ආමොස් 5:1-27

  • ඊශ්‍රායෙල් වැටිලා ඉන්න කන්‍යාවක් වගේ (1-3)

  • දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ලබාගෙන ජීවිතය රැකගන්න (4-17)

    • දුෂ්ට දේ පිළිකුල් කරලා යහපතට ඇලුම් කරන්න (15)

  • යෙහෝවා දෙවියන්ගේ දවස අඳුරු දවසක් (18-27)

    • ඊශ්‍රායෙල් ගේන පූජා පිළිගන්නේ නැහැ (22)

5  “ඊශ්‍රායෙල් ජනයෙනි, මම ඔබ ගැන කියන මේ විලාප ගීයට සවන් දෙන්න.   ‘ඊශ්‍රායෙල් කන්‍යා දියණිය ඇගේ දේශයේම වැටිලා ඉන්නවා.ඇයට ආයෙත් නැඟිටින්න බැහැ. හැමෝම ඇයව අත්හැරලා ගිහින්.ඇයට අත දෙන්න කිසිම කෙනෙක් නැහැ.’  “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘නගරයකින් මිනිසුන් දාහක් යුද්ධයට යැව්වත් ආයෙත් එන්නේ සියදෙනෙක් විතරයි.සියදෙනෙක්ව යැව්වත් ආයෙත් එන්නේ දහදෙනෙක් විතරයි.ඊශ්‍රායෙල් දේශයට වෙන්නෙත් ඒ දේමයි.’+  “යෙහෝවා ඊශ්‍රායෙල් ජනයාට මෙහෙම කියනවා. ‘මගෙන් මඟ පෙන්වීම් ලබාගෙන ජීවිතය රැකගන්න.+   බෙතෙල් නගරය හොයාගෙන යන්න එපා.+ගිල්ගාල්වලටවත්+ බෙයර්ෂෙබාවලටවත්+ යන්න එපා.මොකද ගිල්ගාල්වල වැසියන්ව වහලුන් විදිහට අරන් යන්න නියමිතයි.+බෙතෙල් නගරය නැත්තටම නැති වෙනවා.*   යෝසෙප්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා වන මගෙන් මඟ පෙන්වීම් ලබාගෙන ජීවිතය රැකගන්න.+ඔබ එහෙම කළේ නැත්නම් මම ඇවිළෙන ගින්නක් වගේ ඇවිත් ඔබව විනාශ කරනවා.කාටවත් නිවලා දාන්න බැරි ගින්නකින් බෙතෙල් දවලා දානවා.   ඔබ යුක්තිය කණපිට පෙරළනවා.ඒ නිසා ජනයාට ජීවිතය තිත්ත වෙලා.*ඔබ ධර්මිෂ්ඨකම පාගලා දානවා.+   කයිමා තාරකා මණ්ඩලයත්* කේසිල් තාරකා මණ්ඩලයත්* හැදුවේ කවුද?+ඝන අන්ධකාරය අලුයම් ආලෝකයට හරවන්නෙත්දවාල අඳුරු රාත්‍රියට හරවන්නෙත්+මුහුදේ වතුරට හඬගසා ඒවා පොළොවට ඇද හැලෙන්න සලස්වන්නෙත් කවුද?+ඒ හැම දේම කරන තැනැත්තාගේ නම යෙහෝවා.   බලවන්තයන් පිටට ඔහු හදිසි විනාශයක් ගේනවා.බලකොටු සුනුවිසුනු කරලා දානවා. 10  නුවර දොරටුව ළඟ වාඩි වෙලා අවවාද දෙන කෙනාට ඔවුන් වෛර කරනවා.සත්‍යය කතා කරන කෙනා ඔවුන්ට පිළිකුලක්.+ 11  ඔබ දුප්පත් ගොවීන්ගෙන් බලහත්කාරයෙන් කුලී* ගන්නවා.බද්දක් විදිහට ඔවුන්ගේ ධාන්‍ය අස්වැන්නෙන් කොටසකුත් ගන්නවා.+ඒ දේවල් කරන නිසා කපපු ගල්වලින් ඔබ හදපු ගෙවල්වල ඔබට හැමදාටම ඉන්න ලැබෙන්නේ නැහැ.+ඔබ වවාගත්ත සරුසාර මිදිවතුවලින් ලැබෙන වයින් ඔබට බොන්න ලැබෙන්නෙත් නැහැ.+ 12  ඔබ මට විරුද්ධව කී වතාවක් කැරලිගැහුවාද* කියලත්ඔබේ වැරදි කොයි තරම් බරපතළද කියලත් මම දන්නවා.ඔබ ධර්මිෂ්ඨ අයට හිරිහැර කරනවා.අල්ලස් ගන්නවා.*නුවර දොරටුව ළඟට එන දුප්පත් අයගේ අයිතිවාසිකම් නොසලකාහරිනවා.+ 13  ඒ නිසා නුවණැති කෙනා එදාට නිහඬව ඉඳියි.මොකද ඒක විපත්ති කාලයක් වෙයි.+ 14  ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා ඔබත් එක්කම ඉන්නවා කියලා ඔබ කියනවා.+ ඒත් ඒක ඇත්තක් වෙන්න නම් ඔබ නපුරු දේ අත්හැරලා යහපත් දේ කරන්න ඕනේ.