එස්රා 1:1-11

  • දේවමාලිගාව ආයේ ගොඩනඟන්න සයිරස් රජ නියෝග කරයි (1-4)

  • බැබිලෝනියෙන් පිටත් වෙන්න සූදානම් වෙයි (5-11)

1  පර්සියාවේ රජ වුණ සයිරස්+ පාලනය කරපු පළවෙනි අවුරුද්දේදී* යෙහෝවා දෙවියන් සයිරස් රජගේ හිත පෙලඹුවා යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා කියපු දේ+ ඉටු කරන්න. ඒ නිසා සයිරස් රජ තම රාජධානිය පුරාම පණිවිඩයක් යැව්වා. ලිඛිතවත් දැනුම් දුන්න ඒ පණිවිඩයේ+ මෙහෙම සඳහන් වුණා.  “පර්සියාවේ සයිරස් රජ මෙසේ දැනුම් දෙයි. ‘ස්වර්ගය පාලනය කරන දෙවි වන යෙහෝවා පොළොවේ සියලු රාජ්‍යයන් මට භාර දීලා තියෙනවා.+ ඔහු යූදා දේශයට අයිති යෙරුසලමේ ඔහු වෙනුවෙන් දේවමාලිගාවක් ගොඩනඟන්න මට අණ කළා.+  ඔබ අතරේ ඉන්න ඒ දෙවියන්ට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ රැකවරණය ලැබේවා! සැබෑ දෙවියන් ඔහුයි. ඒ නිසා යූදා දේශයට ගිහිල්ලා යෙරුසලමේ තිබුණ* ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ මාලිගාව නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙනවා.  විදේශිකයන් විදිහට+ රාජධානියේ ඕනෙම තැනක ජීවත් වෙන යුදෙව්වන්ට ආයෙත් යෙරුසලමට යන්න පුළුවන්. අසල්වාසීන්ට* පුළුවන් ගමනට අවශ්‍ය උදව් එයාලට ලබා දෙන්න. යෙරුසලමේ තිබුණ සැබෑ දෙවියන්ගේ මාලිගාව වෙනුවෙන් දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්නත්+ රන්, රිදී, බඩු බාහිරාදිය සහ සතුන් එයාලට ලබා දෙන්නත් පුළුවන්.’”  යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවල ප්‍රධානියෝ, පූජකයෝ, ලෙවීවරු සහ තවත් බොහෝදෙනෙක් යෙරුසලමේ තිබුණ යෙහෝවාගේ මාලිගාව ආයෙත් හදන්න යන්න සූදානම් වුණා. මොකද සැබෑ දෙවියන් ඒ ගමන යන්න එයාලාගේ හිතේ ලොකු ආශාවක් ඇති කළා.  අවට ජීවත් වුණ හැමෝගෙන්ම එයාලට ලොකු සහයෝගයක් ලැබුණා.* එයාලා දෙවියන්ගේ මාලිගාව වෙනුවෙන් කැමැත්තෙන්ම දේවල් පරිත්‍යාග කළා විතරක් නෙමෙයි රන් රිදී භාණ්ඩ, වෙනත් වටිනා දේවල්, බඩු බාහිරාදිය සහ සතුන් ලබා දුන්නා.  සයිරස් රජ යෙහෝවාගේ මාලිගාවට අයිති භාණ්ඩත් ආපහු භාර දුන්නා. නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ ඉඳලා ගෙනාපු ඒ භාණ්ඩ තියලා තිබුණේ එයා අදහපු දෙවියන්ගේ දේවාලයේ.+  ඒ භාණ්ඩ නැවත භාර දීමේ වගකීම පර්සියාවේ සයිරස් රජ පැවරුවේ භාණ්ඩාගාරික මිත්රෙදාත්ට. එයා ඒ භාණ්ඩවල ලේඛනයක් හදලා ඒවා යූදා ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුණ ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නා.  ඒ ලේඛනයේ සඳහන් වුණ භාණ්ඩ මේවායි. රන් කූඩ 30යි. රිදී කූඩ 1,000යි. ඒ වගේ වෙනත් භාජන 29යි. 10  කුඩා රන් බඳුන් 30යි. කුඩා රිදී බඳුන් 410යි. වෙනත් භාණ්ඩ 1,000යි. 11  රන් සහ රිදී භාණ්ඩවල මුළු එකතුව 5,400යි. බැබිලෝනියේ වහලුන් විදිහට හිටපු අය+ යෙරුසලමට යද්දී ෂෙෂ්බෂර් ඒ හැම භාණ්ඩයක්ම අරගෙන ගියා.

පාදසටහන්

පේන විදිහට මෙතන කතා කරන්නේ සයිරස් බැබිලෝනිය පාලනය කරන්න පටන්ගත්ත පළවෙනි අවුරුද්ද ගැනයි.
හෝ සමහරවිට, “යෙරුසලමේ ඉන්න.”
හෝ, “නතර වෙලා ඉන්න අයට.”
මූ.අ., “හැමෝම එයාලාගේ දෑත් සවිමත් කළා.”
සමහරවිට එස්රා 2:2 සහ 3:8 සඳහන් සෙරුබාබෙල් වෙන්න පුළුවන්.