එසකියෙල් 22:1-31

  • යෙරුසලම ලේවලින් නැහැවිලා ඉන්න නගරයක් (1-16)

  • ඊශ්‍රායෙල්වරු හරියට අහක දාන බොර වගෙයි (17-22)

  • ඊශ්‍රායෙල් සෙනඟව සහ ඔවුන්ගේ නායකයන්ව හෙළා දකියි (23-31)

22  යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා.  “මනුෂ්‍ය පුත්‍රය, ලේ හලලා තියෙන මේ නගරයට+ ලැබෙන විනිශ්චය ගැන කියන්න ඔයා ලෑස්තිද? ඇය කරලා තියෙන පිළිකුල්සහගත දේවල් ගැන ඇයට කියන්න ඔයා ලෑස්තිද?+  ඔයා මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ඔබ, අහිංසක අයගේ ලේවලින් නැහැවිලා ඉන්න නගරයක්.+ ඔබව විනිශ්චය කරන දවස ළඟ ළඟම එනවා.+ පිළිකුල්සහගත රූප* හදලා ඔබ අපවිත්‍ර වෙලයි ඉන්නේ.+  ඔබ හලපු ලේ නිසා ඔබ දැන් වරදකරුවෙක්.+ ඔබ හදාගත්ත පිළිකුල්සහගත රූප නිසා ඔබ අපවිත්‍රයි.+ ඔබ ඔබේ අවසානය තවත් ළං කරගත්තා. ඔබ දඬුවම් ලබන කාලේ දැන් ඇවිත්. ඒ නිසයි මම ඔබව අවට ජාතීන්ගේ නින්දාවටත් හැම දේශයකම ඉන්න අයගේ විහිළුවටත් ලක් වෙන්න සලස්වන්නේ.+  ළඟපාත වගේම දුර ඈත දේශවල ඉන්න අය ඔබට හිනා වෙනවා.+ මොකද ඔබ ඔබේ නම කැත කරගත්තා. ඔබ ඉන්නේ කැලඹිලා.  ඔබ අතරේ ඉන්න ඊශ්‍රායෙල් සෙනඟගේ අධිපතීන් හැමෝම තමන්ගේ බලතල පාවිච්චි කරන්නේ ලේ හලන්න.+  ඔබේ සෙනඟ තමන්ගේ අම්මාටයි, තාත්තාටයි කිසි ගෞරවයක් පෙන්නන්නේ නැහැ.+ ඔවුන් විදේශිකයන්ට වංචා කරනවා. තාත්තා නැති දරුවන්ටත්* වැන්දඹුවන්ටත් හිරිහැර කරනවා.”’”+  “‘ඔබ මගේ ශුද්ධස්ථාන ගණන් ගත්තෙවත් නැහැ. මං නියම කරපු සබත් දවස් කඩ කළා. ඒවාට අගෞරව කළා.+  ඔබේ සෙනඟ අනිත් අයට අපහාස කරන, ලේ හලන්න බලාගෙන ඉන්න අය.+ ඔවුන් කඳු මුදුන්වල තියෙන රූපවලට පූජා කරපු කෑම කනවා. ඔවුන් හැසිරෙන්නේ හරිම ජරා විදිහටයි.+ 10  ඔබේ සෙනඟ තමන්ගේ තාත්තාගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදෙනවා.+ ඔවුන් ස්ත්‍රියකගේ ඔසප් දවස්වලදී ඇය එක්ක බලෙන් ලිංගික සම්බන්ධකම් පවත්වනවා.+ 11  ඔබේ පුරුෂයන්ගෙන් සමහරදෙනෙක් තමන්ගේ අසල්වැසියාගේ බිරිඳ එක්ක පිළිකුල් විදිහට හැසිරෙනවා.+ සමහරු තමන්ගේ ලේළි එක්ක පහත් විදිහට හැසිරිලා ඇයව ලැජ්ජාවට පත් කරනවා.+ තවත් සමහරු තමන්ගේ තාත්තාගේ දුවට ඒ කියන්නේ තමන්ගෙම සහෝදරියට බලහත්කාරකම් කරනවා.+ 12  ඔබේ සෙනඟ ලේ හලන්න අල්ලස් ගන්නවා.+ පොලියට+ නැත්නම් අසාධාරණ විදිහට ලාභ ලබාගන්න ණය දෙනවා. අසල්වැසියන්ගෙන් ගසා කනවා.+ ඔබට මාව සම්පූර්ණයෙන්ම අමතක වෙලා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. 13  “‘ඔබ අසාධාරණ විදිහට සල්ලි හම්බ කරන නිසාත් ලේ හලන විදිහ නිසාත් මට දැනෙන්නේ ලොකු පිළිකුලක්. 14  මම ඔබට දඬුවම් කරන දවසේදී ඒකට ධෛර්යයෙන් මුහුණ දෙන්න ඔබට පුළුවන් වෙයිද? සැලෙන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන් වෙයිද?+ මේ දේවල් කිව්වේ යෙහෝවා වන මමයි. මම අනිවාර්යයෙන්ම පියවර ගන්නවා. 15  මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරිනවා. දේශයන්වලට පන්නලා දානවා.+ ඔබ කරන හැම අපවිත්‍ර දෙයක්ම නැත්තටම නැති කරලා දානවා.+ 16  ජාතීන් ඉස්සරහා ඔබව නින්දාවට පත් කරනවා. එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙයි.’”