යොහන්ට කරපු එළිදරව්ව 3:1-22

  • සාදිස්වල (1-6), ෆිලදෙල්ෆියාවේ (7-13) සහ ලවෝදිසියේ (14-22) සභාවලට පණිවිඩ

3  “සාදිස්වල තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. දෙවියන්ගේ බලයන් හත+ සහ තාරකා හත+ තියෙන තැනැත්තා කියන්නේ මෙහෙමයි. ‘ඔයාලා කරන දේවල් ගැන මං හොඳටම දන්නවා. ඔයාලා ජීවත් වෙනවා වගේ පේන්න තිබුණත් ඔයාලා ඇත්තටම මැරිලා.+  හොයලා බලද්දී මං දැනගත්තා මගේ දෙවියන් ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඔයාලා ඒ විදිහටම කරලා නැහැ කියලා. ඒ නිසා සෝදිසියෙන් ඉඳලා+ මරණාසන්නව ඉන්න අයව* ශක්තිමත් කරන්න.  ඒ වගේම ඔයාලා අහපු දේවල් ගැන, ඔයාලට ලැබුණ දේවල් ගැන නිතරම මතක් කරගන්න. පසුතැවිලි වෙලා+ ඒවා දිගටම පිළිපදින්න. ඇත්තටම ඔයාලා අවදි වුණේ නැත්නම් මං ඔයාලා ළඟට හොරෙක් වගේ එනවා.+ එතකොට මං එන්නේ මොන පැයේද කියලා ඔයාලට කොහොමටවත් දැනගන්න බැරි වෙයි.+  “‘ඒත් තමන්ගේ ඇඳුම් අපවිත්‍ර කරගත්තේ නැති+ ටිකදෙනෙක් සාදිස්වල ඉන්නවා. ඒ අයට සුදු ඇඳුම් ඇඳගෙන+ මාත් එක්ක ගමන් කරන්න අවස්ථාව ලැබෙනවා. මොකද ඒ ගෞරවය ලබන්න එයාලා සුදුසුයි.  ජය ගන්න කෙනාට+ සුදු ඇඳුම්+ අන්දනවා. මම එයාගේ නම ජීවන ලියවිල්ලෙන්+ කවදාවත් මකලා දාන්නේ නැහැ. මම මගේ පියාණන් ඉස්සරහත් ඔහුගේ දූතයන් ඉස්සරහත්+ ඒ කෙනාව පිළිගන්නවා.  දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’  “ෆිලදෙල්ෆියාවේ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. ශුද්ධ,+ සැබෑ,+ දාවිත්ගේ යතුර තියෙන,+ කාටවත් වහන්න බැරි විදිහට දොරවල් අරින සහ කාටවත් අරින්න බැරි විදිහට දොරවල් වහන කෙනා කියන්නේ මෙහෙමයි.  ‘මං ඔයාලා කරන දේවල් දන්නවා. බලන්න! මං ඔයාලා ඉස්සරහා දොරක් ඇරලා තියෙනවා.+ ඒක කාටවත් වහලා දාන්න බැහැ. මං දන්නවා ඔයාලට ගොඩක් ශක්තිය නැහැ කියලා. ඒත් ඔයාලා මං කියපු දේවල් දිගටම පිළිපදිනවා කියලත් මට* ද්‍රෝහි වුණේ නැහැ කියලත් මං දන්නවා.  බලන්න! සාතන්ගේ සිනගෝගයට අයිති අය තමන් යුදෙව්වන් කියලා කියාගත්තත් එයාලා ඇත්තටම යුදෙව්වන් නෙමෙයි.+ එයාලා කියන්නේ බොරු. බලන්න! ඔයාලා ඉස්සරහට ඇවිත් ඔයාලාගේ කකුල් ළඟ වැටෙන්න මං එයාලට සලස්වනවා. එතකොට මං ඔයාලට ආදරෙයි කියලා එයාලට දැනගන්න සිද්ධ වෙනවා. 10  මං විඳදරාගත්ත විදිහ ගැන ඔයාලා අහලා තියෙනවා. ඔයාලත් ඒ විදිහටම විඳදරාගන්නවා.*+ ඒ නිසා පොළොවේ ඉන්න අයව සෝදිසියට ලක් වෙන පැයේදී+ මං ඔයාලව ආරක්ෂා කරනවා. මිනිස්සුන්ව සෝදිසියට ලක් වෙන ඒ පැය මුළු පොළොවටම බලපානවා. 11  මම ඉක්මනින්ම එනවා.