එස්රා 10:1-44

  • විදේශීය භාර්යාවන්ව පිටත් කරන්න වෙන පොරොන්දුව (1-14)

  • විදේශීය භාර්යාවන්ව පිටත් කරයි (15-44)

10  එස්රා සැබෑ දෙවියන්ගේ මාලිගාව ඉස්සරහා බිම දිගා වෙලා, කරපු වැරදි ගැන කියලා අඬඅඬ යාච්ඤා කරද්දී+ ඊශ්‍රායෙල්වරුන් ලොකු පිරිසක් එයා ළඟට ආවා. ආපු අය අතරේ පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් හිටියා. එයාලත් ගොඩක් ඇඬුවා.  ඒ වෙලාවේ ඒලාම්ගෙන්+ පැවත ආපු යෙහීයෙල්ගේ+ පුතා වුණ ෂෙකනියා එස්රාට මෙහෙම කිව්වා. “අවට ඉන්න ජාතීන්ගේ ස්ත්‍රීන් එක්ක විවාහ වෙලා* අපි අපේ දෙවියන්ට අකීකරු වුණා.+ ඒත් අපිට තවමත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.  දැන් අපි අපේ දෙවියන් එක්ක ගිවිසුමක් ඇති කරගමු.+ විදේශීය භාර්යාවන්වයි, එයාලට ඉපදුණ දරුවන්වයි පිටත් කරලා යවන්න අපි පොරොන්දු වෙමු. ඒක යෙහෝවා දීලා තියෙන මඟ පෙන්වීමට එකඟයි. අපේ දෙවියන්ගේ ආඥා ලොකු ගෞරවයකින් සලකන අයත් ඒකට කැමති වෙයි.+ අපි දැන් නීතියේ කියන විදිහට වැඩ කරමු.  දැන් නැඟිටලා කරන්න ඕනෙ දේ කරන්න. ඒක ඔයාගේ වගකීම. බය වෙන්න එපා. අපිත් ඔයා එක්ක ඉන්නවා.”  එස්රා එතනින් නැඟිටලා නායක පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි, ඊශ්‍රායෙල් සෙනඟටයි කිව්වා ෂෙකනියා කියපු දේ කරන්න දිවුරලා පොරොන්දු වෙන්න කියලා.+ එයාලා හැමෝම එහෙම කළා.  ඊටපස්සේ සැබෑ දෙවියන්ගේ මාලිගාව ඉස්සරහා හිටපු එස්රා දේවමාලිගාවේ එලියාෂිබ්ගේ පුතා වුණ යෙහෝහානන් යටතේ තිබුණු කාමරයට* ගියා. එතනට ගියාට එස්රා කෑම කෑවෙවත් වතුර බිව්වෙවත් නැහැ. මොකද එයා හිටියේ නිදහස් වෙලා ආපු සෙනඟ කරපු වැරදි ගැන ගොඩක් දුක් වෙවී.+  නිදහස් වෙලා ඇවිත් යෙරුසලමේ සහ යූදා දේශයේ පදිංචි වෙලා හිටපු හැමෝටම යෙරුසලමට රැස් වෙන්න කියලා ඊටපස්සේ එයාලා පණිවිඩයක් යැව්වා.  දවස් තුනක් ඇතුළත යෙරුසලමට එන්නේ නැති අයගේ බඩු මුට්ටු පවරගන්නත් නිදහස් වෙලා ආපු සෙනඟ අතරින් එයාලව පිටමං කරන්නත්+ අධිපතීන් සහ වැඩිමහල්ලන් තීරණය කරලා තියෙනවා කියලත් දැනුම් දුන්නා.  දවස් තුනක් ඇතුළත යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවලට අයිති හැමෝම යෙරුසලමට එකතු වුණා. ඒ නමවෙනි මාසේ 20වෙනිදා. එයාලා හැමෝම සැබෑ දෙවියන්ගේ මාලිගාවේ මළුවක ඉඳගෙනයි හිටියේ. හයියෙන් වැස්ස නිසා එයාලා හිටියේ සීතලේ ගැහිගැහී. එතනට රැස් වුණ හේතුව නිසා එයාලට ලොකු බයකුත් දැනුණා. 