Skip to content

පටුනට යන්න

එසකියෙල් පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • බැබිලෝනියේ හිටපු එසකියෙල්ට යෙහෝවාගෙන් දර්ශන කීපයක් ලැබුණා (1-3)

    • යෙහෝවාගේ ස්වර්ගික රථයේ දර්ශනය (4-28)

      • චණ්ඩ මාරුතය, විශාල වලාකුළ, අකුණු සැර (4)

      • ජීවීන් හතරදෙනා (5-14)

      • රෝද හතර (15-21)

      • අයිස් වගේ දිලිසුණ වේදිකාව (22-24)

      • යෙහෝවාගේ සිංහාසනය (25-28)

  • 2

    • අනාගතවක්තෘවරයෙක් විදිහට එසකියෙල්ව පත් කරයි (1-10)

      • “එයාලා ඇහුම්කන් දුන්නත් නැතත්” (5)

      • ශෝක ගී තිබුණ ලියවිල්ලක් (9, 10)

  • 3

    • එසකියෙල්ට කන්න දෙවියන්ගේ ලියවිල්ල දුන්නා (1-15)

    • එසකියෙල්ව මුරකරුවෙක් විදිහට පත් කළා (16-27)

      • දේවල් සැහැල්ලුවට ගත්තොත් ලේවලට වග කියන්න වෙයි (18-21)

  • 4

    • යෙරුසලම වටලන විදිහ රඟ දක්වයි (1-17)

      • දවස් 390ක් සහ දවස් 40ක් පුරා සෙනඟගේ වැරදි එසකියෙල් පිට තියෙයි (4-7)

  • 5

    • යෙරුසලමේ විනාශය රඟ දක්වයි (1-17)

      • අනාගතවක්තෘ ඔළුව බූ ගාලා ඒ කෙස් කොටස් තුනකට වෙන් කළා (1-4)

      • අවට ජාතීන්ටත් වඩා පිළිකුල් දේවල් යෙරුසලම කළා (7-9)

      • කැරලිකරුවන්ට තුන් විදිහකින් දඬුවම් ලැබෙයි (12)

  • 6

    • ඊශ්‍රායෙල්වල කඳුවලට විරුද්ධව අනාවැකි කියයි (1-14)

      • පිළිකුල්සහගත රූප විනාශ කරයි (4-6)

      • “මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා” (7)

  • 7

    • අවසානය ඇවිත්! (1-27)

      • කවදාවත් ඇවිත් නැති විපත්තියක් (5)

      • සල්ලි පාරවල්වලට වීසි කරයි (19)

      • දේවමාලිගාව අපවිත්‍ර කරනවා (22)

  • 8

    • දර්ශනයක් මාර්ගයෙන් එසකියෙල්ව යෙරුසලමට අරන් ගියා (1-4)

    • පිළිකුල් දේවල් දේවමාලිගාවේ තියෙනවා දැක්කා (5-18)

      • ස්ත්‍රීන් තම්මුස් දෙවියා ගැන වැලපෙනවා (14)

      • පුරුෂයන් හිරුට වන්දනාමාන කරනවා (16)

  • 9

    • විනාශය කරන පුරුෂයන් හයදෙනා සහ තීන්ත කූඩුවක් තිබුණ පුරුෂයා (1-11)

      • විනිශ්චය පටන්ගන්නේ ශුද්ධස්ථානයෙන් (6)

  • 10

    • රෝද අතරින් ගින්දර ගත්තා (1-8)

    • කෙරුබ්වරුන්ව සහ රෝද විස්තර කරයි (9-17)

    • දෙවියන්ගේ තේජස දේවමාලිගාවෙන් අයින් වෙලා ගියා (18-22)

  • 11

    • දුෂ්ට අධිපතීන්ව හෙළා දකියි (1-13)

      • නගරය හැළියකට සමාන කරයි (3-12)

    • ආපහු එකතු කරගන්නවා කියලා දුන්න පොරොන්දුව (14-21)

      • “අලුත් විදිහකට හිතන්න” උදව් (19)

    • දෙවියන්ගේ තේජස යෙරුසලමෙන් අයින් වෙනවා (22, 23)

    • එසකියෙල් දර්ශනයේදී ආපහු කල්දියාවට එයි (24, 25)

  • 12

    • වහල්කමට යන එක රඟ දක්වයි (1-20)

      • වහල්කමට යද්දී ගෙනියන බඩු මලු (1-7)

