ඔබදියා 1:1-21

  • උඩඟු ඒදොම්වරුන්ව පහතට ඇදලා දායි (1-9)

  • ඒදොම් යාකොබ්ට දරුණු විදිහට සැලකුවා (10-14)

  • යෙහෝවා සියලු ජාතීන්ට විරුද්ධව පියවර ගන්න දවස (15, 16)

  • යාකොබ්ගෙන් පැවතෙන අයට ආයෙත් අනුමැතිය ලැබෙයි (17-21)

    • යාකොබ් ඒසව්ගෙන් පැවතෙන අයව විනාශ කරයි (18)

    • රජකම හිමි වෙන්නේ යෙහෝවාටයි (21)

 මේ, ඔබදියා* දැක්ක දර්ශනයයි. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඒදොම් දේශය ගැන කිව්වේ මෙහෙමයි.+ “යෙහෝවා දෙවියන්ගෙන් අපිට පණිවිඩයක් ලැබුණා.ජාතීන්ට ඒ ගැන දන්වන්න පණිවිඩකරුවෙක්ව යවලා තියෙනවා. ඔහු මෙහෙම කියනවා.‘දැන් නැඟිටින්න, අපි ඒදොම් දේශයට විරුද්ධව යුද්ධ කරන්න සූදානම් වෙමු.’”+   “බලන්න! ජාතීන් අතරේ මම ඔබව වැදගැම්මකට නැති ජාතියක් කරනවා.මිනිස්සු ඔබව සම්පූර්ණයෙන්ම හෙළා දකියි.+   පර්වතවලත් කඳු මුදුන්වලත් ආරක්ෂිතව ඉන්න ඔබ‘මාව බිමට ඇදලා දාන්න පුළුවන් කාටද’ කියලා හිතනවා.ඔබේ උඩඟු හිත නිසා ඔබ ඉන්නේ රැවටිලා.”+   යෙහෝවා මෙහෙමත් කියනවා.“ඔබ රාජාලියෙක් වගේ උස් තැනක කැදැල්ල හදාගත්තත්*තරු අතරේ කූඩුව හදාගත්තත් මම ඔබව එතනින් පහතට ඇදලා දානවා.   හොරු මහ රෑ ඔබේ නිවසට කඩා පැන්නොත්ඔවුන් අරන් යන්නේ ඔවුන්ට අවශ්‍ය දේ විතරයි නේද?(ඒත් ඔබ නැත්තටම නැති වෙනවා!)* මිදි නෙළන අය ඔබේ මිදිවත්තට ආවොත්ඔවුන් අනිත් අය වෙනුවෙන් අස්වැන්නෙන් ටිකක් ඉතුරු කරලා යන්නේ නැද්ද?+   ඒසව්ගේ සතුරෝ ඔහුගේ දේශයේ අස්සක් මුල්ලක් නෑර ගිහින් හංගලා තියෙන හැම වස්තුවක්ම හොයාගන්නවා.   ඔවුන්ගේ දේශ සීමාවලින් ඔවුන් ඔබව පිටමං කරයි. ඔබට පක්ෂ අය* පවා ඔබව රවට්ටයි. ඔබත් එක්ක සමාදානයෙන් ඉන්න අය ඔබව යටත් කරගනියි. ඔබ එක්ක එකට කෑම ගන්න අය පවා ඔබට විරුද්ධව උගුලක් අටවයි.ඒත් ඔබ ඒක තේරුම්ගන්නේ නැහැ.   ඒ දවසේදී මම ඒදොම් දේශයේ ඉන්න බුද්ධිමත් අයව විනාශ කරනවා. ඒසව්ට අයිති කඳුකර ප්‍රදේශයේ ඉන්න නැණවත් අයව නැත්තටම නැති කරනවා.”+එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.   “තේමාන් නගරයේ වැසියෙනි,+ ඔබේ රණවිරුවෝ බයෙන් වෙවුලයි.+මොකද ඒසව්ට අයිති කඳුකර ප්‍රදේශයේ ඉන්න හැම කෙනෙක්ම මැරුම් කනවා.+ 10  ඔබේ සහෝදරයා වුණ යාකොබ්ට ඔබ දරුණු විදිහට සලකපු නිසා+මම ඔබව නින්දාවට පත් කරලා+ නැත්තටම නැති කරනවා.+ 11  නාඳුනන අය ඔබේ සහෝදරයාගේ හමුදාව පරාජය කරලා ඔවුන්ව අරන් ගිය දවසේ+ඔබ කිසිම දෙයක් නොකර පැත්තකට වෙලා බලන් හිටියා.විදේශිකයන් යෙරුසලමේ දොරටුවෙන් ඇතුල් වෙලා ඒකේ කොල්ලය* බෙදාගන්න දාදු දාද්දී+ඔබත් වැඩ කළේ ඔවුන්ගෙන් කෙනෙක් වගෙයි. 12  යූදා දේශයේ වැසියන් විනාශ වුණ දවසේදී ඔබ සතුටු වුණා.