Skip to content

පටුනට යන්න

A7-E

යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් ගලීලයේදී කරපු සේවය (3 කොටස) සහ යූදයේ කරපු සේවය

කාලය

තැන

සිද්ධිය

මතෙව්

මාක්

ලූක්

යොහන්

32, පාස්කුවට පස්සේ

ගලීල මුහුද, බෙත්සයිදා

බෙත්සයිදාවට බෝට්ටුවෙන් යයි. පරිසිවරුන්ගේ මුහුන් ගැන අනතුරු අඟවයි. අන්ධ මිනිසාව සුව කරයි

16:5-12

8:13-26

   

සිසේරිය ෆිලිප්පිය

දේවරාජ්‍යයේ යතුරු, ඔහුගේ මරණය සහ නැවත නැඟිටීම ගැන කලින්ම කියයි

16:13-28

8:27–9:1

9:18-27

 

හෙර්මොන් කන්ද වෙන්න ඇති

යේසුස්ගේ පෙනුම වෙනස් වෙයි. යෙහෝවා කතා කරයි

17:1-13

9:2-13

9:28-36

 

සිසේරිය ෆිලිප්පිය

භූතයෙක් වැහුණ පිරිමි දරුවාව සුව කරයි

17:14-20

9:14-29

9:37-43

 

ගලීලය

තමන්ගේ මරණය ගැන ආයේ කියයි

17:22, 23

9:30-32

9:43-45

 

මාළුවෙක්ගේ කටෙන් ගත්ත කාසියෙන් බදු ගෙවයි

17:24-27

     

දේවරාජ්‍යයේ උතුම්ම කෙනා. නැති වුණ බැටළුවා සහ සමාව නොදුන් දාසයා ගැන උදාහරණ

18:1-35

9:33-50

9:46-50

 

ගලීලයේ සමාරිය

යෙරුසලමට යද්දී දේවරාජ්‍යය වෙනුවෙන් හැම දේම අතහරින්න කියලා ගෝලයන්ට කියයි

8:19-22

 

9:51-62

7:2-10

යේසුස් පස්සේ කාලේදී යුදයේ කරපු සේවය

කාලය

තැන

සිද්ධිය

මතෙව්

මාක්

ලූක්

යොහන්

32, කූඩාරම් උත්සවය (හෝ පැල් උත්සවය)

යෙරුසලම

උත්සවයේදී උගන්නයි. ඔහුව අත්අඩංගුවට ගන්න නිලධාරීන්ව යවයි

     

7:11-52

“ලෝකේ ආලෝකය මමයි” කියලා කියයි. උපතින්ම අන්ධ කෙනෙක්ව සුව කරයි

     

8:12–9:41

යුදය වෙන්න ඇති

70දෙනාව පිටත් කරයි. එයාලා සතුටින් ආපහු එයි

   

10:1-24

 

යුදය, බෙතානිය

කරුණාවන්ත සමරිතානුවා ගැන කතාව. මරියා සහ මාර්තාගේ ගෙදරට යයි

   

10:25-42

 

යුදය වෙන්න ඇති

ආදර්ශ යාච්ඤාව ආපහු සැරයක් උගන්නයි. අත්හරින්නේ නැතුව ඉල්ලන යාළුවා ගැන කතාව

   

11:1-13

 

දෙවියන්ගේ බලයෙන් භූතයන්ව එළවයි. යෝනාගේ ලකුණ ගැන ආයේ කියයි

   

11:14-36

 

පරිසිවරයෙක් එක්ක කෑම කයි. පරිසිවරුන්ගේ කුහකකම

   

11:37-54

 

උදාහරණ: මෝඩ, පොහොසත් මිනිසා සහ විශ්වාසවන්ත දාසයා

   

12:1-59

 

ආබාධිත කාන්තාවක්ව සබත් දවසේදී සුව කරයි. අබ ඇටයේ සහ මුහුන් ගැන උදාහරණ

   

13:1-21

 

32, කැප කිරීමේ උත්සවය

යෙරුසලම

උතුම් එඬේරා සහ බැටළු ගාල ගැන උදාහරණය. යුදෙව්වන් ඔහුට ගල් ගහන්න හදයි. යොර්දානෙන් එගොඩ තියෙන බෙතානියට යයි

     

10:1-39