Skip to content

පටුනට යන්න

B1

බයිබලයේ තියෙන පණිවිඩය

පාලනය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි. ඔහු පාලනය කරන විදිහ තමයි හොඳම විදිහ. මිනිස්සු වෙනුවෙනුත් පොළොව වෙනුවෙනුත් ඔහුගේ අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.

ක්‍රි.පූ. 4026න් පස්සේ

පාලනය කරන්න යෙහෝවාට තියෙන අයිතිය ගැනත් ඔහු පාලනය කරන විදිහ ගැනත් “සර්පයා” ප්‍රශ්න කරනවා. “පැවතෙන කෙනාව” එවලා ඔහු මාර්ගයෙන් සර්පයාගේ, ඒ කියන්නේ සාතන්ගේ හිස පොඩි කරලාම දානවා කියලා යෙහෝවා පොරොන්දු වෙනවා. (උත්පත්ති 3:1-5, 15) ඒත් ඔහු සර්පයාගේ බලය යටතේ මිනිස්සුන්ට එයාලවම පාලනය කරන්න යම් කාලෙකට ඉඩහැරලා තියෙනවා.

ක්‍රි.පූ. 1943

යෙහෝවා ආබ්‍රහම්ට පොරොන්දු වෙනවා “පැවත එන කෙනා” එන්නේ එයාගේ පෙළපතින් කියලා.—උත්පත්ති 22:18.

ක්‍රි.පූ. 1070න් පස්සේ

යෙහෝවා දාවිත් රජටයි, එයාගේ පුතා සලමොන්ටයි පොරොන්දු වෙනවා “පැවතෙන කෙනා” එයාලාගේ පෙළපතින් එනවා කියලා.—2 සාමුවෙල් 7:12, 16; 1 රාජාවලිය 9:3-5; යෙසායා 9:6, 7.

ක්‍රි.ව. 29

දාවිත්ගේ සිංහාසනයට උරුමකම් කියන “පැවතෙන කෙනා” යේසුස් කියලා යෙහෝවාම හඳුන්වලා දෙනවා.—ගලාති 3:16; ලූක් 1:31-33; 3:21, 22.

ක්‍රි.ව. 33

සර්පයා වන සාතන් යේසුස්ව මරලා “පැවතෙන කෙනාට” තාවකාලිකව තුවාල කරනවා. යෙහෝවා යේසුස්ව ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට නැවත නැඟිට්ටවනවා. ඊටපස්සේ දෙවියන් යේසුස් පූජා කරපු පරිපූර්ණ ජීවිතේ වටිනාකම පිළිගන්නවා. ඒ පූජාව පදනම් කරගෙන මිනිස්සුන්ගේ පව්වලට සමාව දෙන්නත් එයාලට සදාකාල ජීවිතය දෙන්නත් දෙවියන්ට පුළුවන්.—උත්පත්ති 3:15; ක්‍රියා 2:32-36; 1 කොරින්ති 15:21, 22.

ක්‍රි.ව. 1914දී විතර

යේසුස් සර්පයා වන සාතන්ව පොළොවට හෙළලා ටික කාලෙකට සාතන්ව පොළොවට සීමා කරනවා.—එළිදරව් 12:7-9, 12.

අනාගතයේදී

යේසුස් සාතන්ව අවුරුදු 1,000කට හිර කරනවා. ඊටපස්සේ ඔහු එයාව විනාශ කරනවා. එහෙම කරලා තමයි ඔහු සර්පයාගේ හිස පොඩි කරන්නේ. මිනිස්සු සහ පොළොව වෙනුවෙන් දෙවියන් මුලින්ම අරමුණු කරපු දේ ඉටු වෙනවා. ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළල ඉවත් වෙනවා. යෙහෝවා පාලනය කරන විදිහ තමයි හොඳම විදිහ කියලා ඔප්පු වෙනවා. —එළිදරව් 20:1-3, 10; 21:3, 4.