Skip to content

පටුනට යන්න

උත්පත්ති පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • අහස සහ පොළොව නිර්මාණය කරයි (1, 2)

    • පොළොව සූදානම් කළ දවස් හය (3-31)

      • 1වෙනි දවස: ආලෝකය; දවල් සහ රාත්‍රිය (3-5)

      • 2වෙනි දවස: අවකාශය (6-8)

      • 3වෙනි දවස: වියළි බිම සහ ගස් වැල් (9-13)

      • 4වෙනි දවස: ආකාශ වස්තු (14-19)

      • 5වෙනි දවස: මාළු සහ කුරුල්ලන් (20-23)

      • 6වෙනි දවස: සත්තු සහ මිනිස්සු (24-31)

  • 2

    • හත්වෙනි දවසේදී දෙවියන් විවේක ගනියි (1-3)

    • අහස සහ පොළොව හදපු යෙහෝවා දෙවියන් (4)

    • පුරුෂයාව සහ ස්ත්‍රියව ඒදන් උයනේ පදිංචි කරයි (5-25)

      • මිනිසාව දූවිල්ලෙන් හදයි (7)

      • තහනම් කරපු ගහ (15-17)

      • ස්ත්‍රියව නිර්මාණය කරයි (18-25)

  • 3

    • මිනිසා පාපයට වැටුණ විදිහ (1-13)

      • මුල්ම බොරුව (4, 5)

    • යෙහෝවා කැරලිකරුවන්ට දුන්න විනිශ්චය (14-24)

      • ස්ත්‍රියගෙන් පැවතෙන කෙනා ගැන කියයි (15)

      • ඒදන් උයනෙන් එළියට දායි (23, 24)

  • 4

    • කායින් සහ ආබෙල් (1-16)

    • කායින්ගෙන් පැවත ආපු අය (17-24)

    • සෙත් සහ එයාගේ පුතා ඒනොෂ් (25, 26)

  • 5

    • ආදම් ඉඳන් නෝවා වෙන කල් පෙළපත (1-32)

      • ආදම්ට පුතාලා, දුවලා හිටියා (4)

      • ඒනොක් දෙවියන් එක්ක ගමන් කළා (21-24)

  • 6

    • දෙවියන්ගේ පුත්‍රයන් පොළොවේ ඉන්න කාන්තාවන්ව විවාහ කරගනියි (1-3)

    • යෝධයන් ඉපදෙයි (4)

    • මිනිස්සුන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දුක් වෙයි (5-8)

    • නැවක් හදන්න කියලා නෝවාට කියයි (9-16)

    • ජලගැල්මක් ගේනවා කියලා දෙවියන් කියයි (17-22)

  • 7

    • නැවට ඇතුල් වෙයි (1-10)

    • ජලගැල්ම පොළොවටම බලපායි (11-24)

  • 8

    • ජල මට්ටම ටිකෙන් ටික අඩු වෙයි (1-14)

      • පරෙවියෙක්ව පිටතට යවයි (8-12)

    • නැවෙන් එළියට එයි (15-19)

    • පොළොව ගැන දෙවියන් දෙන පොරොන්දුව (20-22)

  • 9

    • මිනිස්සු හැමෝටම ලැබුණ මඟ පෙන්වීම් (1-7)

      • ලේ ගැන දුන්න නීතිය (4-6)

    • දේදුන්න ගිවිසුමට ලකුණක් (8-17)

    • නෝවාගෙන් පැවතෙන අය ගැන කියපු අනාවැකි (18-29)

  • 10

    • බිහි වුණ ජාතීන්ගේ ලැයිස්තුවක් (1-32)

      • යාෆෙත්ගෙන් පැවත ආපු අය (2-5)

      • හාම්ගෙන් පැවත ආපු අය (6-20)

        • නිම්රොද් යෙහෝවාට විරුද්ධ වෙයි (8-12)

      • ෂෙම්ගෙන් පැවත ආපු අය (21-31)

  • 11

    • බාබෙල් කොත (1-4)

    • යෙහෝවා භාෂාව අවුල් කරයි (5-9)

    • ෂෙම් ඉඳන් ආබ්‍රම් වෙන කල් පෙළපත (10-32)

      • ටේරාගේ පවුලේ විස්තර (27)

