එස්තර් 9:1-32

  • යුදෙව්වන් ජය ලබයි (1-19)

  • දාදු උත්සවය පටන්ගනියි (20-32)

9  රජගේ නීතිය ක්‍රියාත්මක කරන්න නියම වෙලා තිබුණ දවස+ වන 12වෙනි මාසේ ඒ කියන්නේ ආදාර්*+ මාසේ 13වෙනිදා උදා වුණා. ඒ දවසේදී යුදෙව්වන්ගේ සතුරන් යුදෙව්වන්ව යටත් කරගන්න හිතාගෙන හිටියත් හැම දෙයක්ම අනිත් පැත්ත පෙරළුණා. අන්තිමේදී වුණේ යුදෙව්වන් එයාලාගේ සතුරන්ට වඩා බලවත් වුණ එකයි.+  අහෂ්වේරොෂ් රජ+ යටතේ තිබුණ හැම පළාතකම ජීවත් වුණ යුදෙව්වන් එයාලට අනතුරක් කරන්න උත්සාහ කරන හැමෝටම විරුද්ධව සටන් කරන්න තම තමන්ගේ නුවරවල්වල එකතු වුණා. එයාලව පරද්දන්න කිසිම කෙනෙක්ට බැරි වුණා. මොකද හැමෝම හිටියේ යුදෙව්වන්ට ගොඩක් බයෙන්.+  මොර්දෙකයිට තිබුණ බය නිසා හැම පළාතකම හිටපු අධිපතීන්, දිසාපතීන්,+ ආණ්ඩුකාරයන් සහ රජගේ ව්‍යාපාර කටයුතු කරපු හැමෝම යුදෙව්වන්ට උදව් කළා.  මොර්දෙකයිට රජමාලිගාවේ ඉහළ තනතුරක් තිබුණ නිසා+ හැම පළාතකම හිටපු අය අතරේ එයා ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඒ විදිහට එයා දවසින් දවස බලවත් වුණා.  යුදෙව්වන් එයාලාගේ සතුරන්ට කඩුවෙන් පහර දීලා එයාලව මරලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. එයාලට වෛර කරපු හැමෝවම විනාශ කරලා දාන්න කරන්න පුළුවන් හැම දෙයක්ම එයාලා කළා.+  යුදෙව්වන් ෂූෂන්*+ මාලිගාවේ* හිටපු 500දෙනෙක්ව මරලා විනාශ කරලා දැම්මා.  එයාලා මේ අයවත් මරලා දැම්මා. පාෂාන්දාතා, දල්ෆොන්, අස්පාතා,  පෝරාතා, අදලියා, අරිදාතා,  පාමෂ්තා, අරිසායි, අරිදායි සහ වයිසාතා. 10  ඒ දහදෙනා හම්මෙදාතාගේ පුතා වුණ යුදෙව්වන්ට සතුරුකම් කරපු+ හාමාන්ගේ පුතාලා. යුදෙව්වන් එයාලා මරපු අයගේ දේපළ කොල්ල කෑවේ නැහැ.+ 11  ඒ දවසේ ෂූෂන් මාලිගාවේදී මරලා දාපු අයගේ ගාණ රජට දැනුම් දුන්නා. 12  ඊටපස්සේ රජ එස්තර් බිසවට මෙහෙම කිව්වා. “යුදෙව්වන් ෂූෂන් මාලිගාවේදී විතරක් මිනිස්සු 500දෙනෙක්වත් හාමාන්ගේ පුත්තු දහදෙනාවත් මරලා දාලා තියෙනවා. එහෙමනම් එයාලා අනිත් පළාත්වල කීදෙනෙක්ව මරලා දාන්න ඇද්ද!+ මගේ බිසව එස්තර්, තව මොනවාද මගෙන් කෙරෙන්න ඕනේ? මට කියන්න. මම ඒක කරන්නම්. ඔයා බලාපොරොත්තු වෙන දේ මට කියන්න. මම ඒකත් කරලා දෙන්නම්.” 