එස්රා 9:1-15

  • ඊශ්‍රායෙල්වරු මිශ්‍ර විවාහයන් කරගෙන (1-4)

  • එස්රාගේ යාච්ඤාව (5-15)

9  ඒ ඔක්කොම වැඩ ඉවර වුණාට පස්සේ අධිපතීන් මං ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “පූජකයන්, ලෙවීවරුන් සහ ඊශ්‍රායෙල් සෙනඟ තාමත් අවට ජාතීන්වල අයව කිට්ටුවෙන් ආශ්‍රය කරනවා. එයාලා කානානිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, යෙබූසිවරුන්, අම්මොන්වරුන්, මෝවබ්වරුන්, ඊජිප්තුවරුන්+ සහ අමෝරිවරුන්+ කරන පිළිකුල් දේවල්ම කරනවා.+  එයාලයි, එයාලාගේ පුතාලයි අවට ජාතීන්වල ස්ත්‍රීන්ව විවාහ කරගෙන.+ ඒ නිසා දැන් ශුද්ධ ජාතිය+ අනිත් ජාතීන් එක්ක මිශ්‍ර වෙලා.+ මුලින්ම මේ විදිහට ද්‍රෝහි වෙලා වැඩ කළේ අධිපතීන් සහ නිලධාරීන්.”  එයාලා කියපු දේවල් ඇහුවාම මට අදහාගන්න බැරි වුණා. මම මගේ ඇඳුම් ඉරාගෙන, හිසකෙස් සහ රැවුල්ගස් උගුල්ලගෙන බිම ඉඳගත්තා.  හවස ධාන්‍ය පූජාව ඔප්පු කරන වෙලාව+ එන කල්ම මම එහෙම්මම හිටියා. නිදහස් වෙලා ආව අය කරපු මේ ද්‍රෝහිකම් ගැන දුක් වුණ, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් කියපු දේවල් ලොකු ගෞරවයකින් සලකපු* හැමෝම මං ළඟට ආවා.  මම දුකෙන් ඇඳුම් ඉරාගෙන හවස් වෙන කල්ම බිම ඉඳගෙන හිටියා. හවස ධාන්‍ය පූජාව ඔප්පු කරන වෙලාවේ+ මම එතනින් නැඟිට්ටා. ඊටපස්සේ මම දණගහලා අත් දෙක උස්සලා මගේ දෙවි වන යෙහෝවාට කන්නලව් කළා.  මම දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ මගේ දෙවියනි, මට දැනෙන්නේ ලොකු ලැජ්ජාවක්. ඔබ එක්ක කතා කරන්න තරම්වත් මම වටින්නේ නැහැ. අනේ දෙවියනි, අපි කරපු වැරදි අපේ හිසටත් ඉහළින් ගිහින්. ඒවා අහස උසටම ගොඩගැහිලා.+  අපේ මුතුන්මිත්තන්ගේ කාලේ ඉඳලා මේ වෙන කල් අපි ගොඩක් වැරදි කරලා තියෙනවා.+ ඒ නිසයි වෙනත් දේශවල රජවරුන්ට අපිවයි, අපේ රජවරුන්වයි, පූජකයන්වයි යටත් කරගන්න ඔබ ඉඩහැරියේ. එයාලා සෙනඟට කඩුවෙන් පහර දුන්නා.+ අපිට තිබුණ හැම දෙයක්ම පැහැරගත්තා.+ අපිව වහලුන් කරගත්තා.+ අපිට නින්දා කළා. අද වෙන කල්ම අපි ඒවා අද්දකිනවා.+  යෙහෝවා, අපේ දෙවියනි, ඔබ අපිට දයාව පෙන්නුවා. අපෙන් සුළු පිරිසකට හරි නිදහස් වෙලා ඔබේ ශුද්ධ දේශයට* ආපහු ඇවිත්+ කිසි බයක් සැකක් නැතුව සතුටින් ජීවත් වෙන්න පුළුවන් වුණේ ඒ නිසයි. අනේ දෙවියනි, වහලුන් වෙලා හිටපු අපිට සුළු මොහොතකට හරි සහනයක් ලැබුණේ ඔබ නිසයි.  