එස්තර් 4:1-17

  • මොර්දෙකයි අඬා වැලපෙයි (1-5)

  • එස්තර්ට මැදිහත් වෙන්න කියලා මොර්දෙකයි කියයි (6-17)

4  ඒ හැම දෙයක් ගැනම දැනගත්තාට පස්සේ+ මොර්දෙකයි+ එයාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි ඇඳගෙන, අළු දාගෙන නුවරට ගිහින් හරිම දුකෙන් හයියෙන් අඬා වැලපුණා.  එයා අඬඅඬ ගියේ රජමාලිගාවේ දොරටුව වෙන කල් විතරයි. මොකද ගෝණි රෙදි ඇඳගෙන රජමාලිගාවේ දොරටුවෙන් ඇතුල් වෙන්න කාටවත් අවසර තිබුණේ නැහැ.  රජගේ නියෝගය දැනුම් දීපු හැම පළාතකම+ හිටපු යුදෙව්වන් ගොඩක් දුකෙන් නිරාහාරව ඉඳලා+ අඬා වැලපුණා. හුඟදෙනෙක් ගෝණි රෙදි සහ අළුවල වැතිරිලා දුක් වුණා.+  එස්තර් බිසවට සේවය කරන්න හිටපු තරුණියන් සහ නිලධාරීන්* එයා ළඟට ඇවිල්ලා ඒ හැම දෙයක් ගැනම එයාට කිව්වා. ඒක අහලා බිසව ගොඩක් දුක් වුණා. ඊටපස්සේ එයා මොර්දෙකයි ඇඳගෙන හිටපු ගෝණි රෙදි වෙනුවට අඳින්න ඇඳුම් ටිකක් යැව්වා. ඒත් එයා ඒවා භාරගත්තේ නැහැ.  ඊටපස්සේ එස්තර් එයාට සේවය කරන්න රජ පත් කරලා හිටපු නිලධාරියෙක් වුණ හාතාක්ට එන්න කියලා කිව්වා. මොර්දෙකයි ගාවට ගිහිල්ලා මොකද වෙන්නේ කියලත් ඇයි මෙහෙම කරන්නේ කියලත් එයාගෙන් අහලා දැනගන්න කියලා එස්තර් හාතාක්ට අණ කළා.  ඉතින් හාතාක් රජමාලිගාවේ දොරටුව ඉස්සරහා තිබුණ නුවරේ ප්‍රධාන හන්දියේ හිටපු මොර්දෙකයිව හම්බ වෙන්න ගියා.  මොර්දෙකයි වෙලා තියෙන හැම දෙයක්ම ගැනත් යුදෙව්වන්ව විනාශ කරලා දාන්න+ හාමාන් රජගේ භාණ්ඩාගාරයට ගෙවන්න පොරොන්දු වුණ මුදල් ප්‍රමාණය+ ගැනත් හාතාක්ට කිව්වා.  යුදෙව්වන්ව විනාශ කරලා දාන්න කියලා ෂූෂන්වල*+ දැනුම් දුන්න නියෝගයේ පිටපතකුත් මොර්දෙකයි හාතාක්ට දුන්නා. ඒක එස්තර්ට දීලා වෙලා තියෙන දේවල් එයාට පැහැදිලි කරලා දෙන්න+ කියලා එයා හාතාක්ට කිව්වා. ඒ වගේම මොර්දෙකයි හාතාක් මාර්ගයෙන් එස්තර්ට කිව්වා රජ ඉස්සරහට ගිහිල්ලා එයාගේ ජාතියට දයාව පෙන්නන්න කියලා රජගෙන් බැගෑපත්ව ඉල්ලන්න කියලා.  හාතාක් ආපහු ඇවිල්ලා මොර්දෙකයි කියපු හැම දෙයක්ම එස්තර්ට කිව්වා. 10  ඊටපස්සේ මොර්දෙකයි ළඟට ගිහින්+ මෙහෙම කියන්න කියලා එස්තර් හාතාක්ට කිව්වා. 11  “රජතුමා මට එන්න කියලා දවස් 30කින් කතා කරලා නැහැ. ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි රජතුමා එන්න කියන්නේ නැතුව ඔහුව හම්බ වෙන්න ඇතුල් මළුවට ගියොත්+ නීතියට අනුව එයාව අනිවාර්යයෙන්ම මරනවා. රජතුමාගේ සේවකයන් හැමෝමයි, රාජධානිය පුරාම ඉන්න මිනිස්සුයි ඒ නීතිය ගැන දන්නවා. එහෙම ගිය කෙනෙක්ව මරන්නේ නැත්තේ රජතුමා ඔහුගේ රන් යෂ්ටිය+ ඒ කෙනාට දික් කළොත් විතරයි.” 12  එස්තර් කියපු දේවල් මොර්දෙකයිට කිව්වාම 13  එයා එස්තර්ට මෙහෙම දන්වලා යැව්වා. “හිතන්න එපා ඔයා රජමාලිගාවේ ඉන්න නිසා යුදෙව්වන් විනාශ වෙද්දී ඔයා විතරක් බේරෙයි කියලා. 14  මේ වෙලාවේ ඔයා මුකුත් නොකර හිටියත් යුදෙව්වන්ට මොනම හරි විදිහකින් උදව් ලැබිලා එයාලා බේරෙයි.+ හැබැයි ඔයායි, ඔයාගේ නෑදෑයනුයි විනාශ වෙලා යයි. මේ වගේ වෙලාවක සෙනඟට උදව් කරන්නම ඔයා රජගේ බිසව වුණාද කියලා කවුද දන්නේ?”+ 15  ඒක ඇහුවාට පස්සේ එස්තර් මොර්දෙකයිට මෙහෙම දන්වලා යැව්වා. 16  “ගිහිල්ලා ෂූෂන්වල ඉන්න යුදෙව්වන් හැමෝවම රැස් කරලා දවස් තුනක්+ රෑ දවල් දෙකේ මං වෙනුවෙන් නොකා නොබී ඉන්න.+ මාත් මගේ සේවිකාවනුත් ඒ විදිහට නිරාහාරව ඉන්නවා. ඊටපස්සේ නීතියට පටහැනි වුණත් මං රජතුමා ඉස්සරහට යන්නම්. ජීවිතේ නැති වුණත් මං ඒක කරනවා.” 17  ඉතින් මොර්දෙකයි ගිහිල්ලා එස්තර් කියපු විදිහට කළා.

පාදසටහන්

මූ.අ., “නපුංසකයන්.”
හෝ, “සූසාවල.”