13  එතකොට එස්තර් මෙහෙම කිව්වා. “රජතුමනි, මගේ ඉල්ලීම ඉටු කරලා දෙන්න ඔබ සතුටුයි නම්+ අද ක්‍රියාත්මක කරපු නීතිය හෙටත් ෂූෂන්වල* ඉන්න යුදෙව්වන්ට ක්‍රියාත්මක කරන්න අවසර දෙන්න.+ හාමාන්ගේ පුත්තු දහදෙනාව කණුවල එල්ලන්න කියලත් අණ කරන්න.”+ 14  ඉතින් එහෙම කරන්න කියලා රජ අණ කළා. ඒ නීතිය ගැන ෂූෂන්වල දැනුම් දුන්නා. හාමාන්ගේ පුතාලා දහදෙනාවත් කණුවල එල්ලුවා. 15  ආදාර් මාසේ 14වෙනිදාත්+ ෂූෂන්වල හිටපු යුදෙව්වන් එකතු වෙලා එහේ හිටපු මිනිස්සු 300දෙනෙක්ව මරලා දැම්මා. ඒත් එයාලා ඒ මිනිස්සුන්ගේ දේපළ කොල්ල කෑවේ නැහැ. 16  රජගේ පාලනය යටතේ තිබුණ අනිත් පළාත්වල හිටපු යුදෙව්වන් එයාලාගේ ජීවිත ආරක්ෂා කරගන්න සටන් කරලා+ එයාලාගේ සතුරන්+ 75,000ක් මරලා දැම්මා. ඒ විදිහට එයාලා එයාලට වෛර කරපු අයව විනාශ කළා. ඒත් ඒ මිනිස්සුන්ගේ දේපළ එයාලා කොල්ල කෑවේ නැහැ. 17  ආදාර් මාසේ 13වෙනිදා තමයි එයාලා ඒ දේවල් කළේ. 14වෙනිදා එයාලා නිවාඩු ගත්තා. ඒ දවසේදී එයාලා කාලා බීලා ගොඩක් සතුටු වුණා. 18  ඒත් ෂූෂන්වල හිටපු යුදෙව්වන් ආදාර් මාසේ 13+ සහ 14+ කියන දවස් දෙකේම එකට එකතු වෙලා එයාලාගේ ජීවිත ආරක්ෂා කරගන්න සටන් කළා. 15වෙනිදා එයාලා නිවාඩු ගත්තා. ඒ දවසේදී එයාලා කාලා බීලා ගොඩක් සතුටු වුණා. 19  ඒත් අනිත් පළාත්වල තිබුණ නුවරවල්වල ජීවත් වුණ යුදෙව්වන් ආදාර් මාසේ 14වෙනිදා උත්සව දවසක් විදිහට+ සලකලා කාලා බීලා සතුටු වුණා. එයාලා කෑම බීමත් හුවමාරු කරගත්තා.+ 20  මොර්දෙකයි+ ඒ හැම සිද්ධියක්ම ලියවිල්ලක සටහන් කළා. ඊටපස්සේ එයා අහෂ්වේරොෂ් රජගේ රාජධානියේ ළඟපාත වගේම දුර ඈත තිබුණ හැම පළාතකම ජීවත් වුණ යුදෙව්වන්ට ලියුම් යැව්වා. 21  හැම අවුරුද්දකම ආදාර් මාසේ 14වෙනිදායි, 15වෙනිදායි යුදෙව්වන් උත්සව දවස් විදිහට සලකන්න ඕනෙ කියලා මොර්දෙකයි ඒ ලියුම්වලින් එයාලට නියෝග කළා. 22  මොකද ඒ දවස් දෙකේදී තමයි යුදෙව්වන්ට එයාලාගේ සතුරන්ගෙන් නිදහස ලැබුණේ. ඒ වගේම ඒ මාසේදී තමයි එයාලාගේ දුක සතුටටත් වැලපෙන දවස+ උත්සව දවසකටත් පෙරළුණේ. ඒ දවස් කාලා බීලා සතුටින් ඉන්න පුළුවන් උත්සව දවස් විදිහට සලකන්න ඕනෙ කියලත් ඒ දවස්වලදී කෑම බීම හුවමාරු කරගෙන දුප්පත් අයට තෑගිබෝග දෙන්න කියලත් එයාලට කිව්වා. 23  යුදෙව්වන් පටන්ගත්ත ඒ උත්සවය හැම අවුරුද්දකම පවත්වන්නත් මොර්දෙකයි ලියලා එවපු විදිහටම හැම දෙයක්ම කරන්නත් යුදෙව්වන් කැමති වුණා. 