+ 17  යෙහෝවා ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 18  “මනුෂ්‍ය පුත්‍රය, දැන් මම ඊශ්‍රායෙල් සෙනඟව සලකන්නේ අහක දාන බොර වගෙයි. එයාලා හැමෝම ගිනි උදුනේ තියෙන තඹ, බෙලෙක්,* යකඩ සහ ඊයම්* වගෙයි. එයාලා රිදී පිරිසිදු කළාට පස්සේ ඉතුරු වෙන බොර වගේ වෙලා.+ 19  “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබ හැමෝම දැන් අහක දාන බොර වගේ වෙලා+ තියෙන නිසා මම ඔබව යෙරුසලමට එකතු කරනවා. 20  රිදී, තඹ, යකඩ, ඊයම් සහ බෙලෙක් ගිනි උදුනක එකට එකතු කරලා ගින්නට පිඹලා ඒවා උණු කරනවා වගේ මමත් ඔබව කේන්තියෙන් එකට එකතු කරනවා. මගේ කෝපය අවුළුවලා ඔබව උණු කරලා දානවා.+ 21  ඔබව එකට එකතු කරලා ගින්නක් වගේ ඇවිළෙන මගේ කේන්තියෙන් ඔබට පිඹිනවා.+ එතකොට නගරය ඇතුළෙම ඔබ උණු වෙලා යයි.+ 22  ගිනි උදුනක තියෙන රිදී උණු වෙනවා වගේ ඔබවත් නගරය ඇතුළෙම උණු කරලා දානවා. යෙහෝවා වන මම මගේ කේන්තිය ඔබට විරුද්ධව පිට කරලා කියලා ඔබ අනිවාර්යයෙන්ම දැනගනියි.’” 23  යෙහෝවා මට මෙහෙමත් කිව්වා. 24  “මනුෂ්‍ය පුත්‍රය, දේශයට මෙහෙම කියන්න. ‘මගේ කේන්තිය පිට කරන දවසේදී ඔබව පවිත්‍ර කරන්නෙවත් ඔබට වැස්ස ලැබෙන්නෙවත් නැහැ. 25  ඔබේ අනාගතවක්තෘවරු ඇතුළෙම ඉඳන් කුමන්ත්‍රණය කරනවා.+ ඔවුන් හරියට ගොදුරු ඉරලා දාන ගොරවන සිංහයන් වගේ.+ ඔවුන් මිනිස්සුන්ව ගිලලා දානවා. වටිනා කියන හැම දෙයක්ම මිනිස්සුන්ගෙන් උදුරගන්නවා. ඔවුන් නිසා ඔබේ වැන්දඹුවන්ගේ ගාණ වැඩි වෙලා. 26  ඔබේ පූජකයෝ හිතාමතාම මගේ නීතිය කඩ කරනවා.+ මගේ ශුද්ධස්ථානවලට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැහැ.+ ඔවුන්ට ශුද්ධ දේ සහ සාමාන්‍ය දේ අතර කිසිම වෙනසක් නැහැ.+ ඒ වගේම පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ අතර වෙනස ඔවුන් පෙන්නලා දීලා නැහැ.+ මං නියම කරලා තියෙන සබත් දවස් පවත්වන්නත් ඔවුන් කැමති නැහැ. ඔවුන් මාව අගෞරවයට පත් කරලා. 27  ඔබේ අධිපතීන් ගොදුරු ඉරලා දාන වෘකයන් වගේ. මිනිස්සුන්ගේ ලේ හලලා, මිනී මරලා අසාධාරණ විදිහට සල්ලි හම්බ කරනවා.+ 28  ඒත් ඔබේ අනාගතවක්තෘවරු බිත්තියක සුදු හුණු ගානවා වගේ ඔවුන් කරන දේවල් වහනවා. ඒ අනාගතවක්තෘවරු දකින දර්ශන බොරු. පේන බලලා කියන්නෙත් බොරු දේවල්.+ යෙහෝවා වන මම ඔවුන්ට කිසිම දෙයක් කියලා නැති වුණත් ඔවුන් කියනවා “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි” කියලා. 29  දේශයේ ඉන්න සෙනඟ වංචා කරනවා. අනිත් අයගේ දේවල් හොරෙන් ගන්නවා.+ ඔවුන් දුගී දුප්පත් අයට හිරිහැර කරනවා. විදේශිකයන්ට වංචා කරන ඔවුන් ඒ අයට සාධාරණය ඉටු කරලා දෙන්නේ නැහැ.’ 30  “‘පවුර අලුත්වැඩියා කරන්නත් පවුරේ කැඩුණ තැන ඉඳන් ඒක මුර කරලා දේශය ආරක්ෂා කරන්නත් පුළුවන් කෙනෙක්ව මං ඔවුන් අතරින් හෙව්වා. එහෙම කෙනෙක්ව හම්බ වුණා නම් මං නගරය විනාශ කරන එකෙන් වළකිනවා.+ ඒත් කිසිම කෙනෙක්ව හම්බ වුණේ නැහැ. 31  ඉතින් මම කේන්තියෙන් ඔවුන්ට දඬුවම් කරනවා. ගින්නක් වගේ ඇවිළිලා තියෙන මගේ කෝපයෙන් ඔවුන්ව විනාශ කරලා දානවා. ඔවුන් කරපු දේවල්වල ප්‍රතිඵල මම ඔවුන් පිටටම ගේනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

පාදසටහන්

හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.
හෝ, “අම්මා තාත්තා නැති දරුවන්ටත්.”
හෝ, “ටින්.”
හෝ, “ලෙඩ්.”