      • ආබ්‍රම් ඌර්වලින් පිටත් වෙයි (31)

  • 12

    • ආබ්‍රම් හාරාන් ඉඳන් කානාන් දේශයට යයි (1-9)

      • දෙවියන් ආබ්‍රම්ට දෙන පොරොන්දුව (7)

    • ආබ්‍රම් සහ සාරයි ඊජිප්තුවට යයි (10-20)

  • 13

    • ආබ්‍රම් ආපහු කානාන් දේශයට එයි (1-4)

    • ආබ්‍රම් සහ ලොත් වෙන් වෙයි (5-13)

    • දෙවියන් ආබ්‍රම්ට දුන්න පොරොන්දුව ආයෙත් කියයි (14-18)

  • 14

    • ආබ්‍රම් ලොත්ව බේරයි (1-16)

    • මෙල්කිසදෙක් ආබ්‍රම්ට ආශීර්වාද කරයි (17-24)

  • 15

    • දෙවියන් ආබ්‍රම් එක්ක කළ ගිවිසුම (1-21)

      • අවුරුදු 400ක් හිරිහැර විඳිනවා කියලා කියයි (13)

      • දෙවියන් ආබ්‍රම්ට දුන්න පොරොන්දුව ආයෙත් කියයි (18-21)

  • 16

    • හාගර් සහ ඉෂ්මායෙල් (1-16)

  • 17

    • ආබ්‍රහම් ගොඩක් ජාතීන්ගේ පියා වෙනවා කියලා කියයි (1-8)

      • ආබ්‍රම් වෙනුවට ආබ්‍රහම් කියලා නම වෙනස් කරයි (5)

    • චර්මච්ඡේදනය ගිවිසුමට ලකුණක් (9-14)

    • සාරයි වෙනුවට සාරා කියලා නම වෙනස් කරයි (15-17)

    • ඊසාක් කියලා පුතෙක් ලැබෙනවා කියලා කියයි (18-27)

  • 18

    • දේවදූතයන් තුන්දෙනෙක් ආබ්‍රහම් ඉන්න තැනට එයි (1-8)

    • සාරාට පුතෙක් ලැබෙනවා කියලා කියයි; සාරා හිනා වෙයි (9-15)

    • ආබ්‍රහම් සොදොම් ගැන කන්නලව් කරයි (16-33)

  • 19

    • ලොත්ව හම්බ වෙන්න දේවදූතයන් එයි (1-11)

    • ලොත්ටයි, පවුලේ අයටයි පිටත් වෙන්න කියලා කියයි (12-22)

    • සොදොම් සහ ගොමෝරා නගර විනාශ කරයි (23-29)

      • ලොත්ගේ බිරිඳ ලුණු කණුවක් වෙයි (26)

    • ලොත් සහ ඔහුගේ දුවලා (30-38)

      • මෝවබ් සහ අම්මොන් ජාතීන් බිහි වුණ විදිහ (37, 38)

  • 20

    • අබිමෙලෙක්ගෙන් සාරාව බේරයි (1-18)

  • 21

    • ඊසාක් ඉපදෙයි (1-7)

    • ඉෂ්මායෙල් ඊසාක්ට හිරිහැර කරයි (8, 9)

    • හාගර් සහ ඉෂ්මායෙල්ව පිටත් කරලා යවයි (10-21)

    • ආබ්‍රහම් අබිමෙලෙක් එක්ක කළ ගිවිසුම (22-34)

  • 22

    • ඊසාක්ව පූජා කරන්න කියලා ආබ්‍රහම්ට කියයි (1-19)

      • ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනා නිසා ලැබෙන ආශීර්වාද (15-18)

    • රෙබෙකාගේ පවුලේ විස්තර (20-24)

  • 23

    • සාරාගේ මරණය සහ එයාව තැන්පත් කරයි (1-20)

  • 24

    • ඊසාක්ට බිරිඳක් හොයයි (1-58)

    • ඊසාක්ව හම්බ වෙන්න රෙබෙකා එයි (59-67)

  • 25

    • ආබ්‍රහම් ආයෙත් විවාහ වෙයි (1-6)

    • ආබ්‍රහම්ගේ මරණය (7-11)

    • ඉෂ්මායෙල්ගේ පුතාලා (12-18)

