යොහන්ට කරපු එළිදරව්ව 21:1-27

  • අලුත් අහසක් සහ අලුත් පොළොවක් (1-8)

    • මරණය නැත්තටම නැති වෙනවා (4)

    • හැම දෙයක්ම අලුත් කරනවා (5)

  • අලුත් යෙරුසලම ගැන විස්තරයක් (9-27)

21  මම අලුත් අහසක් සහ අලුත් පොළොවක්+ දැක්කා. කලින් තිබුණ අහසයි, කලින් තිබුණ පොළොවයි නැති වෙලා ගිහින් තිබුණා.+ මුහුදත්+ නැති වෙලා ගිහින් තිබුණා.  ඒ වගේම ශුද්ධ නුවර, ඒ කියන්නේ අලුත් යෙරුසලම ස්වර්ගයේ දෙවියන් ඉන්න තැන ඉඳන් බැහැලා එනවා මං දැක්කා.+ ඒ නුවර පේන්න තිබුණේ ලස්සනට සැරසිලා, ස්වාමිපුරුෂයා ළඟට යන මනාලියක් වගෙයි.+  ඒත් එක්කම සිංහාසනයෙන් ආපු හඬක් හයියෙන් මෙහෙම කියනවා මට ඇහුණා. “බලන්න! දෙවියන්ගේ කූඩාරම දැන් තියෙන්නේ මිනිස්සු අතරේ. ඔහු එයාලා එක්ක ජීවත් වෙනවා. එයාලා ඔහුගේ සෙනඟ වෙනවා. දෙවියනුත් එයාලා එක්කම ඉන්නවා.+  ඒ වගේම දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා.+ මරණය නැත්තටම නැති වෙනවා.+ ආයේ කවදාවත් අඬන්නවත් වැලපෙන්නවත් වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ.+ කලින් විඳින්න වුණ හැම දුකක්ම නැති වෙලා ගිහින්.”*  සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තා+ මෙහෙම කිව්වා. “බලන්න! මම හැම දෙයක්ම අලුත් කරනවා.”+ ඔහු මෙහෙමත් කියනවා. “මේ වචන ලියාගන්න. මොකද ඒවා ඇත්තයි, විශ්වාසවන්තයි.”  ඔහු මට මෙහෙමත් කිව්වා. “ඒ වචන ඉටු වෙලයි තියෙන්නේ! ඇල්ෆා සහ ඔමේගා,* ඒ කියන්නේ පටන්ගැන්ම සහ අවසානය මමයි.+ තිබහෙන් ඉන්න කෙනාට මම ජීවන වතුර උනන උල්පතෙන් නොමිලේ වතුර බොන්න දෙනවා.+  ජය ගන්න කෙනාට ඒ දේවල් උරුම වෙනවා. මම එයාගේ දෙවියන් වෙනවා. එයා මගේ පුතා වෙනවා.  ඒත් බයගුල්ලන්වත් විශ්වාසයක් නැති අයවත්+ පිළිකුල් දේවල් කරන අපවිත්‍ර අයවත් මිනීමරුවන්වත්+ ලිංගික දුරාචාරයේ* යෙදෙන+ අයවත් භූතවාදයට සම්බන්ධ දේවල් කරන අයවත් රූපවලට නමස්කාර කරන අයවත් බොරු කියන+ අයවත් ගින්දරෙන් සහ ගෙන්දගම්වලින් දැවෙන විලට+ වීසි කරනවා. ඒකෙන් නියෝජනය වෙන්නේ දෙවෙනි මරණයයි.”+  අවසන් පීඩා හත පිරුණු බඳුන් හත තියාගෙන හිටපු දේවදූතයන් හත්දෙනාගෙන්+ එක් කෙනෙක් ඇවිත් මට මෙහෙම කිව්වා. “එන්න. මනාලියව, ඒ කියන්නේ බැටළු පැටියාගේ භාර්යාවව+ මං ඔයාට පෙන්නන්නම්.” 10  ඉතින් ඔහු දෙවියන්ගේ බලයේ උදව්වෙන් මාව හරිම විශාල, උස කන්දකට අරන් ගියා. එතන ඉද්දී ශුද්ධ නුවර වන යෙරුසලම ස්වර්ගයේ දෙවියන් ඉන්න තැන ඉඳන් බැහැගෙන එනවා ඔහු මට පෙන්නුවා.+ 11  ඒක දෙවියන්ගේ තේජසින් බැබළුණා.+ වටිනා මැණිකකට තියෙනවා වගේ දීප්තියක් ඒකට තිබුණා. ඒක හරියට පළිඟුවක් වගේ බැබළෙන ජැස්පර් ගලක දීප්තිය වගේ.+ 12  ඒ නුවරට විශාල, උස පවුරකුත් දොරටු 12කුත් තිබුණා. ඒ දොරටු ළඟ දේවදූතයෝ 12දෙනෙක් හිටියා. ඒ දොරටුවල ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර 12හේ නම් ලියලා තිබුණා. 