එසකියෙල් 15:1-8

  • යෙරුසලම කිසි වැඩකට නැති මිදිවැලක් (1-8)

15  යෙහෝවා දෙවියන් ආපහු සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා.  “මනුෂ්‍ය පුත්‍රය, කැලේ හැදෙන ගස්වල අතු එක්ක බලද්දී මිදිවැලේ අතුවල විශේෂත්වයක් තියෙනවාද? වෙන ඕනෙම ගහකට වඩා ඒකේ විශේෂත්වයක් තියෙනවාද?  වැඩක් කරගන්න ඒකෙන් පොල්ලක්වත් කපාගන්න පුළුවන්ද? නැත්නම් භාණ්ඩ එල්ලලා තියන්න ඇණයක්වත් ඒකෙන් හදාගන්න පුළුවන්ද?  ඒක පාවිච්චි කරන්නේ ගින්නට දාන දර විදිහට. ඒකේ අගිස් දෙක පිච්චිලා ගිහින් මැද කොටස අඟුරු වෙලා යනවා. දැන් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් තියෙනවාද?  ගින්නට දාන්න කලිනුත් ඒකෙන් කිසිම වැඩක් නැහැ. එහෙමනම් ගින්නෙන් ඒක පිච්චිලා ගියාට පස්සේ ඒකෙන් වැඩක් ගන්නේ කොහොමද?”  “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘කැලේ ගස් අතරේ හැදෙන මිදිවැලක අතු මම දීලා තියෙන්නේ ගින්නට දාන්න. ඒ අතුවලට කරන දේම තමයි මම යෙරුසලමේ ඉන්න සෙනඟටත් කරන්නේ.+  මම ඔවුන්ට විරුද්ධව එනවා. ඔවුන් ගින්නෙන් බේරුණා. ඒත් පස්සේ එන ගින්නෙන් ඔවුන් පිච්චිලා යනවා. මම ඔවුන්ට විරුද්ධව එද්දී මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’”+  “‘ඔවුන් මට ද්‍රෝහි වුණා.+ ඒ නිසා මම දේශය පාළු තැනක් කරනවා’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

පාදසටහන්