ආමොස් 4:1-13

  • බාෂාන් දේශයේ එළදෙනුන්ට විරුද්ධව දීපු පණිවිඩයක් (1-3)

  • ඊශ්‍රායෙල්වරු කරන බොරු නමස්කාරය යෙහෝවා හෙළා දකියි (4, 5)

  • ඊශ්‍රායෙල්වරු හික්මවීම ප්‍රතික්ෂේප කරයි (6-13)

    • “ඔබේ දෙවියන් ඉස්සරහට එන්න දැන් ලෑස්ති වෙන්න” (12)

    • ‘දෙවියන් තමන්ගේ සිතුවිලි මිනිසුන්ට දැනුම් දෙයි’ (13)

4  “සමාරියේ කන්ද උඩට වෙලා ඉන්න බාෂාන් දේශයේ එළදෙනුනි,මේ පණිවිඩයට සවන් දෙන්න.+අසරණයන්ට වංචා කරලා නැති බැරි අයව පාගලා දාන කාන්තාවෙනි,+‘අපිට බොන්න මත්පැන් ගෙනත් දෙන්න’ කියලා ඔබේ ස්වාමිපුරුෂයන්ට ඔබ කියනවා.   ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා තමන්ගේ ශුද්ධකම සහතිකයක් විදිහට දීලා මෙහෙම දිවුරනවා.‘“බලන්න, ඔබව මස් කොකුවලින් ඇදගෙන යන දවසක් එනවා!ඉතුරු වෙන අයව බිළී කොකුවලින් ඇදගෙන යයි.   එදාට, පවුරේ කඩලා දාපු තැන්වලින් ඔබ එක් එක් කෙනාව නුවරෙන් එළියට අරන් යයි.ඔබව හර්මොන් දිහාවට වීසි කරලා දායි.” එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.’   ‘ඊශ්‍රායෙල් ජනයෙනි, බෙතෙල්වලට ඇවිත් දූෂිත දේවල් කරන්න.*+ගිල්ගාල්වලටත් ගිහින් තව තවත් දූෂිත දේවල් කරන්න.+ හැම උදෑසනකම ඔබේ පූජා අරන් එන්න.+තුන්වෙනිදා දහයෙන් කොටස් ගේන්න.+   ස්තුති පූජාවක් විදිහට මුහුන් මිශ්‍ර කරපු රොටි පූජාසනය මත දවන්න.+ඔබ කැමැත්තෙන්ම ඔප්පු කරන පූජා ගැන ප්‍රසිද්ධියේ දැනුම් දෙන්න. මොකද ඔබ කැමතිත් ඒ වගේ දේවල් කරන්නනේ.’එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියන්.   ‘ඔබේ සියලුම නුවරවල ඉන්න අයට මම බඩගින්නේ ඉන්න හැරියා.*හැම ගෙදරකම කෑම හිඟයක් ඇති වෙන්න සැලැස්සුවා.+එහෙම කරලත් ඔබ මං ගාවට ආයෙත් ආවේ නැහැ.’+එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.   ‘අස්වැන්න නෙළන්න මාස තුනකට කලින්ඔබට වර්ෂාව දෙන එක මං නැවැත්තුවා.+ එක නගරයකට වැස්ස දුන්නත් තව නගරයකට වැස්ස දුන්නේ නැහැ.එක ඉඩමකට වැසි ලැබුණත් තවත් ඉඩමක් වැස්ස නැතුව වේළිලා ගියා.   නගර කිහිපයක වැසියෝ හරිම තිබහෙන්වැටිවැටී වතුර හොයාගෙන වෙන නගරයකට ගියා.+ඒත් ඔවුන්ට බොන්න ඇති තරම් වතුර තිබුණේ නැහැ.ඒ හැම දේම වෙලත් ඔබ මං ගාවට ආයෙත් ආවේ නැහැ.’+එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.   ‘මම ඔබේ අස්වැන්න වියළි සුළඟකින් සහ දිලීර රෝගයකින් විනාශ කළා.+ ඔබ පලතුරු උයන් සහ මිදිවතු තව වැඩි කරගත්තා.ඒත් පළඟැටියන් ඇවිත් ඔබේ අත්තික්කා ගසුත් ඔලීව ගසුත් කාලා දැම්මා.+ඒ හැම දේම වෙලත් ඔබ මං ගාවට ආයෙත් ආවේ නැහැ.’+ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්. 10  ‘මම ඊජිප්තුවට පහර දුන්නා වගේම වසංගතයකින් ඔබටත් පහර දුන්නා.+ මම ඔබේ තරුණයන්ව කඩුවෙන් මරලා+ ඔබේ අශ්වයන්ව පැහැරගෙන ගියා.+ ඔබට උහුලන්න බැරි තරම් දුගඳක් ඔබේ කඳවුරුවලින් හමන්න සැලැස්සුවා.+ඒත් ඔබ මං ගාවට ආයෙත් ආවේ නැහැ.’ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්. 11  ‘මම සොදොම් සහ ගොමෝරා විනාශ කරපු විදිහටම+ ඔබවත් විනාශ කළා. ඔබ හිටියේ ගින්නෙන් ඉවතට ඇදලා ගත්ත දර කැබැල්ලක් වගේ.ඒත් ඔබ මං ගාවට ආයෙත් ආවේ නැහැ.’+ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්. 12  ඊශ්‍රායෙල් ජනයෙනි, මම ආයෙත් ඔබට ඒ විදිහටම දඬුවම් කරනවා. ඒ නිසා ඔබේ දෙවියන් ඉස්සරහට එන්න දැන් ලෑස්ති වෙන්න.මොකද ඔබට දඬුවම් කරන්න මම අනිවාර්යයෙන්ම එනවා. 13  කඳු හැදුවෙත්+ සුළං හමන්න සැලැස්සුවෙත්+තමන්ගේ සිතුවිලි මිනිසුන්ට දැනුම් දුන්නෙත් කවුද?අරුණාලෝකය අඳුරට හරවන්නෙත්+කඳු හෙල් උඩින් ඇවිදන් යන්නෙත් කවුද?+ඔහුගේ නම, ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවායි.”

පාදසටහන්

හෝ, “කැරලිගහන්න.”
මූ.අ., “අයගේ දත් සුද්ද කළා.”