එෆීසවරුන්ට 2:1-22

  • අපිව ආයෙත් ජීවත් කරවලා ක්‍රිස්තුස් එක්ක බැඳිලා ඉන්න සලස්වයි (1-10)

  • දෙගොල්ලන්ව වෙන් කරපු තාප්පය කඩලා දායි (11-22)

2  ඔයාලා අතින් වුණ වැරදි නිසා ඔයාලා කලින් හිටියේ හරියට මැරුණ අය වගේ. ඒත් දෙවියන් ඔයාලව ජීවත් කෙරෙව්වා.+  කාලයක් ඔයාලා ජීවත් වුණේ මේ සමාජයේ අය ජීවත් වෙන විදිහටයි.*+ මේ සමාජයේ මිනිස්සුන්ව පාලනය කරන කෙනාගේ බලපෑමට ඔයාලා අහු වෙලා හිටියා.+ ඒ කෙනාගේ බලපෑම+ අපි හුස්ම ගන්න වාතය වගේ හැම තැනම පැතිරිලා. දෙවියන්ට අකීකරු වෙන හැම කෙනෙක්ම ඒ බලපෑමට අහු වෙලයි ඉන්නේ.  කාලයක් අපි හැමෝම ජීවත් වුණෙත් එයාලා වගේ. අපි අපේ වැරදි ආශාවන් තෘප්තිමත් කරගත්තා.+ අපේම ආශාවන්ට වහල් වෙලා අපිට හිතෙන හිතෙන හැම දේම කළා.+ ඒ නිසා අනිත් හැමෝම වගේ අපි හැමෝමත් ඉපදුණ දවසේ ඉඳන් හිටියේ දෙවියන්ගේ උදහස ලබන්න සුදුසු අය විදිහට.+  ඒත් කිසිම අඩුවක් නැතුව දයාව පෙන්නන දෙවියන්+ ඔහුගේ මහත් ආදරේ අපිට පෙන්නුවා.+  ඒ නිසා ඔහු අපිව ආයෙත් ජීවත් කරවලා ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න අපිට අවස්ථාව දුන්නා. අපේ වැරදි නිසා අපි හිටියේ මැරුණු අය වගේ වුණත්+ ඔහු අපි වෙනුවෙන් ඒ දේ කළා. ඇත්තටම ඔයාලට ගැලවීම ලැබුණේ දෙවියන්ගේ මහත් කරුණාව නිසයි.  ඒ වගේම අපි ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න නිසා දෙවියන් අපිව ආයෙත් ජීවත් කරවලා ස්වර්ගයේ තියෙන තැන්වල ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට ඉඳගන්න අපිට අවස්ථාව දුන්නා.+  ඉස්සරහට එන කාලයේදී,* ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න අපි වෙනුවෙන් යහපත් දේවල් කරලා,* මිල කරන්න බැරි තරම් වටින ඔහුගේ මහත් කරුණාව අපිට උපරිමයෙන්ම පෙන්නන්නයි දෙවියන් එහෙම කළේ.  විශ්වාසයක් තියෙන ඔයාලට ගැලවීම ලැබුණේ ඒ මහත් කරුණාව නිසයි.+ ඒක ඔයාලාගේ උත්සාහය නිසා ලැබුණ දෙයක් නෙමෙයි. ඒක දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්.  ඔව්, ඒක අපි කරන දේවල් නිසා ලැබුණ දෙයක් නෙමෙයි.+ ඉතින් ඒ ගැන පුරසාරම් දොඩන්න අපිට කිසිම හේතුවක් නැහැ. 10  මොකද අපි දෙවියන්ගේ නිර්මාණයක්.+ ඔහු අපිව ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න අය+ විදිහට නිර්මාණය කළේ යහපත් දේවල් කරන්නයි. අපි ඒ යහපත් දේවල් කරන්න ඕනෙ කියලා දෙවියන් කලින්ම තීරණය කරලා තිබුණා. 11  ඉතින් මතක තියාගන්න, වෙනත් ජාතීන්ට අයිති ඔයාලව තමයි කාලයක් “අචර්මච්ඡේදිත” අය විදිහට හැඳින්නුවේ. මිනිස්සුන්ගේ අතින් “චර්මච්ඡේදනය” කරපු අය තමයි ඔයාලව ඒ විදිහට හැඳින්නුවේ. 