එස්රා 3:1-13

  • පූජාසනය ආයේ හදලා පූජා ඔප්පු කළා (1-6)

  • දේවමාලිගාව ආයේ හදන්න පටන්ගනියි (7-9)

  • දේවමාලිගාවේ අත්තිවාරම දායි (10-13)

3  අවුරුද්දේ හත්වෙනි මාසේ+ වෙද්දී තම තමන්ගේ නුවරවල්වල පදිංචි වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන් හැමෝම එක අරමුණක් වෙනුවෙන් යෙරුසලමේ රැස් වුණා.  යෙහොෂාදාක්ගේ පුතා වුණ යේෂුවා+ සහ අනිත් පූජකයනුයි, ෂෙයල්ටියල්ගේ+ පුතා වුණ සෙරුබාබෙල්+ සහ එයාගේ සහෝදරයනුයි එකතු වෙලා පූජාසනය ආයෙත් හැදුවා. එහෙම කළේ සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වුණ මෝසෙස්ට දුන්න නීතියේ තියෙන විදිහට+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට දවන පූජා ඔප්පු කරන්නයි.  අවට හිටපු ජාතීන්ට බයෙන් හිටියත්+ එයාලා කලින් තිබුණ තැනම පූජාසනය ගොඩනඟලා ඒ මත යෙහෝවා දෙවියන්ට දවන පූජා ඔප්පු කළා. උදේ සහ හවස ඔප්පු කරන දවන පූජා+ එයාලා ඒ මත ඔප්පු කළා.  ඊටපස්සේ එයාලා නීතියේ තිබුණ විදිහටම+ පැල්* උත්සවය පැවැත්තුවා. හැම දවසකම ඒ ඒ දවසට නියමිත දවන පූජා ගාණත් වරද්දන්නේ නැතුව ඔප්පු කළා.+  ඒ කාලේ ඉඳලා එයාලා දිනපතා ඔප්පු කරන දවන පූජාවලට+ අමතරව නව සඳ පායන දවස්වල+ සහ යෙහෝවා දෙවියන් වෙනුවෙන් පවත්වන උත්සව දවස්වල+ ඔප්පු කරන පූජාත් පූජාසනය මත ඔප්පු කළා. සෙනඟ කැමැත්තෙන්ම ගෙනාපු පූජාත්+ යෙහෝවාට ඔප්පු කළා.  මේ විදිහට එයාලා හත්වෙනි මාසේ පළවෙනිදා+ ඉඳලා යෙහෝවාට දවන පූජා ඔප්පු කරන්න පටන්ගත්තා. ඒ වෙද්දී යෙහෝවාගේ මාලිගාව ආපහු ගොඩනඟන්න අත්තිවාරම දාලා තිබුණේ නැති වුණත් එයාලා එහෙම කළා.  ගොඩනැඟීමේ වැඩ පටන්ගන්න ගල් කඩන අයට+ සහ කැටයම්කරුවන්ට+ අවශ්‍ය මුදල් එයාලා ලබා දුන්නා. ලෙබනොන්වල ඉඳලා යොප්පාවට+ මුහුදෙන් දේවදාර ලී ගෙනත් දුන්න නිසා එයාලා සීදොන් සහ තීර් වැසියන්ට කෑම බීම සහ තෙල් ලබා දුන්නා. මේ දේවල් වුණේ පර්සියාවේ සයිරස් රජගේ අවසරය ඇතුවයි.+  යෙරුසලමේ සැබෑ දෙවියන්ගේ මාලිගාව තිබුණ තැනට ආවාට පස්සේ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසේ ගොඩනැඟීමේ වැඩ පටන්ගත්තා. ෂෙයල්ටියල්ගේ පුතා වුණ සෙරුබාබෙල්, යෙහොෂාදාක්ගේ පුතා වුණ යේෂුවා, එයාලාගේ සහෝදරයන් වුණ අනිත් පූජකයන් සහ ලෙවීවරුන් වගේම නිදහස් වෙලා යෙරුසලමට ආපු අනිත් හැමෝමත්+ එකතු වෙලා ඒ වැඩේ පටන්ගත්තා. එයාලා යෙහෝවාගේ මාලිගාව ගොඩනැඟීමේ වැඩ බලන්න ලෙවීවරුන්ව පත් කළා. ඒකට එයාලා තෝරගත්තේ අවුරුදු 20ක් හෝ 20කට වඩා වැඩි වයසක හිටපු ලෙවීවරුන්වයි.  යේෂුවායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි, යූදාගේ පුතාලා වුණ කද්මියෙල් සහ එයාගේ පුතාලයි සැබෑ දෙවියන්ගේ මාලිගාවේ ගොඩනැඟීමේ වැඩ බලන්න හවුල් වුණා. ලෙවී ගෝත්‍රයට අයිති හෙනාදාද්ගෙන්+ පැවත ආපු අයත් එයාලාගේ පුතාලා සහ සහෝදරයනුත් ඒකට හවුල් වුණා. 10  යෙහෝවාගේ මාලිගාවේ අත්තිවාරම දාපු වෙලාවේ+ නිලඇඳුම් ඇඳගෙන හොරණෑ+ අතේ තියාගෙන හිටපු පූජකයන් සහ අත්තාළම් අතේ තියාගෙන හිටපු ආසාෆ්ගේ පුතුන් වුණ ලෙවීවරුන් එතනට ආවා. එයාලා එතනට ආවේ ඊශ්‍රායෙල්වල රජ වුණ දාවිත් උපදෙස් දීලා තිබුණ විදිහට යෙහෝවාට ප්‍රශංසා කරන්නයි.+ 11  එයාලා යෙහෝවාට ස්තුති ප්‍රශංසා කරකර+ මාරුවෙන් මාරුවට මෙහෙම ගායනා කළා. “දෙවියන් යහපත්. ඔහු ඊශ්‍රායෙල්ට පෙන්නන ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”+ යෙහෝවාගේ මාලිගාවේ අත්තිවාරම දැම්ම නිසා එකතු වෙලා හිටපු අනිත් හැමෝම මහත් හඬකින් යෙහෝවාට ප්‍රශංසා කළා. 12  පූජකයන්, ලෙවීවරුන් සහ පෙළපත්වල ප්‍රධානීන් අතරේ කලින් තිබ්බ දේවමාලිගාව දැකලා තිබුණ මහලු අය හිටියා.+ අත්තිවාරම දාද්දී එයාලා හුඟදෙනෙක් හයියෙන් අඬන්න පටන්ගත්තා. තවත් ගොඩක් අය සතුටින් කෑගහන්න පටන්ගත්තා.+ 13  එතන හිටපු අයගේ සද්දේ නිසා එයාලා අඬනවාද සතුටින් කෑගහනවාද කියලා හොයාගන්න බැරි වුණා. එයාලාගේ සද්දේ සෑහෙන දුරකට ඇහුණා.

පාදසටහන්

හෝ, “තාවකාලික මඩු.”
හෝ, “නොසැලෙන ආදරේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.