එස්රා 2:1-70

  • බැබිලෝනියෙන් ආපු අයගේ නම් ලැයිස්තුව (1-67)

    • දේවමාලිගාවේ සේවකයන් (43-54)

    • සලමොන්ගේ සේවකයන්ගේ පුතුන් (55-57)

  • දේවමාලිගාවට කැමැත්තෙන්ම කරපු පරිත්‍යාග (68-70)

2  බැබිලෝනියේ ඉඳලා ආපු යුදෙව්වන්ගේ+ නම් පහත සඳහන් වෙනවා. එයාලා පළාත* පුරාම පදිංචි අයයි. එයාලාගෙන් සමහරදෙනෙක්ව බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් බැබිලෝනියට වහලුන් විදිහට අරන් ගිහින් තිබුණා.+ ඒ අය බැබිලෝනියේ ඉඳන් ඇවිත් යෙරුසලමේ සහ යූදා දේශයේ එයාලට අයිති නුවරවල්වල පදිංචි වුණා.+  ඒ ගමනේදී එයාලට මඟ පෙන්නුවේ සෙරුබාබෙල්,+ යේෂුවා,+ නෙහෙමියා, සෙරායා, රෙයලායා, මොර්දෙකයි, බිල්ෂාන්, මිස්පාර්, බිග්වායි, රෙහුම් සහ බානාහ් කියන අය. මේ තමයි ආපහු ආව ඊශ්‍රායෙල් පුරුෂයන්ගේ ගණන:+  පාරොෂ්ගේ පුතුන්* 2,172යි.  ෂෙපටියාගේ පුතුන් 372යි.  ආරාහ්ගේ+ පුතුන් 775යි.  පාහත්මෝවබ්+ පෙළපතට අයිති යේෂුවාගේ සහ යෝවාබ්ගේ පුතුන් 2,812යි.  ඒලාම්ගේ+ පුතුන් 1,254යි.  සට්ටුගේ+ පුතුන් 945යි.  ෂක්කායිගේ පුතුන් 760යි. 10  බානිගේ පුතුන් 642යි. 11  බෙබායිගේ පුතුන් 623යි. 12  අස්ගාද්ගේ පුතුන් 1,222යි. 13  අදොනිකාම්ගේ පුතුන් 666යි. 14  බිග්වායිගේ පුතුන් 2,056යි. 15  ආදින්ගේ පුතුන් 454යි. 16  හෙසකියාගේ පෙළපතින් ආපු ආටෙර්ගේ පුතුන් 98යි. 17  බේෂායිගේ පුතුන් 323යි. 18  යෝරාගේ පුතුන් 112යි. 19  හාෂුම්ගේ+ පුතුන් 223යි. 20  ගිබ්බාර්ගේ පුතුන් 95යි. 21  බෙත්ලෙහෙමේ පුරුෂයන් 123යි. 22  නෙටොෆාවල පුරුෂයන් 56යි. 23  අනාතොත්වල+ පුරුෂයන් 128යි. 24  අෂ්මාවෙත්වල පුරුෂයන් 42යි. 25  කිර්යත්යෙයාරීම්, කෙෆීරා සහ බෙයේරොත්වල පුරුෂයන් 743යි. 26  රාමා+ සහ ගෙබාවල+ පුරුෂයන් 621යි. 27  මික්මාස්වල පුරුෂයන් 122යි. 28  බෙතෙල් සහ ආයි+ නුවරවල්වල පුරුෂයන් 223යි. 29  නෙබෝවල+ පුරුෂයන් 52යි. 30  මග්බිෂ්ගේ පුතුන්* 156යි. 31  ඒලාම් කියලා හඳුන්වන තවත් කෙනෙක්ගේ පුතුන් 1,254යි. 32  හාරිම්ගේ පුතුන් 320යි. 33  ලොද්, හාදිද් සහ ඕනෝගේ පුතුන් 725යි. 34  යෙරිකෝවේ පුරුෂයන් 345යි. 35  සෙනායාගේ පුතුන්* 3,630යි. 36  පූජකයන්ගේ+ ගණන: යේෂුවාගේ+ පවුලට අයිති යෙදායාගේ+ පුතුන් 973යි. 37  ඉම්මේර්ගේ+ පුතුන් 1,052යි. 38  පෂ්හූර්ගේ+ පුතුන් 1,247යි. 39  හාරිම්ගේ+ පුතුන් 1,017යි. 40  ලෙවීවරුන්ගේ+ ගණන: හෝදවියාගේ පවුලට අයිති යේෂුවාගේ සහ කද්මියෙල්ගේ+ පුතුන් 74යි. 41  ගායකයන්ගේ+ ගණන: ආසාෆ්ගේ+ පුතුන් 128යි. 42  දොරටු පාලකයන්ගේ+ පුතුන්ගේ ගණන: ෂල්ලුම්, ආටෙර්, ටල්මොන්,+ අක්කුබ්,+ හටීටා සහ ෂෝබයි කියන අයගේ පුතුන්ගේ මුළු ගණන 139යි. 