12  ඒ කාලයේදී ඔයාලා ක්‍රිස්තුස්ව අඳුරගෙන හිටියේ නැහැ. ඔයාලා ඊශ්‍රායෙල් ජාතියෙන් ඈත් වෙලා හිටපු නිසා පොරොන්දුවට සම්බන්ධ ගිවිසුම්වලට ඔයාලා කිසිම විදිහකින් සම්බන්ධ වෙලා හිටියෙත් නැහැ.+ ඔයාලා මේ ලෝකේ ජීවත් වුණේ කිසිම බලාපොරොත්තුවක් නැතුව. ඔයාලා දෙවියන්ව අඳුරගෙන හිටියෙත් නැහැ.+ 13  ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න ඔයාලා, කලින් දෙවියන්ගෙන් ඈත් වෙලයි හිටියේ. ඒත් ක්‍රිස්තුස් අපි වෙනුවෙන් වගුරුවපු රුධිරය නිසා දැන් ඔයාලා දෙවියන්ට ළං වෙලා ඉන්නවා. 14  අපිට සමාදානය දුන්නේ ක්‍රිස්තුස්.+ වෙන් වෙලා හිටපු කණ්ඩායම් දෙක ඔහු එකතු කරලා+ ඒ දෙගොල්ලන්ව වෙන් කරපු තාප්පය කඩලා දැම්මා.+ 15  ඔහු තමන්ගේ ශරීරය පූජා කරලා ඒ කණ්ඩායම් දෙක අතරේ සතුරුකමක් ඇති වෙන්න හේතු වුණ දේ අයින් කළා. ඒ කියන්නේ, විවිධ අණපනත් තිබුණ නීතිය ඔහු අහෝසි කළා. එහෙම කළේ ඒ කණ්ඩායම් දෙකම ඔහුත් එක්ක බැඳිලා ඉන්න, එක කණ්ඩායමක් කරන්නයි. ඒ විදිහට ඔහු අලුත් ජාතියක්* බිහි කරලා ඒ දෙගොල්ලෝ අතරේ සමාදානය ඇති කළා.+ 16  ඒ වගේම ඔහු ඒ දෙගොල්ලන්ටම එකම ශරීරයක් විදිහට දෙවියන් එක්ක සමාදාන වෙන්න වධකණුව*+ මාර්ගයෙන් අවස්ථාව ලබා දුන්නා. ඒ කණ්ඩායම් දෙක අතරේ තිබුණ සතුරුකම ඔහු නැති කළේ+ ඔහුගේ ජීවිතය පූජා කරලයි. 17  ඔහු ඇවිත් දෙවියන්ට ළං වෙලා හිටිය අයට වගේම දෙවියන්ගෙන් දුරස් වෙලා හිටපු ඔයාලටත් සමාදානය ගෙන දෙන ශුභාරංචිය දැනුම් දුන්නා. 18  ඔහු නිසා දැන් අපි දෙගොල්ලන්ටම කිසිම බාධාවක් නැතුව නිදහසේ දෙවියන් ළඟට යන්න පුළුවන්. ඒ දේ කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ අපි දෙගොල්ලන්ටම එකම බලය ලැබෙන නිසයි. 19  ඉතින් දැන් ඔයාලා අමුත්තන්වත් විදේශිකයන්වත් නෙමෙයි.+ ඒ වෙනුවට අනිත් ශුද්ධ තැනැත්තන්ට ලැබිලා තියෙන පුරවැසිභාවයම ඔයාලටත් ලැබිලා තියෙනවා.+ දැන් ඔයාලත් දෙවියන්ගේ පවුලට අයිති අය.+ 20  ඒ වගේම ඔයාලව ගොඩනඟලා තියෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන් සහ අනාගතවක්තෘවරුන්ගෙන් හැදුණ අත්තිවාරම මත.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්.+ 21  ඔහුත් එක්ක එකට බැඳිලා ඉන්න නිසා ඒ මුළු ගොඩනැඟිල්ලම යෙහෝවා* වෙනුවෙන් හදන ශුද්ධ මාලිගාවක්+ විදිහට ගොඩනැඟෙනවා. ඒ ගොඩනැඟිල්ලේ හැම කොටසක්ම එකමුතුකමින් එකට බැඳිලා තියෙනවා.+ 22  ඔයාලා ඔහුත් එක්ක එකට බැඳිලා ඉන්න නිසා දෙවියන්ට වාසය කරන්න පුළුවන් ගොඩනැඟිල්ලක් විදිහට ඔයාලව ගොඩනඟනවා. ඔහු එහේ වාසය කරන්නේ ඔහුගේ බලය මාර්ගයෙන්.+

පාදසටහන්

මූ.අ., “මේ සමාජයේ අයගේ ජීවන රටාවට අනුවයි.”
මූ.අ., “සමාජ ක්‍රමවලදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “අපිට ඔහුගේ අනුමැතිය දීලා.”
මූ.අ., “මිනිසෙක්.”
උප. A5 බලන්න.