යොහන්ට කරපු එළිදරව්ව 4:1-11

  • යෙහෝවා ස්වර්ගයේ ඉන්නවා දර්ශනයකින් දකියි (1-11)

    • යෙහෝවා තමන්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා (2)

    • වැඩිමහල්ලෝ 24දෙනා සිංහාසනවල ඉඳගෙන ඉන්නවා (4)

    • ජීවීන් හතරදෙනා (6)

4  ඊටපස්සේ, ඇරපු දොරක් ස්වර්ගයේ තියෙනවා මම දැක්කා. මට මුලින්ම ඇහුණු කටහඬ හොරණෑවක හඬ වගේ. ඒ කටහඬ මට මෙහෙම කිව්වා. “මෙතනට නැඟලා එන්න. ඉස්සරහට වෙන්න යන දේවල් මම ඔයාට පෙන්නන්නම්.”  ඒ වෙලාවෙම දෙවියන්ගේ බලය මං තුළ ක්‍රියාත්මක වෙනවා මට දැනුණා. බලන්න! ස්වර්ගයේ සිංහාසනයක් තියෙනවා මං දැක්කා. ඒ සිංහාසනයේ කෙනෙක් ඉඳගෙන හිටියා.+  ඉඳගෙන හිටිය තැනැත්තාගේ පෙනුම+ හරියට ජැස්පර් ගලක්+ සහ සාඩියස් ගලක්* වගේ. සිංහාසනය වටේටම දේදුන්නක් තිබුණා. ඒක හරියට මරකත මැණිකක් වගේ.  සිංහාසනය වටේට තවත් සිංහාසන 24ක් තිබුණා. ඒ සිංහාසනවල වැඩිමහල්ලෝ 24දෙනෙක්+ ඉඳගෙන ඉන්නවා මං දැක්කා. එයාලා සුදු ඇඳුම් ඇඳගෙන රත්තරන් ඔටුනු පැලඳගෙන හිටියා.  සිංහාසනයෙන් අකුණු සැර+ පිට වුණා. එතනින් කටහඬවල් සහ ගිගුරුම් හඬවල්+ ඇහුණා. මං දැක්කා සිංහාසනය ඉස්සරහා පහන් හතක් දල්වලා තියෙනවා. ඒවාවලින් නියෝජනය වෙන්නේ දෙවියන්ගේ බලයන් හතයි.+  සිංහාසනය ඉස්සරහා මුහුදක්+ වගේ දෙයක් දකින්න තිබුණා. ඒකේ පෙනුම හරියට වීදුරු වගේ, පළිඟු වගේ. සිංහාසනය තිබුණ තැන මැද* සහ සිංහාසනය වටේට ජීවීන් හතරදෙනෙක්+ හිටියා. එයාලාගේ ඉස්සරහත් පිටිපස්සෙත් ඒ කියන්නේ එයාලාගේ ඇඟ පුරාම ඇස් තිබුණා.  පළවෙනි ජීවියා සිංහයෙක්+ වගේ. දෙවෙනි ජීවියා වස්සෙක්+ වගේ. තුන්වෙනි ජීවියාගේ+ මූණ හරියට මිනිසෙක්ගේ මූණ වගේ. හතරවෙනි ජීවියා+ පියාඹන රාජාලියෙක්+ වගේ.  ජීවීන් හතරදෙනාටම පියාපත් හය ගාණේ තිබුණා. ඒ පියාපත්වල යටත්, උඩත් ඒ කියන්නේ පියාපත් පුරාම ඇස් තිබුණා.+ ඒ ජීවීන් රෑ දවල් දෙකේම නවත්තන්නේ නැතුව මෙහෙම කියනවා. “අතීතයේ ඉඳන්ම හිටිය, දැනුත් ජීවමානව ඉන්න, ඉස්සරහට එන්න ඉන්න+ සියලු බලැති තැනැත්තා වන යෙහෝවා* දෙවියන් ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි.”+  සිංහාසනයේ ඉඳගෙන ඉන්න, සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන+ තැනැත්තාට තියෙන තේජස, ගෞරවය ගැන කියලා ඒ ජීවීන් ඔහුට ප්‍රශංසා කරන, ස්තුති කරන හැම වෙලාවකම, 10  වැඩිමහල්ලෝ 24දෙනා+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තා ඉස්සරහා දණින් වැටිලා, සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන ඒ තැනැත්තාට නමස්කාර කරනවා. එයාලා තමන්ගේ ඔටුනු සිංහාසනය ඉස්සරහට වීසි කරලා මෙහෙම කියනවා. 11  “අපේ දෙවි වන යෙහෝවා,* සියලු තේජසත් ගෞරවයත්+ බලයත්+ ලබන්න වටින තැනැත්තා ඔබයි. මොකද හැම දෙයක්ම නිර්මාණය කළේ ඔබයි.+ ඒවා නිර්මාණය කළෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසයි.”

පාදසටහන්

හෝ, “වටිනා රතු මැණිකක්.”
හෝ, “සිංහාසනය ළඟ.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.