43  දේවමාලිගාවේ සේවකයන්ගේ*+ නම්: ෂීහාගේ පුතුන්, හසුෆාගේ පුතුන්, ටබ්බාවොත්ගේ පුතුන්, 44  කෙරොස්ගේ පුතුන්, සියාහාගේ පුතුන්, පාදොන්ගේ පුතුන්, 45  ලෙබානාගේ පුතුන්, හගාබාගේ පුතුන්, අක්කුබ්ගේ පුතුන්, 46  හාගාබ්ගේ පුතුන්, සල්මයිගේ පුතුන්, හානාන්ගේ පුතුන්, 47  ගිද්දෙල්ගේ පුතුන්, ගහර්ගේ පුතුන්, රෙයායාගේ පුතුන්, 48  රෙෂින්ගේ පුතුන්, නෙකෝදාගේ පුතුන්, ගෂ්ෂාම්ගේ පුතුන්, 49  උස්සාගේ පුතුන්, පාසේයාගේ පුතුන්, බේසයිගේ පුතුන්, 50  අස්නාගේ පුතුන්, මෙයූනිම්වරුන්ගේ* පුතුන්, නෙෆූසිම්ගේ* පුතුන්, 51  බක්බුක්ගේ පුතුන්, හකූෆාගේ පුතුන්, හර්හූර්ගේ පුතුන්, 52  බෂ්ලූත්ගේ පුතුන්, මෙහිදාගේ පුතුන්, හර්ෂාගේ පුතුන්, 53  බාකොස්ගේ පුතුන්, සිසෙරාගේ පුතුන්, තෙමාගේ පුතුන්, 54  නෙෂියාගේ පුතුන්, හටීෆාගේ පුතුන්. 55  සලමොන්ගේ සේවකයන්ගේ පුතුන්ගේ නම්: සෝටයිගේ පුතුන්, සොෆෙරෙත්ගේ පුතුන්, පෙරුදාගේ+ පුතුන්, 56  යයලාහ්ගේ පුතුන්, දර්කොන්ගේ පුතුන්, ගිද්දෙල්ගේ පුතුන්, 57  ෂෙපටියාගේ පුතුන්, හට්ටිල්ගේ පුතුන්, පොකෙරෙත් හෂ්ෂෙබායිම්ගේ පුතුන්, ආමීගේ පුතුන්. 58  දේවමාලිගාවේ සේවකයන්ගේ සහ සලමොන්ගේ සේවකයන්ගේ පුතුන්ගේ මුළු ගණන 392යි. 59  ටෙල්මේලා, ටෙල්හර්ෂා, කේරුබ්, අද්දොන් සහ ඉම්මේර් කියන නුවරවල්වලින් ආපු අයට එයාලාගේ පෙළපත ඊශ්‍රායෙල්ගෙන් පැවතෙනවා කියලා ඔප්පු කරන්න බැරි වුණා.+ එයාලාගේ නම්: 60  දෙලායාගේ පුතුන්, ටොබියාගේ පුතුන් සහ නෙකෝදාගේ පුතුන්. එයාලාගේ ගණන 652යි. 61  පූජකයන්ගේ පුතුන් අතරේ හබායාගේ පුතුන්, හක්කොෂ්ගේ+ පුතුන්, බාසිල්ලයිගේ පුතුන් හිටියා. බාසිල්ලයිගේ+ පුතුන්ට ඒ නම ලැබුණේ එයාලාගේ මුතුන්මිත්තා ගිලියද්වරයෙක් වුණ බාසිල්ලයිගේ දුවෙක්ව විවාහ කරගෙන එයාගේ මාමණ්ඩිගේ නම ලබාගත්ත නිසයි. 62  එයාලා පෙළපත් වාර්තාවල එයාලාගේ පවුල්වල නම් තියෙනවාද කියලා හොයලා බැලුවත් ඒවා හොයාගන්න බැරි වුණා. ඒ නිසා පූජකයන් විදිහට සේවය කරන්න එයාලට අවසර ලැබුණේ නැහැ.*+ 63  ඌරීම් සහ තුම්මීම්+ යොදාගෙන දෙවියන්ගෙන් තීන්දුවක් ලබාගන්න පුළුවන් පූජකයෙක් හොයාගන්න කල් දෙවියන්ට කැප කරපු ශුද්ධ ආහාර කන්න එපා+ කියලා ආණ්ඩුකාරයා* එයාලට කිව්වා. 64  ආපහු ආව අයගේ මුළු ගණන 42,360යි.+ 65  ඒ අයට අමතරව එයාලාගේ දාස දාසීන් 7,337ක් සහ ගායක ගායිකාවන් 200ක් එයාලත් එක්ක ආවා. 66  එයාලට අශ්වයන් 736ක්, කොටළුවන් 245ක්, 67  ඔටුවන් 435ක් සහ බූරුවන් 6,720ක් හිටියා. 68  එයාලා යෙරුසලමේ යෙහෝවාගේ මාලිගාව තිබුණ තැනට ආවාම පෙළපත්වල ප්‍රධානීන්ගෙන් සමහරදෙනෙක් සැබෑ දෙවියන්ගේ මාලිගාව ආයෙත් එතනම හදන්න+ කැමැත්තෙන්ම දේවල් පරිත්‍යාග කළා.+ 69  ඉදි කරන වැඩේ සඳහා එයාලා එයාලාගේ වත්කමට අනුව රන් ඩ්‍රැක්මා* 61,000ක්, රිදී මීනා* 5,000ක් භාර දුන්නා.+ පූජකයන්ට අවශ්‍ය ඇඳුම් 100කුත් දුන්නා. 70  පූජකයන්, ලෙවීවරුන්, සාමාන්‍ය ජනයා අතරින් පිරිසක්, ගායකයන්, දොරටු පාලකයන්, දේවමාලිගාවේ සේවකයන් සහ අනිත් සෙනඟ එයාලාගේ නුවරවල්වල පදිංචි වුණා. මේ විදිහට සියලුම ඊශ්‍රායෙල්වරු තමන්ගේ නුවරවල්වලට ගිහිල්ලා පදිංචි වුණා.+