    • යාකොබ් සහ ඒසව් ඉපදෙයි (19-26)

    • ඒසව් කුලුඳුලා විදිහට තමන්ට තිබුණ අයිතිය විකුණයි (27-34)

  • 26

    • ඊසාක් සහ රෙබෙකා ගෙරාර්වල (1-11)

      • දෙවියන්ගේ පොරොන්දුව ඊසාක්ට ස්ථිර කරයි (3-5)

    • ළිං ගැන මතභේදයක් (12-25)

    • ඊසාක් අබිමෙලෙක් එක්ක කළ ගිවිසුම (26-33)

    • ඒසව්ගේ හිත්තී ජාතික භාර්යාවන් දෙන්නා (34, 35)

  • 27

    • යාකොබ්ට ඊසාක්ගේ ආශීර්වාදය ලැබෙයි (1-29)

    • ඒසව් ආශීර්වාදයක් ලබාගන්න හැදුවත් එයාගේ පසුතැවිල්ලක් නැහැ (30-40)

    • ඒසව් යාකොබ් එක්ක වෛර බැඳගනියි (41-46)

  • 28

    • ඊසාක් යාකොබ්ව පදන්ආරම්වලට යවයි (1-9)

    • බෙතෙල්වලදී යාකොබ් දකින හීනේ (10-22)

      • දෙවියන්ගේ පොරොන්දුව යාකොබ්ට ස්ථිර කරයි (13-15)

  • 29

    • යාකොබ් රාකෙල්ව දකියි (1-14)

    • යාකොබ් රාකෙල්ට ආදරේ කරයි (15-20)

    • යාකොබ් ලෙයාවයි, රාකෙල්වයි විවාහ කරගනියි (21-29)

    • යාකොබ්ගෙන් ලෙයාට ඉපදෙන පුතාලා: රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා (30-35)

  • 30

    • බිල්හාට දාන් සහ නෆ්තලී ඉපදෙයි (1-8)

    • ෂිල්පාට ගාද් සහ ආෂෙර් ඉපදෙයි (9-13)

    • ලෙයාට ඉසකාර් සහ සෙබ්‍යූලන් ඉපදෙයි (14-21)

    • රාකෙල්ට යෝසෙප් ඉපදෙයි (22-24)

    • යාකොබ්ට අයිති රැළ තව තවත් වැඩි වෙයි (25-43)

  • 31

    • යාකොබ් කාටවත් නොකියා කානාන් දේශයට යන්න පිටත් වෙයි (1-18)

    • ලාබන් යාකොබ්ව හොයාගෙන එයි (19-35)

    • යාකොබ් ලාබන් එක්ක ගිවිසුමක් ඇති කරගනියි (36-55)

  • 32

    • දේවදූතයන් යාකොබ්ව හම්බ වෙයි (1, 2)

    • ඒසව්ව හම්බ වෙන්න යාකොබ් සූදානම් වෙයි (3-23)

    • යාකොබ් දේවදූතයෙක් එක්ක පොරබදියි (24-32)

      • යාකොබ්ගේ නම ඊශ්‍රායෙල් කියලා වෙනස් කරයි (28)

  • 33

    • යාකොබ්ට ඒසව් මුණගැහෙයි (1-16)

    • යාකොබ් ෂීකෙම්වලට යයි (17-20)

  • 34

    • දීනාව දූෂණය කරයි (1-12)

    • යාකොබ්ගේ පුතාලා කපටි විදිහට වැඩ කරයි (13-31)

  • 35

    • යාකොබ් බොරු දෙවිවරුන්ගේ පිළිම අයින් කරයි (1-4)

    • යාකොබ් බෙතෙල්වලට ආපහු යයි (5-15)

    • බෙන්ජමින්ගේ උපත සහ රාකෙල්ගේ මරණය (16-20)

    • යාකොබ්ගේ පුතාලා 12දෙනා (21-26)

    • ඊසාක්ගේ මරණය (27-29)

  • 36

    • ඒසව්ගෙන් පැවත ආපු අය (1-30)

    • ඒදොම් දේශයේ රජවරු සහ අධිපතීන් (31-43)

  • 37

    • යෝසෙප් දැක්ක හීන (1-11)