      • අධිපතියා කළුවරේ පිටත් වෙලා යයි (8-16)

      • බයෙන් කෑම කයි, කනස්සල්ලෙන් වතුර බොයි (17-20)

    • ගොතපු කියමන බොරුවක් කියලා ඔප්පු වෙයි (21-28)

      • “මං කියන කිසිම දෙයක් ඉටු වෙන්න පරක්කු වෙන්නේ නැහැ” (28)

  • 13

    • බොරු අනාගතවක්තෘවරුන්ට විරුද්ධව අනාවැකි කියයි (1-16)

      • සුදු හුණු ගාපු බිත්ති කඩන් වැටෙයි (10-12)

    • බොරු අනාවැකි කියන ස්ත්‍රීන්ට විරුද්ධව අනාවැකි කියයි (17-23)

  • 14

    • රූපවලට නමස්කාර කරන අයව හෙළා දකියි (1-11)

    • යෙරුසලමට ලැබෙන විනිශ්චයෙන් බේරෙන්න බැහැ (12-23)

      • නෝවා, දානියෙල් සහ යෝබ් ධර්මිෂ්ඨ අය (14, 20)

  • 15

    • යෙරුසලම කිසි වැඩකට නැති මිදිවැලක් (1-8)

  • 16

    • දෙවියන් යෙරුසලමට ආදරෙයි (1-63)

      • දෙවියන් ඇයව හොයාගත්තේ අතහැරලා දාලා ඉද්දියි (1-7)

      • දෙවියන් ඇයව ලස්සන කරලා ඇයව විවාහ කරගන්න ගිවිසුමක් ඇති කරගනියි (8-14)

      • ඇය ද්‍රෝහි වෙයි (15-34)

      • අනාචාරයේ යෙදුණ නිසා දඬුවම් ලබයි (35-43)

      • සමාරියටයි, සොදොමටයි සමාන කරයි (44-58)

      • දෙවියන් ඇති කරගත්ත ගිවිසුම ඔහු මතක් කරයි (59-63)

  • 17

    • රාජාලීන් දෙන්නා සහ මිදිවැල ගැන තේරවිල්ල (1-21)

    • ළපටි රිකිල්ල විශාල දේවදාර ගහක් වෙයි (22-24)

  • 18

    • තමන් කරන වැරදිවලට වග කියන්න ඕනෙ තමන්මයි (1-32)

      • වැරැද්ද කරන කෙනා තමයි මැරෙන්නේ (4)

      • තාත්තා කරපු වරදට පුතාට දඬුවම් දෙන්නේ නැහැ (19, 20)

      • දුෂ්ට කෙනෙක් මැරෙනවා දැකලා සතුටු වෙන්නේ නැහැ (23)

      • වැරදි අතහරිනවා නම් ජීවිතේ රැකගන්න පුළුවන් (27, 28)

  • 19

    • ඊශ්‍රායෙල්වල අධිපතීන් ගැන ශෝක ගීයක් (1-14)

  • 20

    • ඊශ්‍රායෙල්වරු කැරලිගහපු විදිහ (1-32)

    • ඊශ්‍රායෙල්වරුන්ව ආයෙත් එකට එකතු කරනවා කියලා පොරොන්දු වෙයි (33-44)

    • දකුණට විරුද්ධව අනාවැකි කියයි (45-49)

  • 21

    • දෙවියන්ගේ කඩුව කොපුවෙන් එළියට ගනියි (1-17)

    • බැබිලෝනියේ රජ යෙරුසලමට විරුද්ධව එයි (18-24)

    • ඊශ්‍රායෙල්වල දුෂ්ට අධිපතියාව අයින් කරයි (25-27)

      • “ඔටුන්න අයින් කරලා දාන්න” (26)

      • “නීත්‍යනුකූල අයිතිය තියෙන කෙනා එන කල්” (27)

    • අම්මොන්වරුන්ට විරුද්ධව එන කඩුව (28-32)

  • 22

    • යෙරුසලම ලේවලින් නැහැවිලා ඉන්න නගරයක් (1-16)

    • ඊශ්‍රායෙල්වරු හරියට අහක දාන බොර වගෙයි (17-22)

    • ඊශ්‍රායෙල් සෙනඟව සහ ඔවුන්ගේ නායකයන්ව හෙළා දකියි (23-31)