13  නැඟෙනහිරෙන් දොරටු තුනකුත් උතුරෙන් දොරටු තුනකුත් දකුණෙන් දොරටු තුනකුත් බස්නාහිරෙන් දොරටු තුනකුත් තිබුණා.+ 14  ඒ නුවරේ පවුරට අත්තිවාරම් ගල් 12ක් දාලා තිබුණා. ඒවාවල බැටළු පැටියාගේ නියෝජිතයන් 12දෙනාගේ නම් 12+ ලියලා තිබුණා. 15  මාත් එක්ක කතා කරකර හිටපු කෙනාගේ අතේ මනින්න පාවිච්චි කරන රත්තරන් බට දණ්ඩක් තිබුණා. ඒකෙන් එයා ඒ නුවරයි, නුවරේ දොරටුයි, ඒකේ පවුරයි මනින්න ලෑස්ති වෙලයි හිටියේ.+ 16  ඒ නුවරට තිබුණේ හරි හතරැස් හැඩයක්. ඒකේ දිගයි, පළලයි එක සමානයි. ඔහු බට දණ්ඩෙන් නුවර මැනලා බලද්දී ඒක ස්ටේඩියා 12,000ක්* වුණා. ඒකේ දිගයි, පළලයි, උසයි එක සමානයි. 17  ඔහු ඒකේ පවුරත් මැන්නා. මිනිස්සුන්ගේ මිම්මකින් මැන්නත් දේවදූතයෙක්ගේ මිම්මකින් මැන්නත් ඒක රියන් 144ක්.* 18  ඒකේ පවුර හදලා තිබුණේ ජැස්පර් ගල්වලින්.+ පිරිසිදු රත්තරන්වලින් හදලා තිබුණ ඒ නුවර පේන්න තිබුණේ පැහැදිලි වීදුරු වගේ. 19  ඒ නුවර වටේ තිබුණ පවුරේ අත්තිවාරම් එක එක විදිහේ වටිනා මැණික්වලින් හදලා* තිබුණා. පළවෙනි අත්තිවාරම හදලා තිබුණේ ජැස්පර්වලින්. දෙවෙනි එක නිල් මැණික්වලින්. තුන්වෙනි එක කැල්සිඩ්නිවලින්. හතරවෙනි එක මරකතවලින්. 20  පස්වෙනි එක සාඩොනික්ස්වලින්. හයවෙනි එක සාඩියස්වලින්. හත්වෙනි එක ක්‍රිසොලයිට්වලින්. අටවෙනි එක බෙරිල්වලින්. නමවෙනි එක පඩියන්වලින්. දහවෙනි එක ක්‍රිසොප්‍රේස්වලින්. එකොළොස්වෙනි එක හයසින්ත්වලින්. දොළොස්වෙනි එක අමතේස්තවලින්. 21  දොරටු 12 මුතු 12ක්. හැම දොරටුවක්ම හදලා තිබුණේ එක මුතු ඇටයකින්. නුවරේ ප්‍රධාන පාර හදලා තිබුණේ පිරිසිදු රත්තරන්වලින්. ඒක පෙනුණේ විනිවිද පේන වීදුරු වගේ. 22  ඒත් මං ඒ නුවරේ දේවමාලිගාවක් දැක්කේ නැහැ. මොකද සියලු බලැති+ යෙහෝවා* දෙවියන් සහ බැටළු පැටියා තමයි ඒකේ දේවමාලිගාව. 23  ඒ නුවරට එළිය දෙන්න ඉරවත් හඳවත් ඕනෙ නැහැ. මොකද දෙවියන්ගේ තේජසින් මුළු නුවරම ආලෝකවත් වෙනවා.+ බැටළු පැටියා තමයි ඒකේ පහන.+ 24  ජාතීන් ඒ නුවරෙන් එන ආලෝකයේ ගමන් කරයි.+ පොළොවේ ඉන්න රජවරු තමන්ගේ තේජස ඒ නුවර ඇතුළට අරන් එයි. 25  එහේ දොරටු කවදාවත් වහන්නේ නැහැ. මොකද එහේ කවදාවත් රාත්‍රියක් ඇති වෙන්නේ නැහැ.+ 26  ඒ වගේම ජාතීන්ට තියෙන තේජසත් ගෞරවයත් ඒ නුවරට අරන් එයි.+ 27  ඒත් කොයිම වෙලාවකවත් පිළිකුල් දෙයක් ඒකට ඇතුල් වෙන්නේ නැහැ. පිළිකුල් දේවල් කරන කිසිම කෙනෙක්වත් වංචා කරන කිසිම කෙනෙක්වත් ඒකට ඇතුල් වෙන්නේ නැහැ.+ ඒකට ඇතුල් වෙන්නේ බැටළු පැටියාගේ ජීවන ලියවිල්ලේ නම් ලියලා තියෙන අය විතරයි.+

පාදසටහන්

මූ.අ., “කලින් තිබුණ දේවල් දැන් නැති වෙලා ගිහින්.”
ඇල්ෆා සහ ඔමේගා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර.
කි.මී. 2,220ක් (සැතපුම් 1,379ක්) විතර. ස්ටේඩියා එකක් කියන්නේ මීටර් 185ක් (අඩි 606.95ක්). උප. B14 බලන්න.
ඒ කියන්නේ මීටර් 64ක් (අඩි 210ක්) විතර. උප. B14 බලන්න.
මූ.අ., “අලංකාර කරලා.”
උප. A5 බලන්න.