    • යෝසෙප් සහ එයාට ඊර්ෂ්‍යා කරපු අයියලා (12-24)

    • යෝසෙප්ව වහලෙක් විදිහට විකුණයි (25-36)

  • 38

    • යූදා සහ තාමර් (1-30)

  • 39

    • යෝසෙප්ව පොතිෆර්ගේ ගෙදරට ගෙනියයි (1-6)

    • පොතිෆර්ගේ බිරිඳගේ ඉල්ලීම යෝසෙප් ප්‍රතික්ෂේප කරයි (7-20)

    • යෝසෙප්ව හිරගෙදරට දායි (21-23)

  • 40

    • හිරකරුවන් දැක්ක හීනවල තේරුම යෝසෙප් කියලා දෙයි (1-19)

      • “හීනවල තේරුම කියලා දෙන්න පුළුවන් දෙවියන්ට විතරයි” (8)

    • පාරාවෝගේ උපන් දින උත්සවය (20-23)

  • 41

    • පාරාවෝ දැක්ක හීනවල තේරුම යෝසෙප් කියලා දෙයි (1-36)

    • පාරාවෝ යෝසෙප්ට උසස් තනතුරක් දෙයි (37-46අ)

    • යෝසෙප් ආහාර ගබඩා කරයි (46ආ-57)

  • 42

    • යෝසෙප්ගේ අයියලා ඊජිප්තුවට යයි (1-4)

    • යෝසෙප්ට අයියලා හම්බ වෙයි. එයා එයාලව පරීක්ෂා කරලා බලයි (5-25)

    • අයියලා ආපහු ගෙදර යයි (26-38)

  • 43

    • යෝසෙප්ගේ අයියලා බෙන්ජමින් එක්ක ආපහු ඊජිප්තුවට යයි (1-14)

    • යෝසෙප්ට ආයෙත් අයියලවයි, මල්ලිවයි හම්බ වෙයි (15-23)

    • යෝසෙප් අයියලයි, මල්ලියි එක්ක කෑම ගනියි (24-34)

  • 44

    • යෝසෙප්ගේ රිදී කුසලානය බෙන්ජමින්ගේ මල්ලේ තිබිලා හම්බ වෙයි (1-17)

    • යූදා බෙන්ජමින්ව බේරගන්න උත්සාහ කරයි (18-34)

  • 45

    • යෝසෙප් තමන් කවුද කියලා හෙළි කරයි (1-15)

    • යෝසෙප්ගේ සහෝදරයෝ යාකොබ්ව එක්කගෙන එන්න යයි (16-28)

  • 46

    • යාකොබ් පවුලේ හැමෝම එක්ක ඊජිප්තුවට එයි (1-7)

    • ඊජිප්තුවට ගිය අයගේ නම් (8-27)

    • ගෝෂෙන්වලදී යෝසෙප්ට යාකොබ්ව මුණගැහෙයි (28-34)

  • 47

    • යාකොබ් පාරාවෝ ඉස්සරහට යයි (1-12)

    • යෝසෙප් ඥානවන්තව පාලනය කරයි (13-26)

    • ඊශ්‍රායෙල් ගෝෂෙන්වල පදිංචි වෙයි (27-31)

  • 48

    • යාකොබ් යෝසෙප්ගේ පුතාලා දෙන්නාට ආශීර්වාද කරයි (1-12)

    • එෆ්‍රායිම්ට වැඩියෙන් ආශීර්වාද ලැබෙයි (13-22)

  • 49

    • මැරෙන්න කලින් යාකොබ් කියපු අනාවැකිය (1-28)

      • ෂීලෝ එන්නේ යූදාගෙන් (10)

    • යාකොබ්ව තැන්පත් කරන එක ගැන එයා දුන්න මඟ පෙන්වීම් (29-32)

    • යාකොබ්ගේ මරණය (33)

  • 50

    • යෝසෙප් යාකොබ්ව කානාන් දේශයේ තැන්පත් කරයි (1-14)

    • යෝසෙප් සමාව දුන්නා කියලා ස්ථිර කරයි (15-21)

    • යෝසෙප්ගේ ජීවිතේ අන්තිම දවස් සහ මරණය (22-26)

      • යෝසෙප්ගේ ඇටකටු ගැන එයා කරපු ඉල්ලීම (25)