2 රාජාවලිය 21:1-26

21  මනස්සේ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දොළොසකි.+ යෙරුසලමේ සිට ඔහු අවුරුදු පනස්පහක් පාලනය කළේය. ඔහුගේ මවගේ නම හෙප්ෂිබාය.  ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරු වෙතින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල් ක්‍රියාවල ඔහු නියැලුණේය.+  තම පියා වූ හෙසකියා රජු කඩා දැමූ පූජනීය ස්ථාන ඔහු නැවත ගොඩනැඟුවේය.+ ඊශ්‍රායෙල්හි රජකම් කළ ආහබ් මෙන්+ ඔහුද බාල්ට පූජාසන ගොඩනඟා, නමස්කාරය සඳහා කුලුනක් සෑදුවේය. ඔහු ආකාශ වස්තූන් ඉදිරියේ+ වැඳ වැටී+ ඒවාට නමස්කාර කිරීමටද පටන්ගත්තේය.+  “මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස මම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන කලින් පවසා තිබිණ. නමුත් මනස්සේ රජ යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ගොඩනැඟුවේය.+  එපමණක්ද නොව ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ මළු දෙකෙහි+ ආකාශ වස්තූන්වලට නමස්කාර කිරීම සඳහාද පූජාසන ගොඩනැඟුවේය.+  ඔහු තම පුත්‍රයාව ගින්නෙන් දවා පූජාවක් ලෙස ඔප්පු කළේය.+ ඔහු මන්ත්‍ර ගුරුකම්වල+ යෙදුණු අතර නිමිති බැලීමටද පටන්ගත්තේය. ඔහු මායාකාරයන්ව+ සහ ශාස්ත්‍ර කියන්නන්ව+ පත් කළේය. ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් බොහොමයක් කර දෙවිව උදහස් කළේය.  එපමණක්ද නොව නමස්කාරය සඳහා ඔහු සෑදූ කුලුනද+ ඔහු දෙවිගේ ගෘහයේ තැබුවේය.+ නමුත් ඒ ගෘහය ගැන යෙහෝවා දෙවි දාවිත්ටද දාවිත්ගේ පුත් සලමොන්ටද මෙසේ පවසා තිබිණ. “මේ ගෘහයද ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයත් නුවරවල් අතරින් මා තෝරගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මම සදහටම තෝරාගත්තෙමි.+  තම මුතුන්මිත්තන්ට දුන් දේශයෙන් ඊශ්‍රායෙල්වරුන්ව පන්නා නොදමන්නෙමි.+ නමුත් මම ඔවුන්ව ආරක්ෂා කරන්නේ මා ඔවුන්ට අණ කළ සියල්ලට අනුව එනම්, මාගේ සේවක මෝසෙස් මාර්ගයෙන් දුන් සියලු නීතිවලට අනුව ඔවුන් ක්‍රියා කළොත් පමණි.”+  නමුත් ඊශ්‍රායෙල්වරු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ ඊශ්‍රායෙල් සෙනඟගේ ඇස් පනාපිටම යෙහෝවා දෙවි විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට මනස්සේ රජ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවේය.+ 10  එබැවින් යෙහෝවා දෙවි තම සේවකයන් වූ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් නිතර නිතර අවවාද කරමින්+ මෙසේ කීවේය. 11  “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+ 12  ඒ නිසා ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ කියන්නේය. ‘මම යෙරුසලම සහ යූදා පිට විනාශයක් ගෙනෙන්නෙමි.+ ඒ ගැන අසන සියල්ලෝ භයෙන් තිගැස්සෙන්නෝය.+ 13  මම සමාරිය+ මැනීමට යොදාගත් ලණුව+ හා ආහබ්ගේ පෙළපත මට්ටම් කිරීමට යොදාගත් ලීය+ යෙරුසලම සඳහාත් යොදාගනිමි. ඉන්පසු භාජනයක් මුණින් අතට පෙරළා දමන්නාක් මෙන්+ මම යෙරුසලම පෙරළා දමන්නෙමි.+ 14  මාගේ උරුමය වන මාගේ සෙනඟ+ අතරින් ඉතුරු වන අයව මම අත්හැර දමන්නෙමි.+ ඔවුන්ව සතුරන් අතට පත් වීමට ඉඩහරින්නෙමි. ඔවුන්ව වහලුන් ලෙස රැගෙන යන අතර ඔවුන් සතු වස්තු සතුරෝ විසින් කොල්ල කනු ලබන්නෝය.+ 15  මන්ද තම මුතුන්මිත්තන් ඊජිප්තුවෙන් පිටතට ආ දවසේ සිට මේ දක්වාම ඔවුහු මා පිළිකුල් කරන දේ කරමින් මාව උදහස් කළෝය.’”+ 16  මනස්සේ රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින් යූදා වැසියන්ව පාපයට පෙලඹුවේය.+ ඊට අමතරව ඔහු නිර්දෝෂ මිනිසුන්ව මරා දමමින්+ මුළු යෙරුසලමම ලේ විලක් කළේය. 17  මනස්සේ රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද ඔහුගේ පාප ගැනද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 18  කලක් ගත වූ පසු මනස්සේ රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තම මාලිගාවේ උයනේ එනම්, උස්සාගේ උයනේ තැන්පත් කරන ලදි.+ ඉන්පසු ඔහුගේ පුත් ආමොන් රජකමට පත් විය. 19  ආමොන්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි. යෙරුසලමේ සිට ඔහු අවුරුදු දෙකක් පාලනය කළේය.+ ඔහුගේ මව යොත්බාහි වැසියෙකු වූ හාරුෂ්ගේ දියණිය වූ මෙෂුල්ලෙමෙත්ය. 20  ඔහු තම පියා වූ මනස්සේ මෙන් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ 21  ඔහු ක්‍රියා කළෙත් තම පියා ක්‍රියා කළ ආකාරයටමය.+ ඔහුත් තම පියා මෙන් පිළිකුල් රූපවලට දිගටම නමස්කාර කළේය.+ 22  මෙසේ ඔහු තම මුතුන්මිත්තන්ගේ දෙවි වූ යෙහෝවාව අත්හැරියේය.+ ඔහු යෙහෝවා දෙවිගේ මාර්ගයේ ගමන් කළේ නැත.+ 23  කලක් ගත වූ පසු ආමොන් රජුගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර ඔහුව මාලිගාවේදීම මරා දැමුවෝය.+ 24  නමුත් දේශයේ වැසියෝ එකතු වී ආමොන් රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ සියලුදෙනාවම මරා,+ ආමොන් රජුගේ පුත් යොෂියාව+ රජකමට පත් කළෝය. 25  ආමොන් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 26  පසුව ඔවුහු උස්සාගේ උයනේ පිහිටි සොහොන් ගෙයි ආමොන් රජුව තැන්පත් කළෝය.+ ඉන්පසු ඔහුගේ පුත් යොෂියා+ රජකමට පත් විය.

පාදසටහන්