යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා 1:1-26

  • තෙයොෆිලස්ට එවපු ලිපියක් (1-5)

  • පොළොවේ දුර ඈත ප්‍රදේශවල සාක්ෂි දරයි (6-8)

  • යේසුස් ස්වර්ගයට යයි (9-11)

  • ගෝලයන් හැමෝම එකට එකතු වෙයි (12-14)

  • යූදස් වෙනුවට මතියස්ව තෝරගනියි (15-26)

1  හිතවත් තෙයොෆිලස්, මම මුලින් ලියපු වාර්තාවේ යේසුස් කරපු සහ උගන්වපු හැම දෙයක් ගැනම,+  ඒ කියන්නේ ඔහුව ස්වර්ගයට ඔසවගත්ත වෙලාව වෙන කල්+ ඔහු කරපු, උගන්වපු දේවල් ගැන සඳහන් කළා. යේසුස්ව ස්වර්ගයට ඔසවගත්තේ ඔහු දෙවියන්ගේ බලය මාර්ගයෙන් තමන් තෝරගත්ත නියෝජිතයන්ට* මඟ පෙන්වීම් දුන්නාට පස්සෙයි.+  යේසුස් වධ විඳලා මිය ගියාට පස්සේ ඔහු ජීවමානව ඉන්නවා කියලා නියෝජිතයන්ට පැහැදිලි සාක්ෂි ඇතුව පෙන්නුවා.+ ඔහු දවස් 40ක් තිස්සේ කීප වතාවක්ම එයාලා ඉස්සරහා පෙනී හිටියා. දෙවියන්ගේ රාජ්‍යය ගැනත් ඔහු එයාලට කියලා දුන්නා.+  යේසුස් එයාලා එක්ක හිටිය වෙලාවක එයාලට මෙහෙම කිව්වා. “පියාණන් ඔයාලට දෙන්න පොරොන්දු වුණ දේ ලැබෙන කල්+ යෙරුසලමටම වෙලා බලාගෙන ඉන්න.+ මං ඒ ගැන කලින් කිව්වා ඔයාලට මතක ඇති.  යොහන් මිනිස්සුන්ව බව්තීස්ම කළේ වතුරෙන්. ඒත් වැඩි දවසක් යන්න කලින් දෙවියන්ගේ බලයෙන් ඔයාලව බව්තීස්ම කරයි.”+  එයාලා එකතු වෙලා හිටිය තවත් වෙලාවක එයාලා යේසුස්ගෙන් ඇහුවා “ස්වාමීනි, ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යය ආපහු දෙන්නේ මේ කාලේදීද”+ කියලා.  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “දේවල් සිද්ධ වෙන්න නියමිත දවස සහ කාලය* නියම කරන්න අයිතිය තියෙන්නේ පියාණන්ටයි.+ ඒවා දැනගන්න ඔයාලට අයිතියක් නැහැ.  ඒත් ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණාම ඔයාලා ශක්තිමත් වෙයි.+ ඊටපස්සේ ඔයාලා යෙරුසලමෙත්+ යුදය පුරාමත් සමාරියෙත්+ පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්*+ මං ගැන සාක්ෂි දරයි.”+  යේසුස් ඒ දේවල් කිව්වාට පස්සේ ගෝලයෝ බලාගෙන ඉද්දීම දෙවියන් ඔහුව ඉහළට ඔසවගත්තා. ඒ වෙලාවේ වලාකුළකින් ඔහුව වැහිලා ගිය නිසා එයාලට ඔහුව පේන්නේ නැතුව ගියා.+ 10  එයාලා අහස දිහා බලාගෙන ඉද්දී එකපාරටම සුදු ඇඳුම් ඇඳගෙන හිටිය මිනිස්සු දෙන්නෙක්+ එතනට ඇවිත් 11  මෙහෙම කිව්වා. “ගලීලයේ වැසියෙනි, ඔයාලා මෙතනට වෙලා අහස දිහා බලාගෙන ඉන්නේ ඇයි? ස්වර්ගයට ඔසවගත්ත යේසුස්, ස්වර්ගයට යනවා ඔයාලා දැක්ක විදිහටම ආයෙත් එනවා.” 12  ඊටපස්සේ එයාලා ඔලීව කන්ද විදිහට හඳුන්වපු කන්දේ ඉඳන් ආයෙත් යෙරුසලමට ගියා.+ ඒ කන්ද තිබුණේ යෙරුසලමට කිට්ටුව, ඒ කියන්නේ කිලෝමීටරයක් විතර දුරින්.* 13  එයාලා යෙරුසලමට ඇවිල්ලා එයාලා නැවතිලා හිටපු උඩුමහල් කාමරයට ගියා. පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ, ෆිලිප්, තෝමස්, බාතොලමෙව්, මතෙව්, අල්ෆෙවුස්ගේ පුතා වන යාකොබ්, ලොකු උද්‍යෝගයකින් වැඩ කරපු සීමොන් සහ යාකොබ්ගේ පුතා වන යූදස් ඒ අය අතරේ හිටියා.