යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා 12:1-25

  • යාකොබ්ව මරයි; පේතෘස්ව හිරේට දායි (1-5)

  • පේතෘස්ව ආශ්චර්යවත් විදිහට නිදහස් කරයි (6-19)

  • දේවදූතයෙක් හෙරොද්ට පහර දෙයි (20-25)

12  ඒ කාලේදීම වගේ හෙරොද් රජ, සභාවේ හිටපු සමහර අයට හිංසා පීඩා කරන්න පටන්ගත්තා.+  එයා යොහන්ගේ සහෝදරයා වුණ යාකොබ්ව+ කඩුවෙන් මරලා දැම්මා.+  ඒ ගැන යුදෙව්වන් ගොඩක් සතුටු වුණා කියලා දැක්කාම හෙරොද් පේතෘස්වත් අත්අඩංගුවට ගත්තා. (ඒක වුණේ මුහුන් නොදැමූ රොටි උත්සවය පවත්වපු කාලේදී.)+  එයා පේතෘස්ව අල්ලලා හිරේට දැම්මා.+ එයාට ඕනෙ වුණේ පේතෘස්ව පාස්කු උත්සවයෙන් පස්සේ සෙනඟ ඉස්සරහට ගේන්නයි.* එයාව මුර කරන්න, හේවායන් හතරදෙනා ගාණේ ඉන්න මුර කණ්ඩායම් හතරකට භාර දුන්නා. එයාලා මාරුවෙන් මාරුවට එයාව මුර කළා.  පේතෘස් හිරේ ඉද්දී සභාවේ අය අත්හරින්නේ නැතුව දිගටම එයා වෙනුවෙන් යාච්ඤා කළා.+  හෙරොද් පේතෘස්ව සෙනඟ ඉස්සරහට අරන් යන්න හිතාගෙන හිටපු දවසට කලින් දවසේ රෑ පේතෘස් හිරකුටියේ නිදාගෙන හිටියා. හේවායන් දෙන්නෙක් මැද හිටපු පේතෘස්ව දම්වැල් දෙකකින් බැඳලයි තිබුණේ. හිරගෙදර මුර කරන්න ඒකේ දොර ළඟ මුරකරුවොත් හිටියා.  එකපාරටම යෙහෝවාගේ* දූතයෙක් පේතෘස් ළඟ හිටගත්තා.+ හිරකුටිය පුරාම දීප්තිමත් එළියක් විහිදිලා ගියා. දේවදූතයා පේතෘස්ගේ ඉණට තට්ටුවක් දාලා “ඉක්මනින් නැඟිටින්න” කියලා එයාව ඇහැරෙව්වා. එතකොටම එයාගේ අත්වල තිබුණ දම්වැල් ගැලවිලා ගියා.+  “ඇඳුම් ඇඳගෙන පාවහන් දාගන්න” කියලා දේවදූතයා කිව්වාම එයා එහෙම කළා. ඊටපස්සේ දේවදූතයා කිව්වා “ඔයාගේ පිට වස්ත්‍රය දාගෙන මගේ පස්සේ එන්න” කියලා.  එයා එළියට ගිහින් දේවදූතයා පස්සේ ගියා. ඒත් ඒක ඇත්තටම වෙන දෙයක් කියලා එයාට තේරුණේ නැහැ. එයා දේවදූතයාව දකින්නේ දර්ශනයකින් කියලයි එයා හිතුවේ. 10  එයාලා පළවෙනි මුරපොළයි, දෙවෙනි මුරපොළයි පහු කරගෙන ගිහින් නුවරට යන යකඩ දොරටුව ළඟට ආවාම ඒක ඉබේම ඇරුණා. එතනින් පිට වෙලා එයාලා පාරකට ගියාම දේවදූතයා එකපාරටම පේන්නේ නැතුව ගියා. 11  මේක ඇත්තටම වෙන දෙයක් කියලා පේතෘස්ට තේරුණේ එතකොටයි. එයා මෙහෙම හිතුවා. “දැන් මට තේරෙනවා යෙහෝවා* මං වෙනුවෙන් ඔහුගේ දූතයෙක්ව එවලා හෙරොද්ගේ අතින් මාව බේරගත්තා කියලා. මට වෙයි කියලා යුදෙව්වන් හිතාගෙන හිටපු හැම දේකින්ම ඔහු මාව බේරගත්තා.”+ 12  පේතෘස්ට ඒක තේරුණාම එයා මරියාගේ ගෙදරට ගියා. මරියා කියන්නේ මාක්+ කියලත් හඳුන්වපු යොහන්ගේ අම්මා. ඒ වෙලාවේ මරියාගේ ගෙදරට හුඟදෙනෙක් ඇවිත් යාච්ඤා කරකරයි හිටියේ. 13  පේතෘස් ඒ ගෙදරට ඇතුල් වෙන තැන තියෙන දොරට තට්ටු කළාම ඒ කවුද කියලා බලන්න රෝදා කියන සේවිකාව එළියට ආවා. 