Skip to content

පටුනට යන්න

A7-A

යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස්ගේ දේවසේවයට කලින් සිද්ධීන්

සුවිශේෂ හතරේ තොරතුරු අනුපිළිවෙළට

පහළින් තියෙන වගුවලට සම්බන්ධ සිතියම්වලින් පෙන්නන්නේ දේශනා කරන්න යේසුස් ගිය ගමන්. සිතියම්වල තියෙන ඊතලවලින් පෙන්නන්නේ යේසුස් ගමන් කරපු දිශාව මිසක් යේසුස් හරියටම ගමන් කරපු මාර්ගය නෙමෙයි.

යේසුස්ගේ දේවසේවයට කලින් සිද්ධීන්

කාලය

තැන

සිද්ධිය

මතෙව්

මාක්

ලූක්

යොහන්

ක්‍රි.පූ. 3

යෙරුසලම, දේවමාලිගාවගාබ්‍රියෙල්

දේවදූතයා යොහන් බව්තීස්තගේ උපත ගැන සෙකරියාට කියයි

   

1:5-25

 

ක්‍රි.පූ. 2දී විතර

නාසරෙත්, යුදයගාබ්‍රියෙල්

දේවදූතයා යේසුස්ගේ උපත ගැන මරියාට කියයි. එයා නෑයෙක් වුණ එලිසබෙත්ව බලන්න යයි

   

1:26-56

 

ක්‍රි.පූ. 2

යුදයේ කඳුකර ප්‍රදේශය

යොහන් බව්තීස්තගේ උපත සහ එයාට නම දෙයි. සෙකරියා අනාවැකියක් කියයි. යොහන් ඉන්න යන්නේ පාළුකරයේ

   

1:57-80

 

ක්‍රි.පූ. 2, ඔක්. 1 විතර

බෙත්ලෙහෙම

යේසුස්ගේ උපත. “‘වචනය’ කියන තැනැත්තා මිනිසෙක් වුණා”

1:1-25

 

2:1-7

1:14

බෙත්ලෙහෙම ළඟ, බෙත්ලෙහෙම

දේවදූතයා එඬේරුන්ට ශුභාරංචිය කියයි. දේවදූතයන් දෙවියන්ට ප්‍රශංසා කරයි. එඬේරු ළදරුවාව බලන්න යයි

   

2:8-20

 

බෙත්ලෙහෙම, යෙරුසලම

යේසුස්ව චර්මච්ඡේදනය කරයි (8වෙනි දවසේ). ඔහුව දේවමාලිගාවට අරන් යයි (40වෙනි දවසට පස්සේ)

   

2:21-38

 

ක්‍රි.පූ. 1 හෝ ක්‍රි.ව. 1

යෙරුසලම, බෙත්ලෙහෙම, ඊජිප්තුව, නාසරෙත්

ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් එයි. ඊජිප්තුවට පලා යයි. හෙරොද් පිරිමි දරුවන්ව මරයි. ඊජිප්තුවෙන් ඇවිත් නාසරෙත්වල පදිංචි වෙයි

2:1-23

 

2:39, 40

 

ක්‍රි.ව. 12, පාස්කුව

යෙරුසලම

අවුරුදු 12දී යේසුස් දේවමාලිගාවේදී ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අහයි

   

2:41-50

 
 

නාසරෙත්

ආපහු නාසරෙත්වලට එයි. දිගටම දෙමාපියන්ට යටත් වෙලා ඉඳියි. වඩු වැඩ ඉගෙනගනියි. මරියා තවත් පුතාලා හතරදෙනෙක්වයි, දුවලවයි ඇතිදැඩි කරයි (මතෙ 13:55, 56; මාක් 6:3)

   

2:51, 52

 

29, වසන්ත කාලය

පාළුකරය, යොර්දාන් ගඟ

යොහන් බව්තීස්ත සේවය පටන්ගනියි

3:1-12

1:1-8

3:1-18

1:6-8