යොහන්ට කරපු එළිදරව්ව 7:1-17

  • විනාශයක් ඇති කරන හුළං තදින් අල්ලගෙන ඉන්න දේවදූතයන් හතරදෙනා (1-3)

  • එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනාව මුද්‍රා කරයි (4-8)

  • සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න මහත් සමූහයක් (9-17)

7  ඊටපස්සේ දේවදූතයන් හතරදෙනෙක් පොළොවේ කොන් හතරේ හිටගෙන ඉන්නවා මම දැක්කා. එයාලා පොළොවේ හතර පැත්තෙන් හමන හුළං තදින් අල්ලගෙනයි හිටියේ. එයාලා එහෙම කළේ පොළොවටවත් මුහුදටවත් කිසිම ගහකටවත් ඒ හුළංවලින් හානියක් නොවෙන්නයි.  ඊටපස්සේ දෙවියන්ගේ මුද්‍රාවක් අතේ තියාගෙන තවත් දේවදූතයෙක් එනවා මං දැක්කා. ඔහු ආවේ ඉර නඟින* පැත්තෙන්. පොළොවටයි, මුහුදටයි අනතුරක් කරන්න අවසර ලැබිලා තිබුණ දේවදූතයන් හතරදෙනාට ඔහු කෑගහලා,  මෙහෙම කිව්වා. “අපේ දෙවියන්ගේ දාසයන්ගේ නළල්වල අපි මුද්‍රාව+ තියන කල්+ පොළොවටවත් මුහුදටවත් ගස්වලටවත් කිසි අනතුරක් කරන්න එපා.”  මුද්‍රා කරපු අයගේ ගාණ කවුරු හරි කෙනෙක් කියනවා මට ඇහුණා. ඒ අයගේ ගාණ එක්ලක්ෂ හතළිස්හාරදාහක්.+ එයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ හැම ගෝත්‍රයකටම අයිති අයයි.+ ඒ ගෝත්‍ර මේවායි.  යූදා ගෝත්‍රයෙන් 12,000යි.රූබෙන් ගෝත්‍රයෙන් 12,000යි.ගාද් ගෝත්‍රයෙන් 12,000යි.  ආෂෙර් ගෝත්‍රයෙන් 12,000යි.නෆ්තලී ගෝත්‍රයෙන් 12,000යි.මනස්සේ ගෝත්‍රයෙන්+ 12,000යි.  සිමියොන් ගෝත්‍රයෙන් 12,000යි.ලෙවී ගෝත්‍රයෙන් 12,000යි.ඉසකාර් ගෝත්‍රයෙන් 12,000යි.  සෙබ්‍යූලන් ගෝත්‍රයෙන් 12,000යි.යෝසෙප් ගෝත්‍රයෙන් 12,000යි.බෙන්ජමින් ගෝත්‍රයෙන් 12,000යි.  ඊටපස්සේ මම මහත් සමූහයක් දැක්කා. බලන්න! ඒ සමූහය කිසිම මිනිසෙක්ට ගණන් කරන්න බැරි තරම් මහත් සමූහයක්. ඒ සමූහයේ හැම ජාතියකම, හැම ගෝත්‍රයකම, හැම ජනවර්ගයකම සහ හැම භාෂාවක්ම කතා කරන අය+ හිටියා. එයාලා සුදු ඇඳුම් ඇඳගෙන+ සිංහාසනය ඉස්සරහත් බැටළු පැටියා ඉස්සරහත් හිටගෙන හිටියා. එයාලාගේ අත්වල තාල වර්ගයේ ගස්වල අතු තිබුණා.+ 10  එයාලා හද පිරි අගයකින් දිගටම කෑගගහා මෙහෙම කියනවා. “සිංහාසනයේ ඉඳගෙන ඉන්න අපේ දෙවියන්+ සහ බැටළු පැටියා නිසයි අපිට ගැලවීම ලැබුණේ!”+ 11  දේවදූතයන් හැමෝම සිංහාසනය වටේ, වැඩිමහල්ලන් වටේ+ සහ ජීවීන් හතරදෙනා වටේ හිටගෙන හිටියා. ඔවුන් සිංහාසනය ඉස්සරහා වැඳ වැටිලා දෙවියන්ට නමස්කාර කරන ගමන්, 12  මෙහෙම කිව්වා. “ආමෙන්!* සදාකාලයෙන් සදාකාලයටම අපේ දෙවියන්ට සියලු ප්‍රශංසාවත් තේජසත් ප්‍රඥාවත් ස්තුතියත් ගෞරවයත් බලයත් හිමි වේවා!+ ආමෙන්!” 13  එතකොට එක වැඩිමහල්ලෙක් මගෙන් ඇහුවා “සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න මේ අය+ කවුද? එයාලා ආවේ කොහෙන්ද” කියලා. 14  මම ඉක්මනටම කිව්වා “මගේ ස්වාමීනි, ඒක දන්නේ ඔබයි” කියලා. ඒ වෙලාවේ ඔහු මට මෙහෙම කිව්වා. “එයාලා මහත් පීඩාවෙන්+ බේරිලා එන අය. එයාලා බැටළු පැටියාගේ ලේවලින් එයාලාගේ ඇඳුම් හෝදලා+ සුදු කරගෙනයි තියෙන්නේ. 15  ඒ නිසයි එයාලා දෙවියන්ගේ සිංහාසනය ඉස්සරහා ඉන්නේ. එයාලා දේවමාලිගාවේ රෑ දවල් දෙකේම ඔහුට පරිශුද්ධ සේවයක් කරනවා. සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තා+ ඔහුගේ කූඩාරම එයාලට ඉහළින් දිගහැරලා+ එයාලව ආරක්ෂා කරයි. 16  ආයෙත් එයාලට බඩගින්නක්වත් තිබහක්වත් දැනෙන්නේ නැහැ. එයාලා ආයේ කවදාවත් හිරු රශ්මියෙන්වත් දැවෙන රස්නයකින්වත් පීඩා විඳින්නේ නැහැ.+ 17  මොකද සිංහාසනය මැද ඉන්න බැටළු පැටියා+ එඬේරෙක් වගේ එයාලව රැකබලා ගෙන+ එයාලව ජීවන වතුර තියෙන උල්පත්වලට+ අරන් යනවා. ඒ වගේම දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා.”+

පාදසටහන්

හෝ, “නැඟෙනහිර.”
හෝ, “එසේම වේවා!”