යොහන්ට කරපු එළිදරව්ව 6:1-17

  • බැටළු පැටියා මුද්‍රා හයක් කඩයි (1-17)

    • ජය අත් කරගන්න කෙනා සුදු අශ්වයා පිට ඉඳගෙන ඉන්නවා (1, 2)

    • ගින්දර පාට අශ්වයා පිට ඉන්න කෙනා සාමය නැති කරයි (3, 4)

    • කලු පාට අශ්වයා පිට ඉන්න කෙනා සාගත ඇති කරයි (5, 6)

    • සුදුමැලි අශ්වයා පිට ඉන්න කෙනාගේ නම මරණය (7, 8)

    • පූජාසනය යට ඉන්න මරලා දාපු අය (9-11)

    • ලොකු භූමිකම්පාවක් (12-17)

6  බැටළු පැටියා+ මුද්‍රා හතෙන් එකක් කඩනවා+ මම දැක්කා. එතකොට ජීවීන් හතරදෙනාගෙන් කෙනෙක්+ ගිගුරුමක් වගේ හඬකින් කතා කරලා “එන්න” කියලා කිව්වා.  බලන්න! සුදු පාට අශ්වයෙක්+ ආවා. ඌ පිට ඉඳගෙන හිටපු තැනැත්තාට දුන්නක් තිබුණා. ඔහුට ඔටුන්නක් දෙනවාත්+ මං දැක්කා. ජය අත් කරගනිමින් ඔහු පිටත් වුණා. ඒ, සම්පූර්ණ ජයක් ලබාගන්නයි.+  ඔහු දෙවෙනි මුද්‍රාව කැඩුවා. එතකොට දෙවෙනි ජීවියා+ “එන්න” කියලා කියනවා මට ඇහුණා.  ඒ වෙලාවේ තවත් අශ්වයෙක් එළියට ආවා. ඌ ගින්දර පාට අශ්වයෙක්. ඌ පිට ඉඳගෙන හිටපු කෙනාට පොළොවේ සාමය නැති කරලා දාන්න අවසර දුන්නා. එහෙම කළේ මිනිස්සුන්ට එකිනෙකාව මරලා දාන්න ඉඩ දෙන්නයි. ඒ කෙනාට ලොකු කඩුවකුත් දුන්නා.+  ඔහු තුන්වෙනි මුද්‍රාව+ කඩද්දී තුන්වෙනි ජීවියා+ “එන්න” කියලා කිව්වා. බලන්න! කලු පාට අශ්වයෙක් ආවා. ඌ පිට ඉඳගෙන හිටපු කෙනාගේ අතේ තරාදියක් තිබුණා.  එතකොට කවුරු හරි කතා කරන හඬක් මට ඇහුණා. ජීවීන් හතරදෙනා ඉන්න තැනින් ආපු ඒ හඬ මෙහෙම කිව්වා. “තිරිඟු කිලෝ එකක* ගාණ ඩිනාරියයි.*+ බාර්ලි කිලෝ තුනක* ගාණ ඩිනාරියයි. ඔලීව තෙල්වලටවත් වයින්වලටවත් හානියක් කරන්න එපා.”+  ඔහු හතරවෙනි මුද්‍රාව කඩද්දී හතරවෙනි ජීවියා+ “එන්න” කියලා කියනවා මට ඇහුණා.  බලන්න! ඊළඟට ආවේ සුදුමැලි අශ්වයෙක්. ඌ පිට ඉඳගෙන හිටපු කෙනාගේ නම මරණය. මිනී වළත් ඒ පිටිපස්සෙන්ම ආවා. පොළොවෙන් හතරෙන් කොටසක් පුරා බලය පතුරුවන්න එයාලට අවසර දුන්නා. එහෙම කළේ දිග කඩුවකිනුත් ආහාර හිඟකම්වලිනුත්+ මාරාන්තික වසංගතවලිනුත් පොළොවේ වනසත්තු ලවාත් මිනිස්සුන්ව මරලා දාන්නයි.