10  ඒ වෙලාවේ පූජක එස්රා සෙනඟ ඉස්සරහා හිටගෙන මෙහෙම කිව්වා. “ඔයාලා දෙවියන්ට අකීකරු වෙලා. විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන+ ඊශ්‍රායෙල් සෙනඟගේ වැරදි තවත් වැඩි කරලා. 11  දැන් ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔයාලාගේ වැරදි පිළි අරන් දෙවියන් සතුටු වෙන විදිහට වැඩ කරන්න. ඔයාලාගේ විදේශීය භාර්යාවන්ව පිටත් කරලා යවන්න. අවට ජාතීන්වල අයව ආශ්‍රය කරන එක නවත්තන්න.”+ 12  එතකොට රැස් වෙලා හිටපු හැමෝම මෙහෙම කිව්වා. “ඔයා කියන විදිහටම අපි කරනවා. 13  ඒත් මෙතන ලොකු සෙනඟක් ඉන්නවා. දැන් වැහි කාලේ නිසා එළිමහනේ ඉන්නත් හරි අමාරුයි. අනික මේ වරද දවසකින් දෙකකින් හරිගස්සන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මේකට හුඟදෙනෙක් සම්බන්ධයි. 14  ඉතින් අපි අපේ අධිපතීන්ට කියමු මෙතන ඉඳලා අවශ්‍ය දේවල් කරන්න කියලා.+ විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන ඉන්න අයට කියමු නියමිත දවසක එයාලාගේ නුවරේ වැඩිමහල්ලන් සහ විනිශ්චයකරුවන් එක්ක මෙතනට එන්න කියලා. ඒ විදිහට අපි මේ ප්‍රශ්නේ විසඳගමු. එතකොට දෙවියන්ගේ මහත් කෝපය නිවලා දාන්න අපිට පුළුවන් වෙයි.” 15  ඒ යෝජනාවට අසහෙල්ගේ පුතා වුණ යොනාතාන් සහ තික්වාගේ පුතා වුණ යාෂෙයා කැමති වුණේ නැහැ. ලෙවීවරුන් වුණ මෙෂල්ලම් සහ ෂබ්බෙතයි+ එයාලාගේ පැත්ත ගත්තා. 16  ඒත් නිදහස් වෙලා ආපු අනිත් හැමෝම යෝජනා කරපු විදිහටම කළා. දහවෙනි මාසේ පළවෙනිදා පූජක එස්රා සහ පෙළපත් වාර්තාවල නම් සඳහන් වෙලා තිබුණ පවුල්වල ප්‍රධානීන් ඒ ගැන හොයලා බලන්න වෙනම රැස් වුණා. 17  එයාලා පළවෙනි මාසේ පළවෙනිදා වෙද්දී විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන හිටපු හැමෝටම තීන්දුවක් දීලා ඉවර කළා. 18  විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන හිටපු අය අතරේ පූජකයන්ගේ පුතුන් කීපදෙනෙකුත් ඉන්නවා කියලා හෙළි වුණා.+ ඒ අයට යෙහොෂාදාක්ගේ පුතා වුණ යේෂුවාගේ පුතාලා+ වගේම යේෂුවාගේ සහෝදරයන් වුණ මයසේයා, එලියේසර්, යාරිබ් සහ ගෙදලියා ඇතුළත් වුණා. 19  එයාලාගේ භාර්යාවන්ව පිටත් කරනවා කියලා එයාලා පොරොන්දු වුණා.* එයාලාගේ වරදට එයාලා එක් එක් කෙනා බැටළුවෙක් ගාණේ පූජා කරන්නත් සූදානම් වුණා.