යොහන්ට කරපු එළිදරව්ව 11:1-19

  • සාක්ෂිකරුවන් දෙන්නා (1-13)

    • ගෝණි රෙදි ඇඳගෙන දවස් 1,260ක් අනාවැකි කියයි (3)

    • මරලා දාලා තැන්පත් කරන්නේ නැතුව තියයි (7-10)

    • දවස් තුනහමාරකින් පස්සේ ආයෙත් නැඟිට්ටවයි (11, 12)

  • දෙවෙනි විපත ඉවරයි. තුන්වෙනි එක එනවා (14)

  • හත්වෙනි හොරණෑව (15-19)

    • පාලනය දැන් අපේ දෙවියන්ගෙත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගෙත් අතට පත් වෙලා (15)

    • පොළොව විනාශ කරන අයව විනාශ කරන්න නියමිතයි (18)

11  සැරයටියක්* වගේ තිබුණ බට දණ්ඩක්+ මට ලැබුණා. එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “නැඟිටලා දේවමාලිගාවේ ශුද්ධස්ථානයයි,* පූජාසනයයි, එතනට ඇවිත් නමස්කාර කරන අයවයි මනින්න.*  ඒත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් එළියේ තියෙන මළුව අත්හරින්න. ඒක මනින්න එපා. මොකද ඒක ජාතීන්ට දීලයි තියෙන්නේ. එයාලා මාස 42ක්+ තිස්සේ ශුද්ධ නුවර+ පාගනවා.  මං මගේ සාක්ෂිකරුවන් දෙන්නාට ගෝණි රෙදි ඇඳගෙන දවස් 1,260ක් අනාවැකි කියන්න සලස්වනවා.”  ඔලීව ගස් දෙකෙන්+ සහ පහන් රුක් දෙකෙන්+ නියෝජනය වෙන්නේ එයාලවයි. එයාලා හිටගෙන ඉන්නේ පොළොවට අධිපති දෙවියන්+ ඉස්සරහා.  කවුරු හරි කෙනෙක් එයාලට අනතුරක් කරන්න හැදුවොත් එයාලාගේ කටවල්වලින් ගින්දර පිට වෙලා එයාලාගේ සතුරන්ව විනාශ කරලා දානවා. කවුරු හරි එයාලට අනතුරක් කරන්න හැදුවොත් එයාව මරලා දාන්නේ ඒ විදිහටයි.  එයාලා අනාවැකි කියන කාලයේදී වැස්ස වැටෙන්නේ නැති වෙන්න+ අහසේ* කවුළු වහලා දාන්න එයාලට බලය+ ලැබිලා තියෙනවා. එයාලා කැමති ඕනෙම වෙලාවක වතුර ලේ කරන්නත්+ හැම පීඩාවකින්ම පොළොවට පහර දෙන්නත් එයාලට බලය දීලා තියෙනවා.  සාක්ෂි දරන්න එයාලට ලැබිලා තියෙන කාර්යය අවසන් කළාට පස්සේ අගාධයෙන් මතු වෙන මෘගයා එයාලත් එක්ක යුද්ධ කරයි. මෘගයා එයාලව පරාජය කරලා මරලා දායි.+  එයාලාගේ මළ සිරුරු මහත් නුවරේ ප්‍රධාන පාරේ දකින්න තියෙයි. ඒ නුවර හඳුන්වන්නේ සොදොම් සහ ඊජිප්තුව කියන සංකේතවත් නම්වලින්. එයාලාගේ ස්වාමීන්ව වධකණුවේ ඇණ ගැහුවෙත් ඒ ස්ථානයෙදියි.  විවිධ ජනවර්ගවලට, ගෝත්‍රවලට සහ ජාතීන්ට අයිති, විවිධ භාෂා කතා කරන අය දවස් තුනහමාරක් පුරා+ එයාලාගේ මළ සිරුරු දිහා බලාගෙන ඉඳියි. ඒ මළ සිරුරු සොහොන් ගෙයක තැන්පත් කරන්න එයාලා ඉඩ දෙන්නේ නැහැ. 10  පොළොවේ ජීවත් වෙන අය ඒ දෙන්නාට වුණ දේ ගැන හුඟක් සතුටු වෙයි. ඒ සතුටට එයාලා එකිනෙකාට තෑගි යවලා විනෝද වෙයි. පොළොවේ ජීවත් වෙන අය එහෙම කරන්නේ ඒ අනාගතවක්තෘවරුන් දෙන්නා එයාලට ගොඩක් වධ දුන්න නිසයි. 