14  පේතෘස්ගේ කටහඬ අඳුරගත්තාම එයාට දැනුණේ කියාගන්න බැරි තරම් සතුටක්. ඒ සතුට කොච්චරද කියනවා නම් එයා දොර අරින්නෙත් නැතුව ඇතුළට දුවගෙන ගිහින් පේතෘස් දොර ළඟ ඉන්නවා කියලා එතන හිටපු අයට කිව්වා. 15  ඒත් එයාලා කිව්වා “ඒක නම් වෙන්න බැහැ. ඔයාට පිස්සු” කියලා. හැබැයි එයා දිගටම කිව්වා ඒ ඇවිත් ඉන්නේ පේතෘස්මයි කියලා. “එහෙනම් ඒ පේතෘස් වෙනුවෙන් පෙනී ඉන්න දේවදූතයෙක් වෙන්න ඇති” කියලා එයාලා කිව්වා. 16  පේතෘස් දොර ළඟ ඉඳන් දිගටම තට්ටු කළා. දොර ඇරලා බලද්දී ඒ පේතෘස් කියලා දැක්කාම එයාලා පුදුම වුණා. 17  ඒත් එයා අතින් සංඥා කරලා පෙන්නුවා සද්ද කරන්න එපා කියලා. යෙහෝවා එයාව හිරෙන් නිදහස් කරපු විදිහ ගැන හැම විස්තරයක්ම කිව්වාට පස්සේ පේතෘස් එයාලට මෙහෙම කිව්වා. “මේ හැම දෙයක්ම යාකොබ්ටයි,+ අනිත් සහෝදරයන්ටයි කියන්න.” එහෙම කියලා එයා එතනින් වෙන තැනකට ගියා. 18  ඊළඟ දවසේ උදේ පේතෘස් නැහැ කියලා දැක්කාම හේවායන් හොඳටම කලබල වුණා. 19  පේතෘස්ව හොයාගන්න හෙරොද් ගොඩක් මහන්සි වුණත් වැඩක් වුණේ නැහැ. ඉතින් හෙරොද් මුරකරුවන්ට එන්න කියලා එයාලාගෙන් එක දිගට ප්‍රශ්න කරලා එයාලට දඬුවම් කරන්න කියලා නියෝග කළා.+ ඊටපස්සේ එයා යුදයේ ඉඳන් සිසේරියට ගිහින් ටික කාලයක් එහේ නැවතිලා හිටියා. 20  ඒ කාලේදී හෙරොද්, තීර් සහ සීදොන්වල වැසියන් එක්ක හිටියේ හරිම කේන්තියෙන්.* ඉතින් ඒ නගරවල අය එකා වගේ ඇවිත් රජගේ මාලිගාවේ වැඩ* භාරව හිටපු බ්ලස්ටස්ව හම්බ වෙලා එයාලට උදව් කරන්න එයාව කැමති කරවගත්තා. බ්ලස්ටස් මාර්ගයෙන් එයාලා රජගෙන් ඉල්ලීමක් කළා එයාලා එක්ක සමාදාන වෙන්න කියලා. මොකද එයාලාගේ නගරවලට ආහාර ලැබුණේ හෙරොද් රජගේ දේශයෙන්. 21  විශේෂ දවසකදී හෙරොද්, රාජකීය ඇඳුම්වලින් සැරසිලා විනිශ්චයාසනයේ ඉඳගෙන සෙනඟ ඉස්සරහා දේශනයක් දුන්නා. 22  එතකොට එතන හිටපු සෙනඟ “මේ නම් මිනිසෙක්ගේ කටහඬක් වෙන්න බැහැ. මේක දෙවි කෙනෙක්ගෙම කටහඬක් වෙන්න ඕනෙ” කියලා කිව්වා. 23  ඒ වෙලාවෙම යෙහෝවාගේ* දූතයා හෙරොද්ට පහර දුන්නා. ඒ නිසා එයාගේ ඇඟ පුරාම පණුවෝ ගහලා අන්තිමේදී එයා මැරුණා. එහෙම වුණේ එයා දෙවියන්ට ගෞරවය දුන්නේ නැති නිසයි. 24  ඒත් යෙහෝවා* දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරිලා අනුගාමිකයන්ගේ ගාණ තව තවත් වැඩි වුණා.+ 25  බානබස්+ සහ සාවුල් යෙරුසලමේ හිටිය අයට සහනාධාර බෙදලා දුන්නාට පස්සේ+ ආයෙත් අන්තියෝකියට ගියා. එයාලා යද්දී මාක් කියලත් හඳුන්වපු යොහන්වත්+ එක්කගෙන ගියා.

පාදසටහන්

හෝ, “සෙනඟ ඉස්සරහා නඩු විභාගයකට යොමු කරන්නයි.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
හෝ, “එක්ක යුද්ධ කරන්න බලාගෙනයි හිටියේ.”
මූ.අ., “රජගේ නිදන කාමරය.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.