යොහන්ට කරපු එළිදරව්ව 8:1-13

  • හත්වෙනි මුද්‍රාව කඩයි (1-6)

  • මුල් හොරණෑ හතර පිඹියි (7-12)

  • විපත්ති තුනක් ගැන දැනුම් දෙයි (13)

8  ඔහු+ හත්වෙනි මුද්‍රාව+ කඩද්දී ස්වර්ගයේ පැය භාගයක විතර නිශ්ශබ්දතාවක් ඇති වුණා.  එතකොට දෙවියන් ඉස්සරහා හිටගෙන ඉන්න දේවදූතයන් හත්දෙනාව මම දැක්කා.+ ඒ වෙලාවේ ඔවුන්ට හොරණෑ හතක් දුන්නා.  තවත් දේවදූතයෙක් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන රත්තරන් භාජනයක් අරන් ඇවිත් පූජාසනය+ ළඟ හිටගත්තා. ඔහුට සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දුන්නා.+ ඔහුට ඒවා දුන්නේ ශුද්ධ තැනැත්තන් හැම කෙනෙක්ගෙම යාච්ඤා එක්ක ඒවා සිංහාසනය ඉස්සරහා තිබුණ රත්තරන් පූජාසනය+ මත ඔප්පු කරන්න.  දේවදූතයා ඔප්පු කරපු සුවඳ ද්‍රව්‍යවල දුම ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤාත්+ එක්කම දෙවියන් ඉස්සරහට නැඟලා ගියා.  ඒත් එක්කම ඒ දේවදූතයා පූජාසනයෙන් ගින්දර ටිකක් අරන් සුවඳ ද්‍රව්‍ය දාන භාජනයට දාලා ඒ ගින්න පොළොවට වීසි කළා. එතකොට කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. අකුණු සැර පිට වුණා.+ භූමිකම්පාවකුත් ඇති වුණා.  හොරණෑ හත තියාගෙන හිටපු දේවදූතයෝ හත්දෙනාත්+ ඒවා පිඹින්න ලෑස්ති වුණා.  පළවෙනි දේවදූතයා තමන්ගේ හොරණෑව පිම්බා. එතකොට ලේ මිශ්‍ර වෙලා තිබුණ හිම කැට සහ ගින්දර පොළොවට ඇද හැලුණා.+ ඒවාවලින් පොළොවෙන් තුනෙන් එකක් පිච්චිලා ගියා. ගස්වලිනුත් තුනෙන් එකක් පිච්චිලා ගියා. හැම පැළෑටියක්මත් පිච්චිලා ගියා.+  දෙවෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා. ඒත් එක්කම ගින්නෙන් ඇවිළෙන ලොකු කන්දක් වගේ දෙයක් මුහුදට වීසි කළා.+ එතකොට මුහුදෙන් තුනෙන් එකක් ලේවලට හැරුණා.+  මුහුදේ ඉන්න පණ තියෙන සත්තුන්ගෙන් තුනෙන් එකක් මැරුණා.+ නැව්වලින් තුනෙන් එකකුත් මුහුදුබත් වුණා. 10  තුන්වෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා. එතකොට ගිනි පන්දමක් වගේ ඇවිළෙන විශාල තාරකාවක් අහසෙන් වැටුණා. ඒක ගංගාවලින් තුනෙන් එකක් මතටත් දිය උල්පත් මතටත් වැටුණා.+ 11  ඒ තාරකාව හඳුන්වන්නේ තිත්ත පල කියන නමින්. වතුරෙන් තුනෙන් එකක් තිත්ත වුණා. ඒ වතුර තිත්ත නිසා+ ඒකෙන් මිනිස්සු හුඟදෙනෙක් මැරුණා. 12  හතරවෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා. එතකොට ඉරෙන් තුනෙන් කොටසකටත්+ හඳෙන් තුනෙන් කොටසකටත් තාරකාවලින් තුනෙන් කොටසකටත් පහර දුන්නා. එහෙම කළේ ඒවාවලින් තුනෙන් කොටසක් අඳුරු වෙන්නයි.+ ඒ වගේම දවල් කාලයෙන් තුනෙන් කොටසකට සහ රාත්‍රි කාලයෙන් තුනෙන් කොටසකට ආලෝකය ලැබෙන්නේ නැති වෙන්නයි. 13  මං බලද්දී අහස මැද පියාසර කරන රාජාලියෙක්ව දැක්කා. ඒ රාජාලියා කෑගහලා මෙහෙම කියනවා මට ඇහුණා. “ඉතුරු දේවදූතයන් තුන්දෙනාත් ඔවුන්ගේ හොරණෑ පිඹින්න ලෑස්ති වෙලයි ඉන්නේ. විපත්ති! විපත්ති! විපත්ති!+ ඒ හොරණෑවල+ ශබ්දය ඇහෙද්දී පොළොවේ ජීවත් වෙන අයට මොන තරම් දරුණු විපත්තිවලට මුහුණ දෙන්න වෙයිද!”

පාදසටහන්