+  ඔහු පස්වෙනි මුද්‍රාව කඩද්දී මරලා දාපු අයගේ ලේ*+ පූජාසනය යට+ තියෙනවා මං දැක්කා. එයාලව මරලා දැම්මේ දෙවියන් කියන දේවල් එයාලා පිළිපැද්ද නිසයි. දෙවියන් කියපු දේවල් ගැන සාක්ෂි දරපු නිසයි.+ 10  එයාලාගේ ලේ කෑගහලා මෙහෙම ඇහුවා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන ශුද්ධ දෙවියනි, සැබෑ දෙවියනි,+ පොළොවේ ඉන්න අයව විනිශ්චය කරලා අපිව මරලා දාපු එකට එයාලට දඬුවම් කරන්න ඔබ තව කොච්චර කල් බලන් ඉන්නවාද?”+ 11  ඊටපස්සේ ස්වාමීන් ඒ එක් එක් කෙනාට සුදු ඇඳුමක් දීලා+ මෙහෙම කිව්වා. “ඔයාලාගේ සහෝදරයන්, ඒ කියන්නේ ඔයාලා එක්ක සේවය කරන ඉතුරු දාසයන්ගේ ගාණ සම්පූර්ණ වෙන කල් තව ටික කාලයක් බලන් ඉන්න. මොකද ඔයාලව මරලා දාපු විදිහටම එයාලවත් මරලා දාන්නයි යන්නේ.”+ 12  ඔහු හයවෙනි මුද්‍රාව කඩනවා මම දැක්කා. ඒත් එක්කම ලොකු භූමිකම්පාවක් ඇති වුණා. ඉර සම්පූර්ණයෙන්ම කලු පාටට හැරුණා. ඒකේ පාට හරියට සත්ව ලොම්වලින්* හදපු ගෝණි රෙද්දක පාට වගේ. හඳත් සම්පූර්ණයෙන්ම ලේ පාටට හැරුණා.+ 13  ඒ වගේම අහසේ තාරකා පොළොවට කඩන් වැටුණා. ඒවා කඩන් වැටුණේ හරියට තද හුළඟකට හෙලවෙන අත්තික්කා ගහකින් අමු අත්තික්කා ගෙඩි වැටෙනවා වගේ. 14  අහස නැති වෙලා ගියා. ඒක නැති වෙලා ගියේ හරියට ලියවිල්ලක් අකුළලා උඩට ගන්නවා වගේ.+ කඳු, දූපත් හැම එකක්ම ඒවා තිබුණ තැන්වලින් අයින් කළා.+ 15  පොළොවේ රජවරු, උසස් නිලධාරීන්, හමුදාපතීන්, පොහොසත් අය, බලවත් අය, දාසයෝ වගේම නිදහස් පුරවැසියෝ හැමෝම ගුහාවලත් කඳු පර්වත අතරෙත් හැංගුණා.+ 16  එයාලා කඳුවලටත් පර්වතවලටත් දිගින් දිගටම මෙහෙම කියනවා. “අපේ ඇඟ උඩට වැටිලා+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගෙනුත්+ බැටළු පැටියාගේ+ කෝපයෙනුත් අපිව හංගගන්න. 17  මොකද ඔවුන්ගේ කෝපය පිට කරන මහත් දවස ඇවිත්.+ ඒ දවසට මූණ දෙන්න පුළුවන් කාටද?”+

පාදසටහන්

මූ.අ., “ක්වාට් එකක.” උප. B14 බලන්න.
රෝමවරු පාවිච්චි කරපු රිදී කාසියක්. ඒක සාමාන්‍යයෙන් කෙනෙක්ගේ දවසේ වැටුප. උප. B14 බලන්න.
මූ.අ., “ක්වාට් තුනක.” උප. B14 බලන්න.
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
සමහරවිට මෙතන කතා කරන්නේ එළු රෝම ගැන වෙන්න පුළුවන්.