යොහන්ට කරපු එළිදරව්ව 13:1-18

  • මුහුදෙන් මතු වුණ හිස් හතක් තියෙන මෘගයා (1-10)

  • පොළොවෙන් මතු වුණ අං දෙකක් තියෙන මෘගයා (11-13)

  • හිස් හතක් තියෙන මෘගයාගේ රූපය (14, 15)

  • මෘගයාගේ සලකුණ සහ අංකය (16-18)

13  ඌ* මුහුදු වෙරළේ හිටගෙන හිටියා. එතකොට මම අං දහයකුත් හිස් හතකුත් තියෙන මෘගයෙක්+ මුහුදෙන් මතු වෙනවා+ දැක්කා. උගේ අං මත ඔටුනු දහයක් සහ උගේ හිස් මත දෙවියන්ගේ නමට අපහාසයක් ගේන නම් සටහන් වෙලා තිබුණා.  මං දැක්ක මෘගයා දිවියෙක් වගේ. ඒත් උගේ කකුල් වලහෙක්ගේ වගේ. උගේ කට සිංහයෙක්ගේ වගේ. ඒ මෘගයාට ලොකු බලයක්, අධිකාරියක්+ තිබුණා. සිංහාසනයකුත් තිබුණා. ඒ දේවල් ඌට ලැබුණේ මකරාගෙන්.+  උගේ එක හිසක හරිම දරුණු තුවාලයක් තියෙනවා වගේ පේන්න තිබුණා. ඒත් ඒ දරුණු තුවාලය සුව වුණා.+ පොළොවේ ඉන්න හැමෝම ඌව වර්ණනා කරකර ඌ පස්සේ ගියා.  මෘගයාට අධිකාරිය දුන්නේ මකරා නිසා මිනිස්සු මකරාට නමස්කාර කළා. ඒ වගේම “මෘගයාට සමාන කෙනෙක් ඉන්නවාද? ඌත් එක්ක සටන් කරන්න පුළුවන් කාටද” කියකිය එයාලා මෘගයාටත් නමස්කාර කළා.  පුරසාරම් දොඩන්නත් දෙවියන්ට අපහාස කරන්නත් පුළුවන් කටක් ඌට දුන්නා. මාස 42කට+ උගේ අධිකාරිය පාවිච්චි කරන්නත් ඌට අවස්ථාව දුන්නා.  ඉතින් ඌ කට ඇරලා දෙවියන්ට අපහාස කරන්න+ පටන්ගත්තා. දෙවියන්ගේ නමටත් ඔහුගේ වාසස්ථානයටත් ස්වර්ගයේ ඉන්න හැමෝටමත්+ ඌ අපහාස කරන්න පටන්ගත්තා.  ශුද්ධ තැනැත්තන්ට විරුද්ධව යුද්ධ කරලා එයාලව පරාජය කරන්නත්+ ඌට අවසර ලැබුණා. හැම ගෝත්‍රයකටම, ජනවර්ගයකටම, ජාතියකටම අයිති, හැම භාෂාවක්ම කතා කරන අයව පාලනය කරන්න ඌට අධිකාරිය ලැබුණා.  පොළොවේ ජීවත් වෙන හැමෝම වගේ ඌට නමස්කාර කරයි. මරලා දාපු බැටළු පැටියාගේ+ ජීවන ලියවිල්ලේ+ ඒ එක් කෙනෙක්ගෙවත් නම් සටහන් වෙලා නැහැ. පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් මේ වෙන කල් හිටපු ඒ එක් කෙනෙක්ගෙවත් නම් ඒ ලියවිල්ලේ සටහන් කරලා නැහැ.  දැන් කියන්න යන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න.+ 10  කෙනෙක්ව අල්ලන් ගිහින් හිරේට දාන්න නියම කරලා තියෙනවා නම් එයාව හිරේට අරන් යයි. කෙනෙක් අනිත් අයව කඩුවෙන් මරලා දානවා නම්* එයාවත් කඩුවෙන් මරලා දායි.+ ශුද්ධ තැනැත්තන්+ විඳදරාගන්න+ ඕනෙත් ස්ථිර විශ්වාසයක්+ ඇතුව ඉන්න ඕනෙත් ඒ නිසයි. 11  මම තවත් මෘගයෙක්ව දැක්කා. ඌ මතු වුණේ පොළොවෙන්. ඌට බැටළු පැටියෙක්ට තියෙනවා වගේ අං දෙකක් තිබුණා. ඒත් ඌ මකරෙක් වගේ කතා කරන්න පටන්ගත්තා.+ 12  මුලින් දැකපු මෘගයාට තියෙනවා වගේම අධිකාරියක්+ ඌටත් තියෙනවා. ඌ ඒ මෘගයා ඉස්සරහම ඒ අධිකාරිය පාවිච්චි කරනවා. ඒ වගේම මුලින් දැකපු, දරුණු විදිහට තුවාල වෙලා සුව වුණ+ මෘගයාට නමස්කාර කරන්න කියලා ඌ පොළොවේ ඉන්න අයට බල කරනවා. 13  ඒ වගේම ඌ මිනිස්සු ඉස්සරහා මහත් ලකුණු සිද්ධ වෙන්න සලස්වනවා. ඌ අහසින් පොළොවට ගිනි බස්සලත් පෙන්නනවා. 14  අනිත් මෘගයා ඉස්සරහා ලකුණු පෙන්නන්න ඌට අවසර දීලා තිබුණ නිසා ඌ ඒවා පාවිච්චි කරලා පොළොවේ ඉන්න මිනිස්සුන්ව නොමඟ යවනවා. කඩු පහරක් වැදුණත් පස්සේ සුව වුණ+ මෘගයාගේ රූපයක්+ හදන්න කියලත් ඌ පොළොවේ ඉන්න අයට කියනවා. 15  මෘගයාගේ ඒ රූපයට පණ දෙන්නත් ඌට අවසර දුන්නා. ඒ නිසා මෘගයාගේ රූපයට කතා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ගේ රූපයට නමස්කාර කරන්නේ නැති හැමෝවම මරලා දාන්නත් ඒකට පුළුවන් වෙනවා. 16  තමන්ගේ දකුණු අතේ හරි නළලේ හරි සලකුණක් දාගන්න+ කියලා ඌ හැමෝටම බල කරනවා. ලොකු පොඩි, දුප්පත් පොහොසත්, දාසයන් සහ නිදහස් පුරවැසියන් ඇතුළු හැම තරාතිරමකම අයට එහෙම කරන්න කියලා ඌ බල කරනවා. 17  ඒ සලකුණ ඒ කියන්නේ, මෘගයාගේ නම+ හරි උගේ නමේ අංකය+ හරි තියෙන කෙනෙක්ට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට කිසිම දෙයක් සල්ලිවලට ගන්නවත් විකුණන්නවත් ඌ ඉඩ දෙන්නේ නැහැ. 18  මේ දේ තේරුම්ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව තියෙන අයට විතරයි. බුද්ධිමත් අය මෘගයාගේ අංකය ගණන් බලන්න ඕනේ. මොකද ඒක මිනිස්සුන්ගේ අංකයක්. 666+ තමයි උගේ අංකය.

පාදසටහන්

ඒ කියන්නේ මකරා.
මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.
හෝ සමහරවිට, “කෙනෙක්ව කඩුවෙන් මරලා දාන්න නියම කරලා තියෙනවා නම්.”