  • 23

    • ද්‍රෝහි වුණ අක්කායි, නංගියි (1-49)

      • ඔහොලා ඇසිරියාව එක්ක (5-10)

      • ඔහොලිබා බැබිලෝනියයි, ඊජිප්තුවයි එක්ක (11-35)

      • අක්කාටයි, නංගිටයි ලැබෙන දඬුවම (36-49)

  • 24

    • යෙරුසලම මලකඩ කාපු හැළියක් වගෙයි (1-14)

    • එසකියෙල්ගේ බිරිඳගේ මරණය ලකුණක් (15-27)

  • 25

    • අම්මොන්වරුන්ට විරුද්ධව අනාවැකි කියයි (1-7)

    • මෝවබ්වරුන්ට විරුද්ධව අනාවැකි කියයි (8-11)

    • ඒදොම්වරුන්ට විරුද්ධව අනාවැකි කියයි (12-14)

    • පිලිස්තිවරුන්ට විරුද්ධව අනාවැකි කියයි (15-17)

  • 26

    • තීර්ට විරුද්ධව අනාවැකි කියයි (1-21)

      • “මාදැල් වේළෙන්න දාන ගොඩබිමක්” (5, 14)

      • ගලුත් ඉතුරු වුණ සුන්බුන් ටිකත් මුහුදට වීසි කරයි (12)

  • 27

    • තීර් කියන ගිලෙන නැව ගැන ගයන ශෝක ගීය (1-36)

  • 28

    • තීර්වල රජට විරුද්ධව අනාවැකි කියයි (1-10)

      • “මම දෙවි කෙනෙක්” (2, 9)

    • තීර්වල රජ ගැන ශෝක ගීයක් (11-19)

      • ‘ඔබ හිටියේ ඒදන් උයනේ’ (13)

      • ‘ආරක්ෂක කෙරුබ්වරයා විදිහට අභිෂේක කළා’ (14)

      • ‘ඔබ අධර්මිෂ්ඨව වැඩ කරන්න පටන්ගත්තා’ (15)

    • සීදොන්වලට විරුද්ධව අනාවැකි කියයි (20-24)

    • ඊශ්‍රායෙල් සෙනඟව ආපහු එකතු කරනවා (25, 26)

  • 29

    • පාරාවෝට විරුද්ධව අනාවැකි කියයි (1-16)

    • බැබිලෝනිවරුන්ට තෑග්ගක් විදිහට ඊජිප්තුව දෙයි (17-21)

  • 30

    • ඊජිප්තුවට විරුද්ධව අනාවැකි කියයි (1-19)

      • නෙබුකද්නෙෂර්ගේ ප්‍රහාරය ගැන කලින්ම කියයි (10)

    • පාරාවෝගේ බලය නැති කරයි (20-26)

  • 31

    • දේවදාර ගහක් වගේ උසට හිටපු ඊජිප්තුව වැටෙයි (1-18)

  • 32

    • පාරාවෝ සහ ඊජිප්තුව ගැන ශෝක ගීයක් (1-16)

    • ඊජිප්තුව අචර්මච්ඡේදිත අය එක්ක වළලයි (17-32)

  • 33

    • මුරකරුවෙක්ගේ වගකීම් (1-20)

    • යෙරුසලමේ වැටීම ගැන ආරංචි වෙයි (21, 22)

    • විනාශ වුණ නගරවල ඉන්න සෙනඟට පණිවිඩයක් (23-29)

    • සෙනඟ පණිවිඩය ගණන් ගන්නේ නැහැ (30-33)

      • එසකියෙල් “පෙම් ගීත කියන” කෙනෙක් වගේ (32)

      • “එයාලා අතරේ අනාගතවක්තෘවරයෙක් හිටියා” (33)

  • 34

    • ඊශ්‍රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධව අනාවැකි කියයි (1-10)

    • යෙහෝවා ඔහුගේ බැටළුවන්ව බලාගනියි (11-31)

      • “මගේ සේවක දාවිත්” එයාලව බලාගනියි (23)

      • ‘සමාදානය සහතික කරන ගිවිසුමක්’ (25)

  • 35

    • සේයිර් කඳුකරයට විරුද්ධව අනාවැකි කියයි (1-15)

  • 36

    • ඊශ්‍රායෙල් කඳුකරය ගැන අනාවැකි කියයි (1-15)

    • ඊශ්‍රායෙල් සෙනඟව ආපහු රැස් කරයි (16-38)

