එස්තර් 1:1-22

  • අහෂ්වේරොෂ් රජ ෂූෂන්වලදී පවත්වපු භෝජන සංග්‍රහය (1-9)

  • වෂ්ටී බිසව අකීකරු වෙයි (10-12)

  • රජ උපදේශකයන් එක්ක කතා කරයි (13-20)

  • රජගේ නියෝගය දැනුම් දෙයි (21, 22)

1  ඉන්දියාවේ ඉඳන් ඉතියෝපියාව* දක්වා තියෙන පළාත් 127ක්+ පාලනය කරපු අහෂ්වේරොෂ්* රජගේ කාලේ වුණ සිද්ධියක් තමයි මේ වාර්තා කරලා තියෙන්නේ.  ඒ කාලේදී අහෂ්වේරොෂ් රජ පාලනය කළේ ෂූෂන්*+ මාලිගාවේ* ඉඳලයි.  රජ පාලනය කරපු තුන්වෙනි අවුරුද්දේදී රජගේ අධිපතීන් සහ සේවකයන් හැමෝම වෙනුවෙන් එයා භෝජන සංග්‍රහයක් ලෑස්ති කළා. පර්සියාවේ+ සහ මේදියාවේ+ හමුදා නිලධාරීන් හැමෝමත් වංශවත් අයත් පළාත්වල ආණ්ඩුකාරයනුත් ඒකට ආවා.  රජ එයාගේ තේජවත් රාජධානියේ තිබුණ හැම ධන සම්පතක්ම සහ එයාගේ මහත් බලයත් ගෞරවයත් දවස් 180ක් පුරා එයාලට ප්‍රදර්ශනය කළා.  ඒ කාලේ ඉවර වුණාට පස්සේ රජ දවස් හතක් පුරා ෂූෂන් මාලිගාවේ උයනේ භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. රජමාලිගාවට ඇවිත් හිටපු ලොකු පොඩි ඕනෙම තනතුරක් දරපු හැම කෙනෙක්ම ඒ භෝජන සංග්‍රහයට ආවා.  උයනේ තිබුණ මළුවේ කිරිගරුඬ කුලුනු තිබුණා. ඒ කුලුනුවල ලිනන් සහ වෙනත් වටින රෙදිවලින් වගේම නිල් පාට රෙදිවලින් හදපු තිර එල්ලලා තිබුණා. ඒවා එල්ලලා තිබුණේ රිදී මුදුවලට සවි කරපු අනර්ඝ රෙදි සහ දම් පාට ලොම්වලින් හදාගත්ත ලණුවලින්. මළුවේ බිමට රතු ගල්,* කිරිගරුඬ, මුතු බෙල්ලන්ගේ කටු සහ කලු කිරිගරුඬ අල්ලලා තිබුණා. එතන රන් සහ රිදීවලින් හදපු යහන් තියලා තිබුණා.  භෝජන සංග්‍රහයට ආපු අමුත්තන්ට වයින් බොන්න දුන්නේ රන් කුසලානවල. ඒ හැම කුසලානයක්ම එකකට එකක් වෙනස්. රජට වයින්වලින් නම් කිසිම හිඟයක් තිබුණේ නැහැ. ඉතින් ආපු අමුත්තන්ට බොන්න රජගේ මේසයෙන් ඇති තරම් වයින් දුන්නා.  වයින් බොන්න කියලා කාටවත් බල කරන්න එපා කියලා රජ අණ කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් එක් එක් කෙනාට කැමති තීරණයක් ගන්න ඉඩ දෙන්න කියලා රජ එයාගේ මාලිගාවේ නිලධාරීන්ට කියලා තිබුණා.  වෂ්ටී බිසවත්+ අහෂ්වේරොෂ් රජගේ මාලිගාවේ ස්ත්‍රීන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. 10  හත්වෙනි දවසේදී වයින් බීලා සතුටින් හිටපු අහෂ්වේරොෂ් රජ එයා ළඟ සේවය කරපු මෙහූමාන්, බිස්තා, හර්බොනා,+ බිග්තා, අබග්තා, ෂේතර් සහ කර්කස් කියන නිලධාරීන් හත්දෙනාට කතා කරලා කිව්වා 11  වෂ්ටී බිසවව රාජකීය හිස් පලඳනාවෙන් සරසලා තමන් ඉස්සරහට ගේන්න කියලා. වෂ්ටී බිසව හරිම ලස්සන නිසා රජට ඕනෙ වුණා සෙනඟටත් අධිපතීන්ටත් එයාව පෙන්නන්න. 12  ඒත් වෂ්ටී බිසව නිලධාරීන් මාර්ගයෙන් රජ දුන්න නියෝගය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. ඒක දැනගත්තාම රජට ගොඩක් කේන්ති ගියා. 