+එතකොට ඔබට ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්.+ 15  දුෂ්ට දේ පිළිකුල් කරලා යහපත් දේට ඇලුම් කරන්න.+නුවර දොරටුව ළඟ යුක්තිය ඉටු කරන්න.+ එහෙම කළොත් සමහරවිට ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවායෝසෙප්ගේ පෙළපතේ ඉතුරු අයට කරුණාව පෙන්වයි.’+ 16  “ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘හැම ප්‍රධාන හන්දියකම වැලපෙන හඬ ඇහෙයි.“අනේ! අනේ,” කියලා කෑගහන හඬ හැම මාවතකම ඇහෙයි. ගොවීන්ටත් කුලියට හඬා වැලපෙන අයටත්ඇවිත් විලාප නඟන්න කියලා ඔවුන් කියයි.’එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්. 17  ‘මම ඔබේ දේශය මැදින් යන නිසාහැම මිදිවත්තකින්ම විලාප නඟන හඬ ඇහෙයි.’+එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්. 18  ‘යෙහෝවා දෙවියන්ගේ දවස එන කල් බලාගෙන ඉන්න අයට මොන තරම් දුක් වෙන්න වෙයිද!+ එහෙමනම් යෙහෝවාගේ දවස ඔබට මොන වගේ දවසක් වෙයිද?+ ඒක ආලෝකය වෙනුවට අන්ධකාරයෙන් වැහිලා ගිය දවසක් වෙයි.+ 19  එදාට ඔබට වෙන්නේ මේ වගේ දෙයක්.කෙනෙක් සිංහයෙක්ගෙන් බේරිලා පලා යද්දී ඔහු වලහෙක්ට අහු වෙනවා.ඔහු කොහොමහරි එතනිනුත් බේරිලා ගෙදරට ගිහින් බිත්තියට හේත්තු වුණාම සර්පයෙක් ඔහුට දෂ්ට කරනවා. 20  යෙහෝවා දෙවියන්ගේ දවස ආලෝකය වෙනුවට අන්ධකාරයෙන් වැහුණු දවසක් වෙයි.දීප්තිය වෙනුවට අඳුරු වලාවන්ගෙන් පිරුණු දවසක් වෙයි. 21  මම ඔබේ උත්සව පිළිකුල් කරනවා. ඒවා හෙළා දකිනවා.+ශුද්ධ එක්රැස්වීම්වලදී ඔබේ පූජාවලින් නැඟෙන සුවඳ මට අප්‍රසන්නයි. 22  ඔබ මට දවන පූජා ඔප්පු කළත් තෑගි පූජා ඔප්පු කළත්මම ඒවා ගැන පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+ඔබ හවුල් පූජා විදිහට මට හොඳ මහත සත්තු ඔප්පු කළත්මම ඒවා කොහොමටවත් පිළිගන්නේ නැහැ.+ 23  මගේ කනට අමිහිරි ගීත ගයන එක නවත්තන්න.ඔබේ වීණාවල නාදය මගේ දෙසවනට වැටෙන්නවත් ඉඩ තියන්න එපා.+ 24  ඒ වෙනුවට යුක්තිය ඔබේ දේශය පුරා ගලා බහින ගංගාවක් වගෙත්+ධර්මිෂ්ඨකම හිඳිලා යන්නේ නැති දිය දහරාවක් වගෙත් වෙන්න සලස්වන්න. 25  ඊශ්‍රායෙල් ජනයෙනි, පාළුකරයේ හිටපු අවුරුදු 40 පුරාමඔබ මට පුදපූජා, තෑගි පූජා ඔප්පු කළාද?+ 26  ඒත් ඉස්සරහට ඔබේ රජ වන සක්කුත්වත් කයිවන්වත්* ඔබට උස්සගෙන යන්න වෙයි.ඔබේ තරු දෙවියන්ට* නමස්කාර කරන්න ඔබ හදාගත්ත රූප ඔබට උස්සගෙන යන්න වෙයි. 27  මම දමස්කයෙනුත් හුඟක් ඈතට ඔබව පිටමං කරනවා.’+එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවායි.”+

පාදසටහන්

හෝ සමහරවිට, “මන්තර ගුරුකම්වලට තෝතැන්නක් වෙනවා.”
මූ.අ., “යුක්තිය තිත්ත පැළෑටියක් කළා.”
සමහරවිට දඩයක්කාරයා කියන තාරකා මණ්ඩලය.
සමහරවිට වෘෂභ තාරකා මණ්ඩලයේ තියෙන හත්දින්නත් තරු.
හෝ, “ඉඩම් බදු.”
හෝ, “සත්‍යය වසං කරන්න සල්ලි ගන්නවා.”
හෝ, “අපරාධ කළාද.”
මේ නම් දෙකෙන්ම අදහස් වෙන්නේ සෙනසුරු ග්‍රහලෝකය වෙන්න පුළුවන්. සෙනසුරු ග්‍රහයාව දෙවි කෙනෙක් විදිහට සැලකුවා.
මූ.අ., “ඔබේ දෙවියන්ගේ තරුවට.”