යොහන්ට කරපු එළිදරව්ව 1:1-20

  • දෙවියන් යේසුස් මාර්ගයෙන් කරපු එළිදරව්වක් (1-3)

  • සභා හතට සුබ පැතුම් (4-8)

    • “ඇල්ෆා සහ ඔමේගා මමයි” (8)

  • දෙවියන්ගේ බලයෙන් යොහන්ව ස්වාමීන්ගේ දවසට අරන් යයි (9-11)

  • තේජසට පත් කරපු යේසුස්ව දර්ශනයකින් දකියි (12-20)

1  මේ, යේසුස් ක්‍රිස්තුස් කරපු එළිදරව්වක්.* ඒ එළිදරව්ව ඔහුට දුන්නේ දෙවියන්.+ දෙවියන් ඔහුට ඒක දුන්නේ තව ටික කාලෙකින් වෙන්න තියෙන දේවල් තමන්ගේ දාසයන්ට පෙන්නන්නයි.+ යේසුස්* ඒ එළිදරව්ව තමන්ගේ දේවදූතයෙක්ව යවලා සංකේත මාර්ගයෙන් ඔහුගේ දාසයෙක් වන යොහන්ට+ පෙන්නුවා.  මං දැක්ක හැම දෙයක් ගැනම, ඒ කියන්නේ දෙවියන් දුන්න පණිවිඩය සහ යේසුස් ක්‍රිස්තුස් දැනුම් දුන්න හැම දේම ගැන යොහන් වන මම සාක්ෂි දැරුවා.  මේ අනාවැකියේ තියෙන දේවල් ශබ්ද නඟලා කියවන, ඒකට ඇහුම්කන් දෙන සහ ඒකේ ලියලා තියෙන දේවල් පිළිපදින අයට ලොකු සතුටක්+ අද්දකින්න පුළුවන්. මොකද නියමිත කාලය ළඟයි.  මේ ලිපිය ලියන්නේ යොහන්. මේක ලියන්නේ ආසියා පළාතේ තියෙන සභා හතටයි.+ “දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය, ඉස්සරහට එන්න ඉන්න තැනැත්තාගෙන්”+ ඔයාලට මහත් කරුණාවත්* සමාදානයත් ලැබෙන්න කියලා මම පතනවා! ඒ වගේම ඔහුගේ සිංහාසනය ඉස්සරහා තියෙන බලයන් හත+ මාර්ගයෙනුත්  යේසුස් ක්‍රිස්තුස්ගෙනුත් ඔයාලට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! “විශ්වාසවන්ත සාක්ෂිකරුත්”+ “මුලින්ම මරණයෙන් නැඟිට්ටවපු කෙනාත්”*+ “පොළොවේ රජවරුන්ගේ පාලකයාත්”+ ඔහුයි. අපිට ආදරේ කරන,+ තමන්ගේ ලේ මාර්ගයෙන්+ අපේ පව්වලින් අපිව නිදහස් කරපු කෙනා ඔහුයි.  ඔහු අපිව රාජ්‍යයක් වෙන්න සැලැස්සුවා.+ ඔහුගේ දෙවියන් සහ පියාණන් වෙනුවෙන් සේවය කරන්න අපිව පූජකයන්+ විදිහට පත් කළා. ඒ හැම දේම කරපු ඔහුට සදාකාලයටම තේජසත් බලයත් හිමි වේවා! ආමෙන්!*  බලන්න! ඔහු වලාකුළු අතරින් එනවා.+ හැම කෙනෙක්ම ඔහුව දකිනවා. ඔහුට හෙල්ලයෙන් ඇනපු අයත් ඔහුව දකිනවා. පොළොවේ ඉන්න හැම ගෝත්‍රයකටම අයිති අය ඔහු නිසා වේදනාවෙන් එයාලාගේ පපුවට ගහගන්නවා.+ ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා. ආමෙන්!*  යෙහෝවා* දෙවියන් මෙහෙම කියනවා. “ඇල්ෆා සහ ඔමේගා*+ මමයි. දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය, ඉස්සරහට එන්න ඉන්න සියලු බලැති තැනැත්තා+ මමයි.”  