13  ඊටපස්සේ රජ ඒ කාලේ තිබුණ චාරිත්‍ර ගැන හොඳ අවබෝධයක් ඇති උගත් අයට කතා කළා. (සාමාන්‍යයෙන් මොනවා හරි ප්‍රශ්නයක් මතු වුණ වෙලාවලදී රජ නීතිය සහ නීතික කාරණා ගැන හොඳ අවබෝධයක් ඇති අය එක්ක කතා කරනවා. 14  රජගේ කිට්ටුම උපදේශකයන් වුණේ කාෂේනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මාසේනා සහ මෙමූකාන් කියන පර්සියාවේ සහ මේදියාවේ අධිපතීන් හත්දෙනායි.+ එයාලා රජ ඉස්සරහට නිතරම ගිය රාජධානියේ ඉහළම තනතුරු දරපු නිලධාරීන්.) 15  රජ එයාලට මෙහෙම කිව්වා. “අහෂ්වේරොෂ් රජ වන මම නිලධාරීන් මාර්ගයෙන් දුන්න නියෝගයට වෂ්ටී බිසව කීකරු වුණේ නැහැ. නීතියට අනුව එයාට මොනවාද කරන්න ඕනේ?” 16  රජ සහ අධිපතීන් ඉස්සරහා මෙමූකාන් මෙහෙම උත්තර දුන්නා. “රජතුමනි, වෂ්ටී බිසව මේ වරද කළේ+ ඔබතුමාට විරුද්ධව විතරක් නෙමෙයි. ඔබතුමාගේ පාලනය යටතේ තියෙන හැම පළාතකම ඉන්න අධිපතීන්ටත් මුළු සෙනඟටත් බිසව කරපු දේ බලපානවා. 17  බිසව කරපු දේ අනිත් අයගේ භාර්යාවන්ට ආරංචි වුණාම එයාලත් මෙහෙම කියන්න ගනියි. ‘අහෂ්වේරොෂ් රජ වෂ්ටී බිසවට එයා ඉස්සරහට එන්න කියලා අණ කරපු වෙලාවේ එයා ආවේ නැහැනේ.’ එහෙම කියලා එයාලත් එයාලාගේ ස්වාමිපුරුෂයන් කියන දේවල් ගණන් ගන්නේ නැතුව ඉඳියි. 18  බිසව කරපු දේ ගැන දන්න පර්සියාවේ සහ මේදියාවේ අධිපතීන්ගේ භාර්යාවන් ඒ ගැන අදම එයාලාගේ ස්වාමිපුරුෂයන්ටත් කියයි. ඒකෙන් වෙන්නේ ගොඩක් ප්‍රශ්න සහ අගෞරවනීය දේවල් වෙන එක විතරයි. 19  රජතුමනි, ඔබ කැමති නම් වෂ්ටී බිසවට ආයේ කවදාවත් ඔබතුමා ඉස්සරහට එන්න බැහැ කියලා රාජ ආඥාවක් නිකුත් කරන්න. ඒක කවදාවත් වෙනස් කරන්න බැරි+ පර්සියාවේ සහ මේදියාවේ නීතියට ඇතුළත් කරන්න. ඒ වගේම රජතුමාගේ බිසව විදිහට එයාට තියෙන තනතුර එයාට වඩා සුදුසු ස්ත්‍රියකට ලබා දෙන්න. 20  රජතුමා දෙන ඒ නියෝගය ගැන මේ විශාල රාජධානිය පුරාම ඉන්න හැමෝම දැනගනියි. එතකොට ලොකු පොඩි කියලා වෙනසක් නැතුව ඕනෙම තනතුරක් දරන තමන්ගේ ස්වාමිපුරුෂයන්ට ගෞරවයෙන් සලකන්න හැම භාර්යාවක්ම පෙලඹෙයි.” 21  මෙමූකාන්ගේ යෝජනාවට රජයි, අධිපතීනුයි එකඟ වුණා. රජ මෙමූකාන් කියපු විදිහටම කළා. 22  රජ එයාගේ පාලනය යටතේ තිබුණ හැම පළාතකටම ලියුම් යැව්වා.+ ඒ එක එක පළාතට යවපු ලියුම් ලියලා තිබුණේ එහේ ජීවත් වෙන මිනිස්සු කතා කරන භාෂාවෙන් සහ එයාලට කියවන්න පුළුවන් අකුරුවලිනුයි. හැම ස්වාමිපුරුෂයෙක්ම එයාගේ පවුලේ මූලිකයා කියලත් පවුලේ සාමාජිකයන් කතා කරන්න ඕනෙ එයාගේ මව්භාෂාව කියලත් ඒ ලියුම්වල සඳහන් වුණා.

පාදසටහන්

හෝ, “කූෂ්.”
මහ දාරියුස්ගේ (දාරියුස් හිස්ටැස්පිස්ගේ) පුතා වුණ පළවෙනි තක්ෂස්තා කියලා හිතන්න පුළුවන්.
හෝ, “සූසා.”
හෝ, “බලකොටුවේ.”
ඒ කියන්නේ පෝපිරි.