11  ඒ දවස් තුනහමාරෙන් පස්සේ දෙවියන්ගෙන් ජීවන හුස්ම ලැබිලා+ ඒ අනාගතවක්තෘවරුන් දෙන්නා නැඟිට්ටා. එයාලා හිටගත්තාම ඒක දැකපු හැමෝම හොඳටම බය වුණා. 12  එතකොට “මෙතනට නැඟලා එන්න” කියලා ශබ්ද නඟලා කියන හඬක් ඒ දෙන්නාට ස්වර්ගයෙන් ඇහුණා. ඉතින් එයාලා වලාකුළු අතරින් ස්වර්ගයට නැඟලා ගියා. එයාලා ස්වර්ගයට යන එක එයාලාගේ සතුරොත් දැක්කා.* 13  ඒ පැයේදී මහත් භූමිකම්පාවක් ඇති වුණා. ඒක නිසා නුවරෙන් දහයෙන් කොටසක් විනාශ වුණා. ඒ භූමිකම්පාවෙන් මිනිස්සු 7,000ක් මැරුණා. ඉතුරු අය හොඳටම බය වෙලා ස්වර්ගය පාලනය කරන දෙවියන්ට ගෞරවය දුන්නා. 14  දෙවෙනි විපත+ ඉවර වුණා. බලන්න! තුන්වෙනි විපත ඉක්මනින්ම එනවා. 15  හත්වෙනි දේවදූතයා තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට ගොඩක් කටහඬවල් ස්වර්ගයේ ඉඳන් ශබ්ද නඟලා මෙහෙම කියනවා මට ඇහුණා. “මේ ලෝකයේ පාලනය දැන් අපේ දෙවියන්ගේ+ අතටත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගේ+ අතටත් පත් වෙලා. ඔහු* සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා.”+ 16  එතකොට දෙවියන් ඉස්සරහා සිංහාසනවල ඉඳගෙන හිටපු වැඩිමහල්ලෝ 24දෙනා+ දණගහලා මූණ බිමටම පහත් කරලා දෙවියන්ට නමස්කාර කළා. 17  ඒ ගමන් එයාලා මෙහෙම කිව්වා. “දැනුත් ජීවමානව ඉන්න,+ අතීතයේ ඉඳන්ම හිටිය සියලු බලැති තැනැත්තා වන යෙහෝවා* දෙවියනි, අපි ඔබට ස්තුති කරනවා. මොකද ඔබ ඔබේ මහත් බලය අතට අරන් දැන් රජකම් කරන්න පටන් අරගෙන.+ 18  ඒත් ජාතීන්ගේ කේන්තිය ඇවිස්සුණා. ඔබේ උදහසත් ඇවිළුණා. මිය ගිය අයව විනිශ්චය කරන්න ඔබ නියම කරපු කාලය ආවා. උස් පහත් භේදයක් නැතුව ඔබේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ටයි,+ ශුද්ධ තැනැත්තන්ටයි, ඔබේ නමට ගරුබිය දක්වන හැමෝටමයි ආශීර්වාද කරන්නත්+ පොළොව විනාශ කරන* අයව+ විනාශ කරන්නත් කාලය ආවා.” 19  එතකොට ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ ශුද්ධස්ථානය* විවෘත කළා. ඔහුගේ ශුද්ධස්ථානය ඇතුළේ ඔහුගේ ගිවිසුම් පෙට්ටිය+ තියෙනවා මං දැක්කා. ඒත් එක්කම අකුණු සැර පිට වුණා. කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. භූමිකම්පාවකුත් ලොකු හිම කැට වැස්සකුත් ඇති වුණා.

පාදසටහන්

හෝ, “ගණන් කරන්න.”
ඒ කියන්නේ ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය තිබුණ දේවමාලිගාවේ ප්‍රධාන කොටස.
හෝ, “මනින ලීයක්.”
හෝ, “ස්වර්ගයේ.”
හෝ, “බලාගෙන හිටියා.”
ඒ කියන්නේ යෙහෝවා දෙවියන්.
උප. A5 බලන්න.
හෝ, “නාස්ති කරලා දාන.”
ඒ කියන්නේ අතිශුද්ධස්ථානය.