Skip to content

පටුනට යන්න

B12-B

යේසුස් පොළොවේ ගත කරපු අන්තිම සතිය (2 කොටස)

යෙරුසලම සහ ඒ අවට ප්‍රදේශය

  1. දේවමාලිගාව

  2.   ගෙත්සෙමන උයන (?)

  3.   ආණ්ඩුකාරයාගේ මාලිගාව

  4.   කායෆස්ගේ ගෙදර (?)

  5.   හෙරොද් අන්තිපස්ගේ මාලිගාවක් (?)

  6. බෙත්සාතා පොකුණ

  7. සිලෝම් පොකුණ

  8.   මන්ත්‍රණ සභාව රැස් වුණ ශාලාව (?)

  9.   ගොල්ගොතා (?)

  10. අකෙල්දමා (?)

     දවසට යන්න:  නීසාන් 12 |  නීසාන් 13 |  නීසාන් 14 |  නීසාන් 15 |  නීසාන් 16

 නීසාන් 12

හිරු බැස යෑම (යුදෙව්වන්ගේ දවස පටන්ගන්නෙත් අවසන් වෙන්නෙත් හිරු බහිනවාත් එක්කමයි)

හිරු නැඟ ඒම

  • ගෝලයන් එක්ක කාලය ගත කරයි

  • යේසුස්ව පාවලා දෙන්න යූදස් සැලසුම් කරයි

හිරු බැස යෑම

 නීසාන් 13

හිරු බැස යෑම

හිරු නැඟ ඒම

  • පේතෘස් සහ යොහන් පාස්කුවට අවශ්‍ය දේ සූදානම් කරයි

  • යේසුස් සහ අනිත් නියෝජිතයන් හවස් වරුවේ එතනට එයි

හිරු බැස යෑම

 නීසාන් 14

හිරු බැස යෑම

  • නියෝජිතයන් එක්ක පාස්කුව සමරයි

  • නියෝජිතයන්ගේ පාද හෝදයි

  • යූදස්ව පිටත් කරලා යවයි

  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙයි

  • ගෙත්සෙමන උයනේදී යේසුස්ව පාවලා දෙයි. අත්අඩංගුවට ගනියි ( 2)

  • නියෝජිතයන් ඔහුව අත්හැරලා යයි

  • කායෆස්ගේ ගෙදරදී මන්ත්‍රණ සභාව ඔහුට විරුද්ධව සාක්ෂි හොයයි ( 4)

  • පේතෘස් යේසුස්ව හඳුනන්නේ නැහැ කියයි

හිරු නැඟ ඒම

  • ආයෙත් මන්ත්‍රණ සභාව ඉස්සරහට අරන් යයි ( 8)

  • පිලාත් ඉස්සරහටත් ( 3) හෙරොද් ඉස්සරහටත් ( 5) ආයෙත් පිලාත් ඉස්සරහටත් අරන් යයි (3)

  • මරණ දඬුවම නියම කරලා ගොල්ගොතාවලදී කණුවක ඇණ ගහයි ( 9)

  • හවස තුනට විතර මිය යයි

  • දේහය වධකණුවෙන් අරගෙන තැන්පත් කරයි

හිරු බැස යෑම

 නීසාන් 15 (සබත)

හිරු බැස යෑම

හිරු නැඟ ඒම

  • යේසුස්ගේ සොහොන්ගේ මුර කරන්න පිලාත් අවසර දෙයි

හිරු බැස යෑම

 නීසාන් 16

හිරු බැස යෑම

  • දේහයේ ගාන්න සුවඳ ද්‍රව්‍ය මිල දී ගනියි

හිරු නැඟ ඒම

  • නැවත නැඟිට්ටවයි

  • ගෝලයන් ඉස්සරහා පෙනී ඉඳියි

හිරු බැස යෑම