යොහන් වන මම ඔයාලාගේ සහෝදරයා. මාත් ඔයාලා වගේම යේසුස්ගේ අනුගාමිකයෙක් නිසා පීඩාවලට+ මුහුණ දෙනවා, විඳදරාගෙන ඉන්නවා.+ ඒ වගේම ඔයාලා එක්ක රාජ්‍යයේ පාලනයට+ හවුල් වෙනවා. මං දැන් ඉන්නේ පැට්මොස් දූපතේ. ඒ, මං දෙවියන් ගැන කතා කරපු නිසා. යේසුස්+ ගැන සාක්ෂි දරපු නිසා. 10  දෙවියන් ඔහුගේ බලයෙන් මාව ස්වාමීන්ගේ දවසට අරන් ගියා. මගේ පිටිපස්සෙන් මට කටහඬක් ඇහුණා. ඒක හොරණෑවකින් එන හඬ වගේ ප්‍රබල හඬක්. 11  ඒ හඬ මට මෙහෙම කිව්වා. “ඔයා දකින දේ ලියවිල්ලක ලියලා එෆීසය,+ ස්මර්ණාව,+ පර්ගමම්,+ තියතීරා,+ සාදිස්,+ ෆිලදෙල්ෆියා+ සහ ලවෝදිසිය+ කියන තැන්වල තියෙන සභා හතට යවන්න.” 12  කතා කරන්නේ කවුද කියලා බලන්න හැරිලා බලද්දී රත්තරන්වලින් හදපු පහන් රුක් හතක්+ මම දැක්කා. 13  ඒ පහන් රුක් අතරේ මනුෂ්‍ය පුත්‍රයෙක්+ වගේ කෙනෙක් හිටියා. ඔහු ඇඳගෙන හිටියේ ගොඩක් දිග ඇඳුමක්. ඔහුගේ පපුව වටේට රත්තරන් පටියක් බැඳලා තිබුණා. 14  ඔහුගේ කොණ්ඩේ ලොම් වගෙත් හිම වගෙත් සුදුයි. ඔහුගේ ඇස් ගිනිදලු වගේ.+ 15  ඔහුගේ කකුල්* උදුනක දැල්වෙන ඉස්තරම් තඹ+ වගේ. ඔහුගේ කටහඬ වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. 16  ඔහුගේ දකුණු අතේ තාරකා හතක්+ තිබුණා. ඔහුගේ කටින් හුඟක් දිග, තියුණු, දෙමුවහත් කඩුවක්+ නික්මුණා. ඔහුගේ මූණ මහ දවල් දීප්තියෙන් බැබළෙන ඉර වගේ.+ 17  ඔහුව දැක්කාම මම හරියට මැරුණ කෙනෙක් වගේ ඔහුගේ කකුල් ළඟ වැටුණා. එතකොට ඔහු තමන්ගේ දකුණු අතින් මාව අල්ලලා මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. පළවෙනියාත්+ අන්තිමයාත්+ මමයි. 18  ජීවමානව ඉන්න කෙනා මමයි.+ මම මැරුණා.+ ඒත් බලන්න දැන් මම සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙනවා.+ මරණයෙත් මිනී වළෙත් යතුරු තියෙන්නේ මං ළඟ.+ 19  ඉතින් ඔයා දැක්ක දේවලුත් දැන් සිද්ධ වෙන දේවලුත් සිද්ධ වෙන්න තියෙන දේවලුත් ලියාගන්න. 20  මගේ දකුණු අතේ තියෙනවා ඔයා දැක්ක තාරකා හතත් රත්තරන්වලින් හදපු පහන් රුක් හතත් පරිශුද්ධ රහසක්. ඒ තාරකා හතෙන් නියෝජනය වෙන්නේ සභා හතේ දේවදූතයන්ව. පහන් රුක් හතෙන් නියෝජනය වෙන්නේ සභා හත.+

පාදසටහන්

හෝ, “හෙළි කිරීමක්; අනාවරණයක්.”
මූ.අ., “ඔහු.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “මරණයෙන් නැඟිට්ටවපු අයගෙන් කුලුඳුලාත්.”
හෝ, “එසේම වේවා!”
හෝ, “එසේම වේවා!”
ඇල්ෆා සහ ඔමේගා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර.
උප. A5 බලන්න.
මූ.අ., “පාද.”