යොහන්ට කරපු එළිදරව්ව 20:1-15

  • අවුරුදු 1,000කට සාතන්ව බැඳලා තියයි (1-3)

  • ක්‍රිස්තුස් එක්ක අවුරුදු දාහකට රජකම් කරන අය (4-6)

  • සාතන්ව නිදහස් කරයි. විනාශ කරයි (7-10)

  • සුදු පාට සිංහාසනය ඉස්සරහා මිය ගිය අයව විනිශ්චය කරයි (11-15)

20  දේවදූතයෙක් ස්වර්ගයෙන් බැහැලා එනවා මං දැක්කා. ඔහුගේ අතේ අගාධයේ යතුරයි,+ ලොකු දම්වැලකුයි තිබුණා.  ඔහු මකරාව,+ ඒ කියන්නේ යක්ෂයා+ කියලත් සාතන්+ කියලත් හඳුන්වන මුල් සර්පයාව+ අල්ලලා අවුරුදු 1,000කට බැඳලා දැම්මා.  ඔහු මකරාව අගාධයට+ වීසි කරලා ඒක වහලා ඒක මුද්‍රා කළා. ඔහු එහෙම කළේ අවුරුදු 1,000 ඉවර වෙන කල් තවදුරටත් ජාතීන්ව නොමඟ යවන්න මකරාට බැරි වෙන්නයි. ඒකෙන් පස්සේ මකරාව ටික කාලෙකට නිදහස් කරනවා.+  එතකොට මම සිංහාසන දැක්කා. ඒ සිංහාසනවල ඉඳගෙන හිටපු අයට විනිශ්චය කරන්න බලය දුන්නා. ඇත්තටම මං ඒ දැක්කේ මරලා දාලා තිබුණ* අයවයි.* එයාලව මරලා දැම්මේ එයාලා යේසුස් ගැන සාක්ෂි දරපු නිසයි. දෙවියන් ගැන කතා කරපු නිසයි. එයාලා තමයි මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර කළේ නැති, එයාලාගේ නළල්වලවත් අත්වලවත් උගේ සලකුණ දාගත්තේ නැති අය.+ එයාලට ජීවනය ලැබුණා. ඊටපස්සේ එයාලා ක්‍රිස්තුස් එක්ක අවුරුදු 1,000ක් රජකම් කළා.+  ඒක තමයි පළවෙනි නැවත නැඟිටීම.+ (අවුරුදු 1,000 ඉවර වෙන කල් මිය ගිය අනිත් අයට+ ජීවනය ලැබෙන්නේ නැහැ.)  පළවෙනි නැවත නැඟිටීම+ ලැබෙන අය ශුද්ධයි. එයාලට සතුටු වෙන්න පුළුවන්. මොකද එයාලට කවදාවත් දෙවෙනි මරණය+ අද්දකින්න වෙන්නේ නැහැ.+ එයාලා දෙවියන් වෙනුවෙනුත් ක්‍රිස්තුස් වෙනුවෙනුත් පූජකයන්+ විදිහට සේවය කරනවා. ඒ වගේම එයාලා අවුරුදු 1,000ක් ක්‍රිස්තුස් එක්ක රජකම් කරනවා.+  අවුරුදු 1,000 ඉවර වුණ ගමන්ම සාතන්ව හිරෙන් නිදහස් කරනවා.  එයා එතනින් පිටත් වෙලා පොළොවේ හතර කොනේම විසිරිලා ඉන්න ජාතීන්ව, ඒ කියන්නේ ගොග් සහ මාගොග්ව නොමඟ යවලා එයාලව යුද්දෙට රැස් කරනවා. එයාලාගේ ගාණ මුහුදේ වැලි වගේ.  එයාලා පොළොව පුරාම ගිහින් ශුද්ධ තැනැත්තන්ගේ කඳවුරයි, දෙවියන්ට ප්‍රිය නුවරයි වැටලුවා. ඒත් ස්වර්ගයෙන් ගිනි ඇවිත් එයාලව නැති කරලා දැම්මා.+ 10  එයාලව නොමඟ යවමින් හිටපු යක්ෂයාව ගින්දරවලිනුත් ගෙන්දගම්වලිනුත් දැවෙන විලට වීසි කළා. ඒ වෙනකොටත් මෘගයායි,+ බොරු අනාගතවක්තෘවරයායි+ එහේ හිටියා. එහෙදී රෑ දවල් දෙකේම සදහටම එයාලට වධ විඳින්න වෙනවා.* 11  එතකොට මම සුදු පාට මහත් සිංහාසනයකුත් ඒකේ ඉඳගෙන හිටපු තැනැත්තාවත්+ දැක්කා. ඔහුගේ ඉස්සරහින් අහසත් පොළොවත් පලා ගියා.+ ඒවාට ඉන්න කිසිම තැනක් හොයාගන්න බැරි වුණා. 12  ඊටපස්සේ මිය ගිය හැම තරාතිරමකම අය සිංහාසනය ඉස්සරහා හිටගෙන ඉන්නවා මං දැක්කා. ඒ වෙලාවේ අකුළලා තිබුණ ලියවිලි දිගහැරියා. ඊටපස්සේ තවත් ලියවිල්ලක්+ දිගහැරියා. ඒ තමයි ජීවන ලියවිල්ල. මිය ගිය අයව ඒ ලියවිලිවල සටහන් කරලා තිබුණ දේවල්වලට අනුවත් එයාලාගේ ක්‍රියාවලට අනුවත් විනිශ්චය කළා.+ 13  මුහුද ඒකේ හිටපු මිය ගිය අයව භාර දුන්නා. මරණය සහ මිනී වළත් මිය ගිය අයව භාර දුන්නා. ඒ එක් එක් කෙනාව එයාලා කරපු දේවල්වලට අනුව විනිශ්චය කළා.+ 14  ඊටපස්සේ මරණය සහ මිනී වළ ගිනිවිලට හෙළුවා.+ ගිනිවිලෙන්+ නියෝජනය වෙන්නේ දෙවෙනි මරණයයි.+ 15  ජීවන ලියවිල්ලේ+ නම් සඳහන් වෙලා නැති හැමෝවමත් ගිනිවිලට හෙළුවා.+

පාදසටහන්

මූ.අ., “පොරොවෙන් මරලා දාලා තිබුණ.”
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “එයාලව හිර කරලා තියාගන්නවා.”