යොහන්ට කරපු එළිදරව්ව 15:1-8

  • පීඩා හතක් තියාගෙන ඉන්න දේවදූතයන් හත්දෙනෙක් (1-8)

    • මෝසෙස්ගේ සහ බැටළු පැටියාගේ ගීතය (3, 4)

15  මම ස්වර්ගයේ තවත් ලකුණක් දැක්කා. ඒක හරිම ප්‍රබල, පුදුම හිතෙන ලකුණක්. දේවදූතයෝ හත්දෙනෙක්+ පීඩා හතක් අතේ තියාගෙන හිටියා. ඒවා තමයි අන්තිමටම එන පීඩා. මොකද ඒ පීඩා ගෙනාවාට පස්සේ දෙවියන්ගේ කේන්තිය සම්පූර්ණයෙන්ම නිවිලා යනවා.+  එතකොට ගින්දර මිශ්‍ර වෙලා තිබුණ මුහුදක්+ වගේ දෙයක් මං දැක්කා. ඒකේ පෙනුම හරියට වීදුරු වගේ. මෘගයාගෙනුත් උගේ රූපයෙනුත්+ උගේ නමේ අංකයෙනුත්+ ජය ගත්ත අය+ ඒ මුහුද ළඟ හිටගෙන හිටියා. එයාලාගේ අත්වල දෙවියන්ගෙන් ලැබුණු වීණා තිබුණා.  දෙවියන්ගේ දාසයෙක් වුණ මෝසෙස්ගේ ගීතයත්+ බැටළු පැටියාගේ+ ගීතයත් ගායනා කරකර එයාලා මෙහෙම කිව්වා. “සියලු බලැති+ යෙහෝවා* දෙවියනි, ඔබේ ක්‍රියා කොයි තරම් ශ්‍රේෂ්ඨද! මොන තරම් පුදුමාකාරද!+ සදාකාල රජ්ජුරුවනි,+ ඔබ කරන හැම දෙයක්ම* ධර්මිෂ්ඨයි, විශ්වාසවන්තයි.+  යෙහෝවා* දෙවියනි, ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ නැත්තේ කාටද! ඔබේ නමට ප්‍රශංසා කරන්නේ නැත්තේ කවුද! මොකද විශ්වාසවන්ත එකම කෙනා ඔබයි.+ ඔබේ තීන්දු ධර්මිෂ්ඨයි කියලා පැහැදිලිව දකින්න තියෙනවා. ඒ නිසා හැම ජාතියකටම අයිති අය ඔබ ඉස්සරහට ඇවිත් ඔබට නමස්කාර කරයි.”+  ඊටපස්සේ, ස්වර්ගයේ සාක්ෂියක් විදිහට හදලා තියෙන කූඩාරමේ+ ශුද්ධස්ථානය* විවෘත කරලා+ තියෙනවා මං දැක්කා.  පීඩා හතක් අතේ තියාගෙන හිටපු දේවදූතයෝ හත්දෙනා+ ශුද්ධස්ථානයෙන් එළියට ආවා. එයාලා හිටියේ පිරිසිදු, දීප්තිමත් ලිනන් ඇඳුම් ඇඳගෙන. එයාලාගේ පපුව වටේට රත්තරන් පටියක් බැඳලා තිබුණා.  ජීවීන් හතරදෙනාගෙන් කෙනෙක් දේවදූතයන් හත්දෙනාට රත්තරන් බඳුන් හතක් දුන්නා. සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන දෙවියන්ගේ උදහසින්+ ඒ බඳුන් පිරිලයි තිබුණේ.  දෙවියන්ගේ තේජස+ නිසාත් ඔහුගේ බලය නිසාත් ශුද්ධස්ථානය දුම්වලින් පිරිලා ගියා. දේවදූතයන් හත්දෙනා ගෙනාපු පීඩා හත+ ඉවර වෙන කල් කිසිම කෙනෙක්ට ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න බැරි වුණා.

පාදසටහන්

මූ.අ., “ඔබේ හැම මාර්ගයක්ම.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
ඒ කියන්නේ අතිශුද්ධස්ථානය.