ඔබේ සහෝදරයාගේ විපතේදී ඒ දිහා බලලා හිනා වෙන එක කොහෙත්ම සුදුසු නැහැ.+ඔබේ සහෝදරයාගේ දුකේදී උඩඟු විදිහට ඔහුට සමච්චල් කරන එකත් කොහොමටවත් සුදුසු නැහැ.+ 13  මගේ සෙනඟ විනාශයට මුහුණ දුන්න දවසේදී ඔබ ඔවුන්ගේ නුවරට ඇතුල් වුණා.+ඔවුන්ට සිද්ධ වුණ විපත දිහා ඔබ හිනා වෙවී බලන් හිටියා.ඔබ ඔවුන්ගේ වස්තුවත් පැහැරගත්තා.ඔබ හැසිරුණු විදිහ මොන තරම් වැරදිද!+ 14  සතුරන්ගෙන් බේරිලා යන්න හදපු අයව අල්ලගන්න ඔබ ප්‍රධාන හන්දිවල රැකගෙන හිටියා.+විපතෙන් බේරුණු අයව අල්ලගෙන ගිහින් සතුරාගේ අතට භාර දුන්නා.ඔබ කරපු ඒ එක දෙයක්වත් කොහොමටවත් අනුමත කරන්න බැහැ.+ 15  යෙහෝවා වන මම සියලු ජාතීන්ට විරුද්ධව පියවර ගන්න දවස ළං වෙලා.+ ඔබ අනිත් අයට කරපු දේම ඔබටත් සිද්ධ වෙයි.+ ඔබ අනිත් අයට සලකපු විදිහටම අනිත් අයත් ඔබට සලකයි. 16  ඔබ මගේ ශුද්ධ කන්දේදී වයින් බිව්ව විදිහටමසියලු ජාතීන්ටත් කෝපය කියන මගේ කුසලානයෙන් බොන්න වෙයි.+ ඒකේ අන්තිම බින්දුව වෙන කල්ම ඔවුන්ට බොන්න වෙයි.ඊටපස්සේ ඒ ජාතීන් හිටියාද කියලවත් හොයාගන්න බැරි වෙයි. 17  ඒත් බේරිලා ජීවත් වෙන අය සියොන් කන්ද උඩ ඉඳියි.+ඒක ශුද්ධස්ථානයක් වෙයි.+යාකොබ්ගෙන් පැවතෙන අය තමන්ට අයිති හැම දේම ආයෙත් හිමි කරගනියි.+ 18  යාකොබ්ගෙන් පැවතෙන අය ගින්නක් වෙයි.යෝසෙප්ගෙන් පැවතෙන අය ගිනි ජාලාවක් වෙයි.ඒත් ඒසව්ගෙන් පැවතෙන අය පිදුරු වගේ වෙයි.ඔවුන් ඒසව්ගෙන් පැවතෙන අයට ගිනි තියලා ඔවුන්ව විනාශ කරලා දායි.ඔවුන්ගෙන් කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+මොකද ඒ දේ තීන්දු කරලා තියෙන්නේ යෙහෝවායි. 19  මුළු නෙගෙබ් ප්‍රදේශයත් ඒසව්ගෙන් පැවතෙන අයට අයිති කඳුකර ප්‍රදේශයත්+ෂෙපේලා ප්‍රදේශයත්* පිලිස්තිවරුන්ගේ දේශයත් මගේ සෙනඟ අයිති කරගන්නවා.+ ඔවුන් එෆ්‍රායිම් දේශයත් සමාරියත්+ හිමි කරගන්නවා.බෙන්ජමින් ගෝත්‍රය ගිලියද් දේශය අයිති කරගන්නවා. 20  මේ බලකොටුවේ*+ ඉඳන් වහල්කමට අරන් ගිය ඊශ්‍රායෙල්වරුන්ටසාරෆෙත් නගරය+ වෙන කල් තියෙන කානානිවරුන්ගේ මුළු දේශයම උරුම වෙනවා. යෙරුසලමේ ඉඳන් වහලුන් විදිහට සෙෆාරද් කියන තැනට අරන් ගිය අයටනෙගෙබ් ප්‍රදේශයේ නුවරවල් අයිති වෙනවා.+ 21  ගැලවුම්කරුවන් සියොන් කන්දට ඇවිත්ඒසව්ට අයිති කඳුකර ප්‍රදේශයේ වැසියන්ව විනිශ්චය කරයි.+රජකම හිමි වෙන්නේ යෙහෝවා දෙවියන්ටයි.”+

පාදසටහන්

තේරුම, “යෙහෝවා දෙවියන්ගේ සේවකයා.”
හෝ සමහරවිට, “ඉහළටම ඉගිල්ලිලා ගියත්.”
හෝ සමහරවිට, “එයාලා කොච්චර ප්‍රමාණයක් අරන් යයිද?”
හෝ, “ඔබ සමඟ ගිවිසුම් ඇති කරගත්ත අය.”
ඒකට යෙරුසලමේ වස්තුවත් මිනිස්සුන්වත් ඇතුළත් වුණා කියලා හිතන්න පුළුවන්.
හෝ, “පහත් බිමුත්.”
හෝ, “කොටු බැම්මේ.”