      • “මම මගේ ශ්‍රේෂ්ඨ නමට ගෞරවයක් ගේනවා” (23)

      • “ඒදන් උයන වගේ” (35)

  • 37

    • වියළි ඇටකටු ඇති තැනිතලාව (1-14)

    • කෝටු දෙකක් එක කෝට්ටක් වෙයි (15-28)

      • එක රජ කෙනෙක් යටතේ එක ජාතියක් (22)

      • සමාදානය සහතික කරන සදහටම තියෙන ගිවිසුමක් (26)

  • 38

    • ඊශ්‍රායෙල් සෙනඟට ගොග් පහර දෙයි (1-16)

    • යෙහෝවා ගොග්ට විරුද්ධව කේන්තිය පිට කරයි (17-23)

      • ‘මම යෙහෝවා කියලා පිළිගන්න ජාතීන්ට සිද්ධ වෙනවා’ (23)

  • 39

    • ගොග්ගෙත් ඔහුගේ සේනාවෙත් විනාශය (1-10)

    • හාමොන්ගොග් නිම්නයේ මිනී වළලයි (11-20)

    • ඊශ්‍රායෙල් සෙනඟව ආපහු රැස් කරයි (21-29)

      • දෙවියන්ගේ බලය ඊශ්‍රායෙල් සෙනඟට ලැබෙනවා (29)

  • 40

    • එසකියෙල්ව දර්ශනයක් මාර්ගයෙන් ඊශ්‍රායෙල් දේශයට අරන් යයි (1, 2)

    • එසකියෙල් දේවමාලිගාවක් දකියි (3, 4)

    • මළු සහ දොරටු (5-47)

      • නැඟනෙහිර දොරටුව (6-16)

      • පිටත මළුව; අනිත් දොරටු (17-26)

      • ඇතුල් මළුව සහ දොරටු (27-37)

      • දේවමාලිගාවේ වැඩවලට වෙන් කරපු කාමර (38-46)

      • පූජාසනය (47)

    • දේවමාලිගාවේ ශාලාව (48, 49)

  • 41

    • ශුද්ධස්ථානය (1-4)

    • බිත්තිය සහ වටේට තිබුණ කාමර (5-11)

    • බස්නාහිර පැත්තේ ගොඩනැඟිල්ල (12)

    • ගොඩනැඟිලි මනියි (13-15අ)

    • දේවමාලිගාවේ ඇතුළ (15ආ-26)

  • 42

    • කෑම කාමර සංකීර්ණ (1-14)

    • දේවමාලිගාවේ හතර පැත්තම මැන්නා (15-20)

  • 43

    • යෙහෝවාගේ තේජසින් දේවමාලිගාව පිරෙයි (1-12)

    • පූජාසනය (13-27)

  • 44

    • නැඟෙනහිර දොරටුව වහලා තියෙයි (1-3)

    • විදේශිකයන්ට තියෙන නීති (4-9)

    • ලෙවීවරුන්ට සහ පූජකයන්ට තියෙන නීති (10-31)

  • 45

    • ශුද්ධ කොටස සහ නගරය (1-6)

    • අධිපතියා වෙනුවෙන් වෙන් කරපු ප්‍රදේශය (7, 8)

    • අධිපතීන් අවංකව වැඩ කරන්න ඕනේ (9-12)

    • සෙනඟගේ පරිත්‍යාග සහ අධිපතියා (13-25)

  • 46

    • විවිධ අවස්ථාවලදී ඔප්පු කරන පූජා (1-15)

    • අධිපතියාගේ ඉඩමෙන් ලැබෙන උරුමය (16-18)

    • පූජාවල මස් තම්බන තැන් (19-24)

  • 47

    • දේවමාලිගාවෙන් ගලාගෙන යන වතුර පාර (1-12)

      • වතුර පාරේ ගැඹුර වැඩි වෙයි (2-5)

      • මළ මුහුදේ වතුර නැවුම් වෙයි (8-10)

      • වගුරුබිම්වලට වෙනසක් වෙන්නේ නැහැ (11)

      • කෑම සහ සුවයක් ලබා දෙන ගස් (12)

    • දේශයේ සීමාවන් (13-23)

  • 48

    • දේශය බෙදන විදිහ (1-29)

    • නගරයේ දොරටු 12 (30-35)

      • නගරයේ නම “යෙහෝවා එතන ඉන්නවා” (35)