යොහන්ට කරපු එළිදරව්ව 14:1-20

  • බැටළු පැටියා සහ එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනා (1-5)

  • දේවදූතයන් තුන්දෙනෙක්ගෙන් ලැබෙන පණිවිඩ (6-12)

    • අහස මැද පියාසර කරන දේවදූතයෙක් ශුභාරංචියක් කියයි (6, 7)

  • ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්න අය විදිහට මිය යන අයට සතුටු වෙන්න පුළුවන් (13)

  • පොළොවෙන් අස්වැන්න වර්ග දෙකක් නෙළාගනියි (14-20)

14  බලන්න! බැටළු පැටියා+ සියොන් කන්දේ+ හිටගෙන ඉන්නවා මම දැක්කා. ඔහුත් එක්ක එක්ලක්ෂ හතළිස්හාරදාහක්+ හිටියා. ඒ අයගේ නළල්වල ඔහුගේ නමත් ඔහුගේ පියාණන්ගේ නමත්+ ලියලා තිබුණා.  එතකොට ස්වර්ගයේ ඉඳන් මහත් හඬක් මට ඇහුණා. ඒ හඬ වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. ලොකු ගිගුරුමකින් ආපු හඬක් වගේ. මට ඇහුණ හඬ, වීණා වයන ගමන් ගායනා කරන පිරිසකගේ හඬට සමානයි.  එයාලා සිංහාසනය ඉස්සරහත් ජීවීන් හතරදෙනා+ සහ වැඩිමහල්ලන්+ ඉස්සරහත් ගීතිකාවක් ගායනා කරනවා.+ ඒක අලුත් ගීතිකාවක් වගේ මට ඇහුණේ. පොළොවෙන් මිල දී ගත්ත එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනාට+ ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඒ ගීතිකාව ඉගෙනගන්න බැරි වුණා.  ඒ අය ස්ත්‍රීන් එක්ක සම්බන්ධකම් පවත්වලා නැති නිර්මල අය. එයාලා හරියට කන්‍යාවෝ වගේ.+ බැටළු පැටියා යනයන හැම තැනකටම එයාලත් යනවා.+ දෙවියන් සහ බැටළු පැටියා වෙනුවෙන් මුල්ම පල+ විදිහට මිනිස්සු අතරෙන් මිල දී අරන්+ තියෙන්නේ එයාලවයි.  එයාලාගේ කටින් කිසිම වංචනික දෙයක් පිට වුණේ නැහැ. එයාලා තුළ කිසිම කැළලක්වත් නැහැ.+  ඊටපස්සේ අහස මැද පියාසර කරකර ඉන්න දේවදූතයෙක්ව මං දැක්කා. කවදාවත් නැති වෙලා යන්නේ නැති ශුභාරංචියක් ඔහු ළඟ තිබුණා. ඒක පොළොවේ ඉන්න හැම ජාතියකම, ගෝත්‍රයකම, ජනවර්ගයකම අයටත් හැම භාෂාවක්ම කතා කරන අයටත් දැනුම් දෙන්න තියෙන ශුභාරංචියක්.+  ඔහු කෑගහලා මෙහෙම කිව්වා. “දෙවියන්ට ගරුබියක් ඇතුව ඉන්න. ඔහුට ගෞරවය දෙන්න. මොකද ඔහු විනිශ්චය කරන පැය පටන් අරන් තියෙන්නේ.+ ඒ නිසා අහස, පොළොව, මුහුද සහ දිය උල්පත් හදපු+ තැනැත්තාට නමස්කාර කරන්න.”  ඊටපස්සේ මං තවත් දේවදූතයෙක්ව දැක්කා. ඒ දෙවෙනි දේවදූතයා පළවෙනි දේවදූතයා පිටිපස්සෙන් ඇවිත් මෙහෙම කිව්වා. “ඇය වැටිලා! මහ බැබිලෝනිය+ වැටිලා!+ ලිංගික දුරාචාරයේ* යෙදෙන්න තරම් ආශාවක්* ඇති කරවන ඇගේ වයින් බොන්න කියලා හැම ජාතියකටම බල කරපු ඇය දැන් වැටිලා!”+  ඒ දේවදූතයන් දෙන්නා පිටිපස්සේ තවත් දේවදූතයෙක් ආවා. ඔහු හයියෙන් කතා කරලා මෙහෙම කිව්වා. “කවුරු හරි කෙනෙක් මෘගයාටත්+ උගේ රූපයටත් නමස්කාර කරලා තමන්ගේ නළලේ හරි අතේ හරි මෘගයාගේ සලකුණ දාගත්තොත්,+ 10  දෙවියන්ගේ කේන්තිය කියන වයින්වලින් පිරුණු කුසලානයෙන්+ එයාට බොන්න වෙනවා. වෙන කිසිම දෙයක් මිශ්‍ර කරලා නැති ඒ වයින් දෙවියන් ඔහුගේ උදහස කියන කුසලානයට වක් කරලයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ශුද්ධ දේවදූතයන් ඉස්සරහත් බැටළු පැටියා ඉස්සරහත් ගින්දරවලින් සහ ගෙන්දගම්වලින් එයාට දඬුවම් විඳින්න වෙනවා.