔහුට මේ නුවරට ඇතුල් වෙන්නවත්+ මේ දෙසට ඊතලයක් විදින්නවත්+ පලිහ අතට ගෙන මෙයට විරුද්ධව යුද්ධ කරන්නවත් මෙය වටා බැම්මක් ගොඩනඟා නුවර වටලන්නවත්+ ලැබෙන්නේ නැත. 33  ඔහු ආ පාරෙන්ම නැවත හැරී යයි. ඔහුට මේ නුවරට කිසි ලෙසකින්වත් ඇතුල් වෙන්න ලැබෙන්නේ නැති බව යෙහෝවා දෙවි වන මම පවසමි.+ 34  මාගේ නාමය වෙනුවෙනුත්+ මාගේ සේවක දාවිත් වෙනුවෙනුත්+ මම මේ නගරය ආරක්ෂා කර බේරාගන්නෙමි.”’”+ 35  ඒ රාත්‍රියේදීම යෙහෝවා දෙවිගේ දූතයා ඇසිරියානු කඳවුරේ භටයන්+ එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමුවේය.+ උදෑසනින්ම අවදි වූ සෙසු භටයන් අවට බැලූ විට ඔවුන්ට දකින්න ලැබුණේ සෑම තැනම තිබුණු මළ සිරුරු පමණි.+ 36  මේ සිද්ධියෙන් පසු ඇසිරියාවේ රජු වූ සෙනකෙරිබ්+ ආපසු නිනිවය නගරයට+ ගොස් එහි වාසය කළේය.+ 37  දිනක් ඔහු තම දෙවි වූ+ නිස්රොක්ගේ දේවාලයේ+ නමස්කාර කරමින් සිටියදී අද්‍රම්මෙලෙක් සහ ෂරෙෂෙර් නමැති ඔහුගේ පුත්‍රයෝ දෙදෙනා ඔහුට කඩුවෙන් පහර දී මරා දැමුවෝය.+ ඉන්පසු ඔවුහු අරරත් දේශයට+ පලා ගියෝය. සෙනකෙරිබ් රජුට පසු ඔහුගේ පුත් ඒසර්-හද්දොන්+ රජකමට පත් විය.

පාදසටහන්