අපි තාමත් ඉන්නේ වහලුන් විදිහට.+ ඒත් දෙවියනි, ඔබ අපිව අත්හැරියේ නැහැ. ඔබ අපිට නොසැලෙන ආදරයක් පෙන්නුවා. අපිට පර්සියාවේ රජවරුන්ගේ හිත දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා.+ අපේ දේශයට ඇවිත් නටබුන් වෙලා තිබුණ ඔබේ මාලිගාව ආයෙත් හදන්නත්+ යූදා දේශය සහ යෙරුසලම සුරක්ෂිත තැනක්* කරන්නත් ඔබ අපිව ශක්තිමත් කරලා තියෙනවා. 10  “අපේ දෙවියනි, දැන් අපි ආයෙත් ඔබේ ආඥා පිළිපදින එක අත්හැරලා. නිදහසට කියන්න අපිට කිසිම දෙයක් නැහැ. 11  ඔබේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබ අපිට මෙහෙම කිව්වා. ‘ඔයාලා අයිති කරගන්න යන දේශය අපවිත්‍ර වෙලා. එහේ ඉන්න මිනිස්සු හරිම පිළිකුල්සහගත දේවල් කරනවා. දේශයේ බලන බලන හැම තැනක්ම පිළිකුල් දේවල්වලින් පිරිලා.+ 12  ඒ නිසා ඔයාලාගේ දුවලව එයාලාගේ පුතාලට විවාහ කරලා දෙන්න එපා. එයාලාගේ දුවලව විවාහ කරගන්නත් එපා.+ ඒ දේශයේ ඉන්න අයගේ යහපතයි, දියුණුවයි වෙනුවෙන් කවදාවත් කිසිම දෙයක් කරන්න එපා.+ මට කීකරු වුණොත් ඔයාලා බලවත් ජාතියක් වෙයි. දේශයෙන් ලැබෙන හොඳම දේවල් කන්න බොන්න ඔයාලට පුළුවන් වෙයි. දේශය හැමදාටම ඔයාලාගේ පුතාලට උරුම වෙයි.’ 13  ඒත් අපේ දෙවියනි, අපි ඔබට අකීකරු වුණා. ගොඩක් නරක දේවල් කළා. ඒකට අපිට දඬුවම් ලැබුණා. ඇත්තටම අපි කරපු වැරදි එක්ක බලද්දී ඔබ අපිට දීපු දඬුවම මදි.+ වහල්කමින් නිදහස් වෙලා එන්න ඔබ අපිට ඉඩ දුන්නා.+ 14  අපි කරපු දේවල්වලට දඬුවම් ලැබිලා තියෙද්දීත් අපි ආයෙත් ඔබේ ආඥා කඩ කරන එක මොන තරම් මෝඩකමක්ද! පිළිකුල් දේවල් කරන අවට ජාතීන් එක්ක අපි විවාහ ගිවිසුම් ඇති කරගෙන.+ දෙවියනි, අපි දිගටම මේ විදිහට වැඩ කළොත් ඔබ අපි එක්ක උදහස් වෙලා අපිව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දායි. අපි නැත්තටම නැති වෙලා යයි. 15  ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා, ඔබ ධර්මිෂ්ඨයි.+ වහල්කමින් නිදහස් වෙලා ඇවිත් මේ වෙන කල් අපෙන් සමහරදෙනෙක් ඉතුරු වෙලා ඉන්නේ ඔබ නිසයි. අද අපි ඔබ ඉදිරියේ ඉන්නේ වරදකරුවන් හැටියටයි. ඇත්තටම අපේ වැරදි නිසා ඔබ ඉදිරියට එන්න අපිට කිසිම අයිතියක් නැහැ.”+

පාදසටහන්

මූ.අ., “දෙවියන් කියපු දේවල් ගැන බයෙන් ගැහුණ.”
මෙතන කතා කරන්නේ යෙරුසලම සහ දේවමාලිගාව ගැන වෙන්න පුළුවන්.
හෝ, “ගල් පවුරක්.”