+ 11  ඒ වගේ අයට වධ දෙද්දී නැඟෙන දුම සදහටම ඉහළට යනවා.+ මෘගයාට සහ උගේ රූපයට නමස්කාර කරන අයට සහ උගේ නමේ සලකුණ ලබාගන්න අයට රෑ දවල් දෙකේම ඒ වධ හිංසාවලින් කිසිම විවේකයක් ලැබෙන්නේ නැහැ.+ 12  දෙවියන්ගේ ආඥා පිළිපදින, යේසුස් ගැන තියෙන විශ්වාසය+ අත්හරින්නේ නැතුව ඉන්න ශුද්ධ තැනැත්තන් විඳදරාගන්න ඕනෙ+ ඒ නිසයි.” 13  ඊටපස්සේ ස්වර්ගයේ ඉඳන් මෙහෙම කියන හඬක් මට ඇහුණා. “මේක ලියාගන්න. මේ දවසේ ඉඳන්, ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්න අය විදිහට මිය යන අයට සතුටු වෙන්න+ පුළුවන්. ඔව්, ගොඩක් වෙහෙස මහන්සි වෙලා විඳදරාගත්ත එයාලට දැන් විවේක ගන්න පුළුවන්. මොකද එයාලා මැරෙනවාත් එක්කම එයාලා කරපු හැම දෙයක්ම දෙවියන් සිහි කරනවා.* ඒ දේ දෙවියන් ඔහුගේ බලයෙන් දන්වලා තියෙනවා.” 14  බලන්න! සුදු පාට වලාකුළක් මං දැක්කා. ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙක් වගේ කෙනෙක්+ ඉඳගෙන හිටියා. ඔහුගේ හිසේ රත්තරන් ඔටුන්නකුත් ඔහුගේ අතේ හොඳට කැපෙන දෑකැත්තකුත් තිබුණා. 15  එතකොට තවත් දේවදූතයෙක් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන්* පිටතට ඇවිත් වලාකුළ මත ඉඳගෙන ඉන්න කෙනාට ශබ්ද නඟලා මෙහෙම කිව්වා. “ඔබේ දෑකැත්තෙන් අස්වැන්න නෙළාගන්න. මොකද පොළොවේ අස්වැන්න හොඳටම පැහිලයි තියෙන්නේ.+ ඒක නෙළාගන්න පැය දැන් ඇවිත්.” 16  එතකොට වලාකුළ මත ඉඳගෙන හිටපු කෙනා ඔහුගේ දෑකැත්ත පොළොව දිහාවට පහත් කරලා පොළොවේ අස්වැන්න නෙළාගත්තා. 17  ඊටපස්සේ තවත් දේවදූතයෙක් ස්වර්ගයේ තියෙන දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් පිටතට ආවා. ඔහුගේ අතෙත් හොඳට කැපෙන දෑකැත්තක් තිබුණා. 18  එතකොට තවත් දේවදූතයෙක් ආවා. ඔහු ආවේ පූජාසනය ළඟ ඉඳන්. ඔහුට තමයි ගින්දර බලාගන්න වගකීම තිබුණේ. ඒ දේවදූතයා මුවහත් දෑකැත්ත තියාගෙන හිටපු කෙනාට හයියෙන් කතා කරලා මෙහෙම කිව්වා. “පොළොවේ තියෙන මිදිවැලේ මිදි දැන් හොඳටම ඉදිලයි තියෙන්නේ.+ ඉතින් ඔයාගේ මුවහත් දෑකැත්තෙන් ඒකේ තියෙන මිදිපොකුරු කපලා ඒවා එකතු කරගන්න.” 19  ඒ දේවදූතයා තමන්ගේ දෑකැත්ත පොළොව දිහාවට පහත් කරලා පොළොවේ තිබුණ මිදිවැල කපලා ඒක මිදි පාගන තැනට වීසි කළා. ඒ මිදි පාගන තැනින් නියෝජනය කරන්නේ දෙවියන්ගේ කේන්තියයි.+ 20  මිදි පාගන තැන තිබුණේ නුවරෙන් පිට. ඒකේ තිබුණ මිදි පාගද්දී ඒකෙන් ලේ එළියට ගැලුවා. ඒ ලේ අශ්වයන්ගේ කටකලියා තරම් උසට, ස්ටේඩියා 1,600ක්* තරම් දුරකට ගලාගෙන ගියා.

පාදසටහන්

හෝ සමහරවිට, “කේන්තියක්.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “එයාලත් එක්කම යනවා.”
ඒ කියන්නේ අතිශුද්ධස්ථානයෙන්.
කි.මී. 296ක් (සැතපුම් 184ක්) විතර. ස්ටේඩියා එකක් කියන්නේ මීටර් 185ක් (අඩි 606.95ක්). උප. B14 බලන්න.