එස්තර් 10:1-3

  • මොර්දෙකයි ප්‍රසිද්ධ වෙයි (1-3)

10  අහෂ්වේරොෂ් රජ එයාගේ පාලනය යටතේ තිබුණ දේශවලත් දූපත්වලත් හිටපු මිනිස්සුන්ගෙන් වහල් වැඩ ගත්තා.  මේදියාවේ සහ පර්සියාවේ+ රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ,+ අහෂ්වේරොෂ් රජ එයාගේ බලය සහ තේජස පාවිච්චි කරලා ලබාගත්ත හැම දෙයක්ම ගැනත් රජ මොර්දෙකයිට+ උසස් තනතුරක් දීලා එයාව ගෞරවයට පත් කරන්න+ කරපු හැම දෙයක්ම ගැනත් සඳහන් කරලා තියෙනවා.  යුදෙව්වෙක් වුණ මොර්දෙකයි දෙවෙනි වුණේ අහෂ්වේරොෂ් රජට විතරයි. එයා යුදෙව්වන් හැමෝම අතරේ ප්‍රසිද්ධ, එයාලාගේ ගෞරවය දිනාගත්ත කෙනෙක් වුණා. මොකද එයාගේ සෙනඟගේ යහපත වෙනුවෙන් එයා වැඩ කළා. එයාලාගෙන් පැවතෙන අයට සාමකාමී අනාගතයක් ගත කරන්න පුළුවන් වෙන්න එයාලා වෙනුවෙන් එයා කතා කළා.

පාදසටහන්