උත්පත්ති 5:1-32

  • ආදම් ඉඳන් නෝවා වෙන කල් පෙළපත (1-32)

    • ආදම්ට පුතාලා, දුවලා හිටියා (4)

    • ඒනොක් දෙවියන් එක්ක ගමන් කළා (21-24)

5  මේ තමයි ආදම්ගේ පෙළපත් වාර්තාව. දෙවියන් ආදම්ව නිර්මාණය කරපු දවසේ ඔහු ආදම් හැදුවේ තමන්ට සමානකම් තියෙන කෙනෙක් විදිහටයි.+  දෙවියන් පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විදිහට එයාලව නිර්මාණය කළා.+ එයාලව හදපු දවසේ+ දෙවියන් ඒ දෙන්නාට ආශීර්වාද කරලා එයාලව මනුෂ්‍යයන්* විදිහට හැඳින්නුවා.  ආදම් අවුරුදු 130ක් ජීවත් වුණාට පස්සේ එයාට එයා වගේ පුතෙක් ඉපදුණා. ආදම් එයාට සෙත් කියන නම තිබ්බා.+  සෙත් ඉපදුණාට පස්සේ ආදම් තව අවුරුදු 800ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.  ආදම් අවුරුදු 930ක් ජීවත් වෙලා මැරුණා.+  සෙත් අවුරුදු 105ක් ජීවත් වුණාට පස්සේ එයාට ඒනොෂ් කියලා පුතෙක් ඉපදුණා.+  ඒනොෂ් ඉපදුණාට පස්සේ සෙත් තව අවුරුදු 807ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.  සෙත් අවුරුදු 912ක් ජීවත් වෙලා මැරුණා.  ඒනොෂ් අවුරුදු 90ක් ජීවත් වුණාට පස්සේ එයාට කේනාන් කියලා පුතෙක් ඉපදුණා. 10  කේනාන් ඉපදුණාට පස්සේ ඒනොෂ් තව අවුරුදු 815ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 11  ඒනොෂ් අවුරුදු 905ක් ජීවත් වෙලා මැරුණා. 12  කේනාන් අවුරුදු 70ක් ජීවත් වුණාට පස්සේ එයාට මහලලෙල් කියලා පුතෙක් ඉපදුණා.+ 13  මහලලෙල් ඉපදුණාට පස්සේ කේනාන් තව අවුරුදු 840ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 14  කේනාන් අවුරුදු 910ක් ජීවත් වෙලා මැරුණා. 15  මහලලෙල් අවුරුදු 65ක් ජීවත් වුණාට පස්සේ එයාට යාරද් කියලා පුතෙක් ඉපදුණා.+ 16  යාරද් ඉපදුණාට පස්සේ මහලලෙල් තව අවුරුදු 830ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 17  මහලලෙල් අවුරුදු 895ක් ජීවත් වෙලා මැරුණා. 18  යාරද් අවුරුදු 162ක් ජීවත් වුණාට පස්සේ එයාට ඒනොක් කියලා පුතෙක් ඉපදුණා.+ 19  ඒනොක් ඉපදුණාට පස්සේ යාරද් තව අවුරුදු 800ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 20  යාරද් අවුරුදු 962ක් ජීවත් වෙලා මැරුණා. 21  ඒනොක් අවුරුදු 65ක් ජීවත් වුණාට පස්සේ එයාට මෙතූසලා කියලා පුතෙක් ඉපදුණා.+ 22  මෙතූසලා ඉපදුණාට පස්සේ තව අවුරුදු 300ක් ජීවත් වුණ ඒනොක් දිගටම සැබෑ දෙවියන්* එක්ක ගමන් කළා.* එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 23  ඒනොක් අවුරුදු 365ක් ජීවත් වුණා. 24  ඒනොක් මුළු ජීවිත කාලේ පුරාම සැබෑ දෙවියන් එක්ක ගමන් කළා.+ පස්සේ දෙවියන් එයාව ගත්තා.+ ඒ නිසා කිසිම කෙනෙක්ට එයාව හොයාගන්න බැරි වුණා. 25  මෙතූසලා අවුරුදු 187ක් ජීවත් වුණාට පස්සේ එයාට ලාමෙක් කියලා පුතෙක් ඉපදුණා.+ 26  ලාමෙක් ඉපදුණාට පස්සේ මෙතූසලා තව අවුරුදු 782ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 27  මෙතූසලා අවුරුදු 969ක් ජීවත් වෙලා මැරුණා. 28  ලාමෙක් අවුරුදු 182ක් ජීවත් වුණාට පස්සේ එයාට පුතෙක් ඉපදුණා. 29  ලාමෙක් එයාගේ පුතාට නෝවා*+ කියන නම තියලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් භූමියට ශාප කරපු නිසා අපි අද වෙන කල් දුක් මහන්සි වෙලා වැඩ කරනවා.+ මේ දරුවාගෙන්වත් අපිට සහනයක් ලැබෙයි.” 30  නෝවා ඉපදුණාට පස්සේ ලාමෙක් තව අවුරුදු 595ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 31  ලාමෙක් අවුරුදු 777ක් ජීවත් වෙලා මැරුණා. 32  නෝවා අවුරුදු 500ක් ජීවත් වුණාට පස්සේ එයාට ෂෙම්,+ හාම්+ සහ යාෆෙත්+ කියන පුතාලා ඉපදුණා.

පාදසටහන්

හෝ, “ආදම්.”
ඒ කියන්නේ දෙවියන් බලාපොරොත්තු වුණ විදිහට ජීවිතේ ගත කළා.
සමහරවිට තේරුම, “විවේකය; සැනසීම.”