එසකියෙල් 25:1-17
25 යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා.
2 “මනුෂ්‍ය පුත්‍රය, අම්මොන්වරුන්+ දිහාවට හැරිලා එයාලට විරුද්ධව අනාවැකි කියන්න.+
3 අම්මොන්වරුන්ට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මගේ ශුද්ධස්ථානය අගෞරවයට පත් වෙද්දී, ඊශ්‍රායෙල් දේශය පාළුවට ගිහින් තියෙද්දී, යූදා සෙනඟව වහලුන් විදිහට අරන් යද්දී ඔබ හිනා වෙලා ‘හොඳ වැඩේ’ කියලා කිව්වා.
4 ඒ නිසා මම පෙරදිග දේශයේ වැසියන්ගේ අතට ඔබව භාර දෙනවා. ඔවුන් ඔබ අතරට ඇවිත් කඳවුරු බැඳගෙන කූඩාරම් ගහගනියි. ඔවුන් ඔබේ පලදාව කාලා, ඔබ ළඟ තියෙන කිරිත් බීලා දායි.
5 මම රබ්බා නගරය+ ඔටුවන් ලගින තණබිමක් කරනවා. අම්මොන්වරුන්ගේ දේශය එළු බැටළුවන්ට නිදැල්ලේ ඉන්න පුළුවන් තැනක් කරනවා. මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙයි.”’”
6 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඊශ්‍රායෙල් දේශයට වුණ දේ දැකලා ඔබ අත්පුඩි ගගහා+ උඩ පැනපැන* සතුටු වුණා. අපහාසයට හිනා වුණා.+
7 ඒ නිසා මම මගේ අත ඔබට විරුද්ධව දික් කරලා ඔබව කොල්ල කන්න ජාතීන්ගේ අතට භාර දෙනවා. මම ඔබව විනාශ කරනවා. එතකොට ඔබව ජාතියක් විදිහට තවදුරටත් සලකන්නේ නැහැ. ඔබේ දේශයවත් ඔබට ඉතුරු වෙන්නේ නැහැ.+ මම ඔබව නැත්තටම නැති කරනවා. මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙයි.’
8 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මෝවබ්වරුයි,+ සේයිර් ප්‍රදේශයේ ඉන්න අයයි+ “බලන්නකෝ, යූදා සෙනඟත් අනිත් ජාතීන් වගේමයි” කියලා කියපු නිසා
9 මෝවබ් දේශ සීමාවේ තියෙන නගරවලට පහර දෙන්න මම සතුරන්ට ඉඩ දෙනවා. සතුරන් ඇවිත් මෝවබ්වල අලංකාරය වුණ බෙත්යෙෂිමොත් සහ බාල්මෙයොන් අල්ලගනියි. ඔවුන් කිර්යතායිම්+ දක්වාම ගිහින් නගර අල්ලගනියි.
10 මම ඒ නගර එක්කම අම්මොන්වරුන්වත් පෙරදිග දේශයේ වැසියන්ගේ අතට භාර දෙනවා.+ එතකොට අම්මොන්වරු කියන ජාතිය ආයේ කිසිම කෙනෙක්ට මතක් වෙන්නේ නැහැ.+
11 මම මෝවබ්වරුන්ට විරුද්ධව දීපු තීන්දුව ඉටු කරනවා.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.’
12 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒදොම්වරු පළිගන්න අදහසින් යූදා සෙනඟට විරුද්ධව වැඩ කළා. ඒ නිසා මම ඔවුන්ව සලකන්නේ බරපතළ වැරදිකරුවන් විදිහටයි.+
13 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම ඒදොම් දේශයට විරුද්ධව මගේ අත දික් කරලා එහේ ඉන්න මිනිසුන්වයි, සතුන්වයි විනාශ කරලා ඒක පාළු තැනක් කරනවා.+ තේමාන් ඉඳන් දෙදාන් වෙන කල් ඉන්න හැමෝම කඩුවෙන් මැරුම් කනවා.+
14 ‘මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු ලවා ඒදොම්වරුන්ට දඬුවම් කරනවා.+ මගේ කේන්තිය, මගේ කෝපය ඒදොම්වරුන්ට පෙන්නන්න මම ඔවුන්ව පාවිච්චි කරනවා.+ මං දඬුවම් කරන්නේ කොහොමද කියලා ඒදොම්වරු අද්දකියි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”’
15 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙමත් කියනවා. ‘පිලිස්තිවරු වෛරය හිතේ තියාගෙනම ඉන්න නිසා දරුණු විදිහට පළිගන්න හදනවා. හැම දෙයක්ම විනාශ කරන්න හදනවා.+
16 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මම පිලිස්තිවරුන්ට විරුද්ධව මගේ අත දික් කරනවා.+ කෙරෙතිවරුන්ව සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා.+ වෙරළබඩ තීරයේ ඉතුරු වෙලා ඉන්න සෙනඟවත් විනාශ කරනවා.+
17 මම ලොකු කේන්තියකින් ඔවුන්ට දඬුවම් කරනවා. ඔවුන් කරපු දේවල්වලට මං දෙන දඬුවම් හරිම දරුණුයි. මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.”’”
පාදසටහන්
^ හෝ, “කකුල් පොළොවේ ගගහා.”