+ 14  එයාලා එක්ක කාන්තාවන් කීපදෙනෙකුත්+ යේසුස්ගේ අම්මා වුණ මරියාත් ඔහුගේ සහෝදරයනුත් හිටියා.+ ඒ හැමෝම එකතු වෙලා* ලොකු ඕනෑකමකින් එක දිගටම යාච්ඤා කළා. 15  දවසක් පේතෘස් හැමෝම ඉස්සරහා නැඟිටලා මෙහෙම කිව්වා. (එතන සහෝදර සහෝදරියන් 120දෙනෙක් විතර රැස් වෙලා හිටියා.) 16  “සහෝදරයෙනි, යේසුස්ව අත්අඩංගුවට ගත්ත අයට මඟ පෙන්නපු යූදස්+ ගැන දාවිත් දෙවියන්ගේ බලය මාර්ගයෙන් අනාවැකියක් කියලා තිබුණා.+ ඒ හැම දෙයක්ම ඒ විදිහට වුණේ ලියලා තිබුණ දේ ඉටු වෙන්න ඕනෙ නිසයි. 17  යූදස් අපිත් එක්කම හිටපු කෙනෙක්.+ අපිත් එක්ක එකට සේවය කරන්න එයාවත් තෝරගෙන තිබුණා. 18  (ඒ මිනිහා එයා කරපු දුෂ්ට දේට ලැබුණ කුලියෙන් පිට්ටනියක් මිල දී ගත්තා.+ එයා උඩ ඉඳන් වැටෙද්දී ඉස්සෙල්ලාම එයාගේ ඔළුව පොළොවේ වැදුණා. ඊටපස්සේ එයාගේ බඩ පැළිලා බඩවැල් ඔක්කොම එළියට ආවා.+ 19  ඒ සිද්ධිය ගැන යෙරුසලමේ ඉන්න හැමෝටම ආරංචි වුණා. ඒ නිසා ඒ පිට්ටනිය එයාලාගේ භාෂාවෙන් හැඳින්නුවේ අකෙල්දමා කියලා. ඒකේ තේරුම “ලේ පිට්ටනිය” කියන එකයි.) 20  ගීතාවලිය පොතේ ‘ඔහුගේ නවාතැන පාළු තැනක් වේවා! ඒකේ කිසි කෙනෙක් ජීවත් නොවේවා!’+ කියලත් ‘ඔහුට භාර දීලා තියෙන වගකීම* වෙන කෙනෙක්ට භාර දෙන්න’+ කියලත් ලියලා තියෙනවා. 21  ඒ නිසා අපි කරන්න ඕනෙ දෙයක් තියෙනවා. අපේ ස්වාමීන් වන යේසුස් අපි එක්ක සේවය කරපු කාලය පුරාම අපිත් එක්ක හිටිය අයගෙන් 22  කෙනෙක්ව අපි තෝරගන්න ඕනේ. ඒ කෙනා, යොහන් යේසුස්ව බව්තීස්ම කරපු දවසේ ඉඳන්+ යේසුස්ව ස්වර්ගයට ගත්ත දවස වෙන කල්ම+ අපි එක්ක හිටිය කෙනෙක් වෙන්න ඕනේ. යේසුස්ගේ නැවත නැඟිටීම ගැන අපිත් එක්ක සාක්ෂි දරන්න එයාටත් පුළුවන් වෙන්න ඕනේ.”+ 23  ඉතින් එයාලා, දෙන්නෙක්ගේ නම් යෝජනා කළා. එක් කෙනෙක් බාසබස් විදිහට හඳුන්වපු යෝසෙප්. එයාව ජස්ටස් විදිහටත් හැඳින්නුවා. අනිත් කෙනා මතියස්. 24  ඊටපස්සේ එයාලා මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා* දෙවියනි, හැමෝගෙම හිතේ තියෙන දේ දන්නේ ඔබයි.+ මේ දෙන්නාගෙන් ඔබ තෝරගෙන තියෙන කෙනාව අපිට පෙන්නන්න. 25  යූදස් තමන්ට ඕනෙ මඟේ ගිහින් නියෝජිතයෙක් වෙන්න ලැබුණ අවස්ථාවත් මේ සේවයත් අත්හැරියා.+ ඒ නිසා එයාගේ තැන ගන්න ඕනෙ කෙනාව අපිට පෙන්නන්න.” 26  ඉතින් එයාලා ඒ දෙන්නාගෙන් කෙනෙක්ව තෝරගන්න දාදු දැම්මා.+ දාදුව වැටුණේ මතියස්ට. ඒකෙන් පස්සේ එයාත් යේසුස්ගේ නියෝජිතයන් 11දෙනා එක්ක නියෝජිතයෙක් විදිහට සේවය කළා.*

පාදසටහන්

හෝ, “යවනු ලැබූ අයට.”
හෝ, “කාලය සහ කාල වකවානු.”
හෝ, “පොළොවේ දුර ඈත කෙළවර දක්වාත්.”
මූ.අ., “සබත් දවසකදී යන්න අවසර තිබුණ දුරකින්.”
මූ.අ., “එක හිතින්.”
ඒ කියන්නේ අනිත් අයව බලාගන්න දීලා තියෙන වගකීම.
උප. A5 බලන්න.
හෝ, “එයාවත් යේසුස්ගේ නියෝජිතයන්ගෙන් කෙනෙක් විදිහට ගණන් ගත්තා.”