+ ඔයාලා කරන යහපත් දේවල් දිගටම කරන්න. එතකොට ඔයාලාගේ ඔටුන්න+ ඔයාලාගෙන් පැහැරගන්න කිසිම කෙනෙක්ට බැරි වෙයි. 12  “‘ජය ගන්න කෙනාව මං මගේ දෙවියන්ගේ මාලිගාවේ කණුවක් වෙන්න සලස්වනවා. එයා කවදාවත් ඒ මාලිගාවෙන් එළියට යන්නේ නැහැ. මං මගේ දෙවියන්ගේ නමත්+ මගේ දෙවියන්ගේ නුවරේ නමත් එයා මත ලියනවා. ස්වර්ගයෙන් දෙවියන් වෙතින් බැහැලා එන ඒ නුවරේ නම අලුත් යෙරුසලම.+ මගේ අලුත් නමත්+ මං එයා මත ලියනවා. 13  දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’ 14  “ලවෝදිසියේ+ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. විශ්වාසවන්ත, සැබෑ+ සාක්ෂිකරුත්+ දෙවියන්ගේ මුල්ම නිර්මාණයත්+ වන ආමෙන්+ කියන නමින් හඳුන්වන තැනැත්තා කියන්නේ මෙහෙමයි. 15  ‘මම ඔයාලා කරන දේවල් දන්නවා. ඔයාලා තුළ සීතලක්වත් රස්නයක්වත් නැහැ. ඔයාලා තුළ සීතලක් හරි රස්නයක් හරි තිබුණා නම් මම ඒ ගැන සතුටු වෙනවා. 16  ඒත් ඔයාලා තුළ සීතලක්වත්+ රස්නයක්වත්+ නැහැ. ඔයාලා ඇල්මැරිලා. ඒ නිසා මම ඔයාලව වමාරනවා. 17  මොකද ඔයාලා කියනවා “මං හුඟක් පොහොසත්.+ මං හුඟක් ධන සම්පත් එකතු කරගෙන තියෙනවා. මට කිසිම දේකින් අඩුවක් නැහැ” කියලා. ඒත් ඔයාලා ඉන්නේ මොන තරම් දුක් වෙන්න ඕනෙ, අනුකම්පා කරන්න ඕනෙ තත්වයකද! ඔයාලා දුප්පත්, අන්ධ, නිරුවත්ව ඉන්න අය කියලා ඔයාලවත් දන්නේ නැහැ. 18  ඉතින් මං ඔයාලට දෙන මේ අවවාදය හිතට ගන්න. ගින්නෙන් පවිත්‍ර කරපු රත්තරන් මගෙන් මිල දී ගන්න. එතකොට ඔයාලට පොහොසත් වෙන්න පුළුවන්. මගෙන් සුදු ඇඳුම් මිල දී අරන් ඔයාලාගේ නිරුවත වහගන්න. එතකොට අනිත් අය ඉස්සරහා ඔයාලට ලැජ්ජා වෙන්න වෙන්නේ නැහැ.+ ඒ වගේම ඇස්වලට ගාන බෙහෙත්+ මගෙන් මිල දී අරන් ඒවා ඔයාලාගේ ඇස්වල ගාගන්න. එතකොට ඔයාලාගේ පෙනීම ආයෙත් ලැබෙයි.+ 19  “‘මම අවවාද කරන්නෙත් හික්මවීම් ලබා දෙන්නෙත් මං ආදරේ කරන අයටයි.+ ඒ නිසා උද්‍යෝගයෙන් වැඩ කරන්න. ඔයාලා කරපු දේ ගැන පසුතැවිලි වෙන්න.+ 20  බලන්න, මං දොරකඩ ළඟට වෙලා තට්ටු කරකරයි ඉන්නේ. කෙනෙක් මගේ හඬට ඇහුම්කන් දීලා දොර ඇරියොත්, මං එයාගේ ගේ ඇතුළට ගිහින් එයා එක්ක රෑ කෑම* ගන්නවා. එයාත් මං එක්ක කෑම කනවා. 21  මම ජය අරන් මගේ පියාණන් එක්ක ඔහුගේ සිංහාසනයේ ඉඳගත්ත+ විදිහටම ජය ගන්න කෙනාටත්+ මාත් එක්ක මගේ සිංහාසනයේ ඉඳගන්න+ මං අවස්ථාව දෙනවා. 22  දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’”

පාදසටහන්

මූ.අ., “මරණාසන්නව තියෙන දේවල්.”
මූ.අ., “මගේ නමට.”
හෝ සමහරවිට, “ඔයාලා මං විඳදරාගත්ත විදිහ ආදර්ශයට ගන්නවා.”
මූ.අ., “සන්ධ්‍යා භෝජනය.”