ආමොස් 8:1-14

  • ඉදුණු පලතුරු කූඩය ගැන දර්ශනයක් (1-3)

  • පීඩා කරන අයව විනිශ්චය කරයි (4-14)

    • දෙවියන්ගේ වචන අහන්න නොලැබෙන නිසා සාගතයක් (11)

8  බලන්න, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මට ඉදුණු පලතුරු* කූඩයක් පෙන්නුවා.  ඊටපස්සේ දෙවියන් “ආමොස්, ඔයාට මොනවාද පේන්නේ” කියලා මගෙන් ඇහුවා. “මට ඉදුණු පලතුරු* කූඩයක් පේනවා” කියලා මම කිව්වා. එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා. “මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ අවසානය ළං වෙලා. මම තවත් නම් ඔවුන්ට සමාව දෙන්නේ නැහැ.+  ‘එදාට දේවමාලිගාවේ ඉඳන් ගීතිකා ගයනවා වෙනුවට ඔවුන් විලාප නඟයි.’+ එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා. ‘ඒ දවසේදී දේශයේ බලන බලන තැන වීසි කරලා දාපු මළ කඳන් දකින්න තියෙයි.+ ඒ නිසා හැමෝම නිහඬ වෙන්න!’   අසරණ අයව පාගලා දාන,නිහතමානී අයව නැති කරලා දාන හැමෝම, දැන් මට ඇහුම්කන් දෙන්න.+   ඔබ මෙහෙම කියනවා. ‘නව සඳ පායන උත්සවය ඉවර වෙන්නේ කොයි වෙලේද?+එතකොට අපිට අපේ ධාන්‍ය විකුණගන්න පුළුවන්. සබත ඉවර වෙන්නේ කොයි වෙලාවෙද?+ අපිට ඕනෙ අපේ ධාන්‍ය ටික විකුණගන්න.එතකොට අපිට පුළුවන් ඒපා* මිනුමේ ප්‍රමාණය අඩු කරලා වැඩිපුර ගාණක්* අය කරන්න.හොර තරාදි හදලා මිනිස්සුන්ව රවට්ටන්න.+   ඒ වගේම අපිට පුළුවන් රිදී කාසි දීලා අසරණයන්ව සල්ලිවලට ගන්න.පාවහන් කුට්ටමකට දුප්පතෙක්ව ගන්න.+ධාන්‍යවල අහක දාන රොඩු විකුණන්නත් අපිට පුළුවන්.’   යාකොබ්ගේ ගෞරවය වන යෙහෝවා තමන්ගෙම නමින් දිවුරලා+ මෙහෙම කියනවා.‘ඔවුන් කරන කිසි දෙයක් මම අමතක කරන්නේ නැහැ.+   ඔවුන් කරපු දේවල් නිසා මුළු දේශයම* කැලඹෙයි.එහේ ඉන්න හැම කෙනෙක්ම හඬා වැලපෙයි.+ ඊජිප්තුවේ නයිල් ගඟේ වතුර කැලඹිලා පිටාර ගලනවා වගේඔවුනුත් කැලඹිලා පහ වෙලා යයි.’+   ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.‘ඒ දවසේදී, මම මධ්‍යාහ්න වෙලාවේදී ඉර බහින්න සලස්වනවා.මහ දවාලේදී දේශය අන්ධකාරයෙන් වැහිලා යන්න සලස්වනවා.+ 10  ඔබේ උත්සව දවස්වලදී ඔබට වැලපෙන්න සිද්ධ වෙයි.+ගීතිකා වෙනුවට විලාප ගී ගයන්න සිද්ධ වෙයි. හැමෝටම ගෝණි රෙදි අඳින්නත් හිස මුඩු කරගන්නත් සිද්ධ වෙයි.එකම පුතා මිය ගිය කෙනෙක් වගේ ඔබටත් වැලපෙන්න වෙයි.ඒ දවස ඔබට ශෝකයෙන් පිරුණු දවසක් වෙයි.’ 11  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.‘බලන්න, මම දේශයේ සාගතයක් ඇති කරනවා.ඒක කෑම හිඟයක් නිසාවත් වතුර හිඟයක් නිසාවත් ඇති වෙන සාගතයක් නෙවෙයි.යෙහෝවා වන මගේ වචන අහන්න නොලැබෙන නිසා ඇති වෙන සාගතයක්.+ 12  එදාට මිනිස්සු යෙහෝවා වන මගේ වචනය හොයහොය එක මුහුදක ඉඳන් තවත් මුහුදකටත්උතුරේ ඉඳන් නැඟෙනහිරටත් ඒ මේ අත යයි. හැම තැනකටම ගිහින් හෙව්වත් ඔවුන්ට මගේ වචනය හොයාගන්න ලැබෙන්නේ නැහැ. 13  එදාට පිපාසය නිසා රූමත් කන්‍යාවෝ ක්ලාන්ත වෙයි.තරුණයෝ ඇද වැටෙයි. 14  “දාන්,+ ඔබේ දෙවියන් ජීවමානයි!බෙයර්ෂෙබා,+ ඔබේ මාවත් හැමදාටම පවතියි” කියකිය සමාරියේ+ වෙනත් දෙවිවරුන්ගේ නමින් දිවුරන හැමෝම වැටිලා යයි. ආයේ කවදාවත් ඔවුන් නැඟිටින්නේ නැහැ.’”+

පාදසටහන්

මූ.අ., “ගිම්හාන පලතුරු.” සමහරවිට මෙතන කතා කරන්නේ අත්තික්කා සහ රටඉඳි ගැන වෙන්න පුළුවන්.
මූ.අ., “ගිම්හාන පලතුරු.” “ගිම්හාන පලතුරු” සහ “අවසානය” සඳහා පාවිච්චි කරන හෙබ්‍රෙව් වචන දෙක අතරේ සමානකමක් තියෙනවා.
උප. B14 බලන්න.
මූ.අ., “ෂෙකෙල්.” උප. B14 බලන්න.
හෝ, “පොළොවම.”