24  ඒ විදිහට යුදෙව්වන් එයාලට වුණ දේවල් සිහි කළා. යුදෙව්වන්ට සතුරුකම් කරපු ආගග්ගෙන් පැවත ආපු+ හම්මෙදාතාගේ පුතා වුණ හාමාන්+ යුදෙව්වන්ව විනාශ කරන්න+ කුමන්ත්‍රණය කළා. යුදෙව්වන්ව බය කරලා එයාලව විනාශ කරලා දාන්න හාමාන් දාදු*+ දැම්මා. 25  ඒත් එස්තර් බිසව රජ ඉස්සරහට ගිහින් ඒ ගැන කිව්වාම රජ මෙහෙම නියෝග කරලා ඒක ලිඛිතව දැනුම් දුන්නා.+ “දුෂ්ට හාමාන් යුදෙව්වන්ට විරුද්ධව කරපු කුමන්ත්‍රණය+ එයා පිටටම ගේන්න.” ඉතින් හාමාන්වයි, එයාගේ පුතාලවයි කණුවල එල්ලුවා.+ 26  හාමාන් යුදෙව්වන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න දාදු+ දැම්ම නිසා යුදෙව්වන් ඒ උත්සවය දාදු උත්සවය* කියලා හැඳින්නුවා. ඒ ලියුමේ ලියලා තිබුණ දේවල් නිසාත් යුදෙව්වන් දැකපු සහ අද්දැක්ක දේවල් නිසාත් 27  ලියලා එවපු විදිහටම හැම අවුරුද්දකම වරද්දන්නේ නැතුව නියමිත කාලේදී ඒ දවස් දෙක උත්සවයක් විදිහට සමරන්න යුදෙව්වන් එකඟ වුණා. එයාලාගෙන් පැවතෙන අයයි, එයාලට එකතු වෙන අයයි+ ඒ උත්සවය පවත්වන්න ඕනෙ කියලත් එයාලා එකඟ වුණා. 28  හැම පළාතකම, හැම නුවරකම ඉන්න හැම පවුලක්ම ඒ දවස් දෙක සමරන්න ඕනේ. දාදු උත්සවය සමරන එක යුදෙව්වන් අතරින් නැති වෙලා යන්න ඉඩ නොදී යුදෙව්වන්ගෙන් පැවතෙන හැම පරම්පරාවක්ම ඒක පවත්වන්න ඕනේ. 29  අබිහයිල්ගේ දුව වුණ එස්තර් බිසව සහ යුදෙව්වෙක් වුණ මොර්දෙකයි එයාලට තිබුණ බලතල ඔක්කොම පාවිච්චි කරලා දාදු උත්සවය සමරන එක ස්ථිර කරන්න තවත් ලියුමක් ලිව්වා. 30  මිත්‍රශීලීව සහ අවංකව ලියපු ලියුමක් මොර්දෙකයි අහෂ්වේරොෂ් රජ යටතේ+ තිබුණ පළාත් 127ම+ ජීවත් වුණ යුදෙව්වන්ට යැව්වා. 31  ඒ ලියුමෙන් යුදෙව්වෙක් වුණ මොර්දෙකයි සහ එස්තර් බිසව මඟ පෙන්නපු විදිහටම+ සහ යුදෙව්වනුත් එයාලාගෙන් පැවතෙන හැමෝමත් ඒක සමරනවා කියලා එකඟ වුණ විදිහටම+ දාදු උත්සවය නියමිත කාලේදී සමරන එක අනිවාර්ය කළා. ඒක සමරද්දී නිරාහාරව ඉඳලා+ දෙවියන්ගේ උදව් ඉල්ලලා කන්නලව් කරන්න+ කියලත් කියලා තිබුණා. 32  දාදු උත්සවයේදී+ කරන්න ඕනෙ දේවල් එස්තර් බිසව අණ කරපු දෙයින් ස්ථිර වුණා. පස්සේ ඒවා ලියවිල්ලක සටහන් කළා.

පාදසටහන්

උප. B15 බලන්න.
හෝ, “සූසා.”
හෝ, “බලකොටුවේ.”
හෝ, “සූසාවල.”
මූ.අ., “පූර්.”
පූරීම් උත්සවය කියලත් හැඳින්නුවා.