+ 20  වරද කරපු පූජකයන් අතරේ ඉම්මේර්ගේ පුතුන්+ අතරින් හනානි සහ සෙබදියා, 21  හාරිම්ගේ පුතුන්+ අතරින් මයසේයා, එලියා, ෂෙමායා, යෙහීයෙල්, උසියා වගේම 22  පෂ්හූර්ගේ පුතුන්+ අතරින් එලියෝනේයයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, යෝෂාබාද් සහ එලෙයාසා හිටියා. 23  ඒ වරද කරපු ලෙවීවරුන් වුණේ යෝෂාබාද්, ෂිමෙයි, කේලායා (ඒ කියන්නේ කෙලීටා), පෙතහියා, යූදා සහ එලියේසර්. 24  ගායකයෙක් වුණ එලියාෂිබ් සහ දොරටු පාලකයන් වුණ ෂල්ලුම්, ටෙලෙම්, උරී කියන අයත් ඒ වරද කළා. 25  ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඒ වරද කළේ පාරොෂ්ගේ පුතුන්+ වුණ රමියා, ඉෂ්ෂියා, මල්කියා, මියමින්, එලියාසර්, මල්කියා, බෙනායා. 26  ඒලාම්ගේ පුතුන්+ අතරින් මත්තනියා, සෙකරියා, යෙහීයෙල්,+ අබ්දී, යෙරෙමොත්, එලියා. 27  සට්ටුගේ පුතුන්+ අතරින් එලියෝනේයයි, එලියාෂිබ්, මත්තනියා, යෙරෙමොත්, සාබාද්, අසීසා. 28  බෙබායිගේ පුතුන්+ අතරින් යෙහෝහානන්, හනනියා, සබ්බයි, අත්ලයි. 29  බානිගේ පුතුන් අතරින් මෙෂල්ලම්, මල්ලුක්, අදායා, යාෂුබ්, ෂෙයාල්, යෙරෙමොත්. 30  පාහත්මෝවබ්ගේ පුතුන්+ අතරින් අද්නා, චෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි, මනස්සේ. 31  හාරිම්ගේ පුතුන්+ අතරින් එලියේසර්, ඉෂ්ෂියාහ්, මල්කියා,+ ෂෙමායා, ෂිමෙයොන්, 32  බෙන්ජමින්, මල්ලුක්, ෂෙමරියා. 33  හාෂුම්ගේ පුතුන්+ අතරින් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිෆෙලෙත්, යෙරෙමයි, මනස්සේ, ෂිමෙයි. 34  බානිගේ පුතුන් අතරින් මයදයි, අම්රාම්, ඌයෙල්, 35  බෙනායා, බෙදේයා, කෙලුහයි, 36  වනියා, මෙරේමොත්, එලියාෂිබ්, 37  මත්තනියා, මත්තෙනයි, යයසූ. 38  බින්නුයිගේ පුතුන් අතරින් ෂිමෙයි, 39  ෂෙලෙමියා, නාතන්, අදායා, 40  මක්නදෙබයි, ෂාෂයි, ෂාරයි, 41  අෂරෙල්, ෂෙලෙමියා, ෂෙමරියා, 42  ෂල්ලුම්, අමරියා, යෝසෙප්. 43  නෙබෝගේ පුතුන් අතරින් යෙයීයෙල්, මත්තිතියා, සාබාද්, සෙබිනා, යද්දයි, යෝවෙල්, බෙනායා. 44  ඒ හැමෝම විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන හිටියා.+ එයාලා එයාලාගේ භාර්යාවන්ව සහ දරුවන්ව පිටත් කරලා යැව්වා.+

පාදසටහන්

හෝ, “ස්ත්‍රීන්ව අපේ ගෙවල්වලට අරගෙන.”
හෝ, “කෑම කාමරයට.”
මූ.අ., “අතට අත දුන්නා.”