පාදසටහන්

මෙතන කතා කරන්නේ බැබිලෝනිය පළාත හෝ යූදා පළාත ගැන වෙන්න පුළුවන්.
මේ පරිච්ඡේදයේ “පුතුන්” කියද්දී පැවතෙන අයවත් අදහස් වෙන්න පුළුවන්. සමහර තැන්වල ඒකෙන් ප්‍රදේශයක ජීවත් වුණ අයවත් අදහස් වෙන්න පුළුවන්.
හෝ සමහරවිට, “මග්බිෂ්වල පුරුෂයන්.”
හෝ සමහරවිට, “සෙනායාවල පුරුෂයන්.”
හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”
හෝ සමහරවිට, “මෙයූනිම්ගේ.”
හෝ සමහරවිට, “නෙෆූසිම්වරුන්ගේ.”
හෝ, “එයාලව අපවිත්‍ර අය විදිහට සලකපු නිසා පූජකයන් විදිහට සේවය කරන්න ඉඩ දුන්නේ නැහැ.”
හෝ, “තිර්ෂාතා.” පර්සියානු භාෂාවෙන් පළාත් ආණ්ඩුකාරයාව හැඳින්නුවේ එහෙමයි.
මෙතන සඳහන් වෙන්නේ ග්‍රීක ලියවිලිවල සඳහන් වෙන ඩ්‍රැක්මා ගැන නෙමෙයි. මෙතන කතා කරන්නේ පර්සියානු ජාතිකයන් පාවිච්චි කරපු දරික් කියලා හඳුන්වපු රන් කාසියක් කියලා විශ්වාස කරනවා. ඒකේ බර ග්‍රෑම් 8.4ක්. උප. B14 බලන්න.
හෙබ්‍රෙව් ලියවිල්ලේ කතා කරන මීනා එකක බර ග්‍රෑම් 570ක්. උප. B14 බලන්න.